- කාලීන
- الزيارات: 1985
හඬක් නැති බසක් ලැබුණේ මෙහෙමයි.
මානව පරිණාම ඉතිහාසය තුළ මිනිසා පරිසරයට අනුගත වෙමින් පරිසරයේ ඇති තමා දකින, තමාට දැනෙන වස්තූන් දෑත් හා අනෙකුත් ශරීරාංග උපයෝගී කොට ගෙන ඉදිරිපත් කිරීමට පටන් ගත් දා පටන් අද දක්වාම මුළු මහත් මිනිස් වර්ගයාටම සංඥා දැක්වීමේ සංකල්පය බෙහෙවින් සමීප සන්නිවේදන මාධ්‍යකි. අද වන විට අප කෙතරම් භාෂණ හැකියාවෙන් යුක්ත පුද්ගලයන් වුවත් සන්නිවේදනයෙහිලා සංඥා භාවිතා කරන අවස්ථා බොහෝ පවතී. නමුත් සංඥා භාෂාව වනාහී භාෂාවක් වශයෙන් අද වන විට සන්නිවේදන දුබලතා සහිත විශේෂයෙන්ම ශ්‍රව්‍යාබාධිත, බිහිරි ප්‍රජාව විසින් භාවිත කරනු ලබන ප්‍රධානතම විකල්ප සන්නිවේදන මාධ්‍යක් බවට පත්ව තිබේ.



