- කාලීන
- الزيارات: 6661
කාන්තා දිනය අදයි…
කාන්තාව යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංකේතයයි. ගැහැණු දරුවෙකු ලෙස මෙලොව එළිය දුටු දිනයේ සිටම කාන්තාවන් විසින් විඳ දරා ගන්නා දෑ ඔබට අමුතුවෙන් පෙන්වා දීමට අවශ්‍ය නැත. එම කාන්තාවට සමාජයේ හිමි විය යුතු ගෞරවය එලෙසම ලබා දෙන බහුතරයක් දෙනා අතරේ එසේ නොකරන සුළුතරයක් අප අතරේ නැතුවාම නොවේ. විශේෂයෙන් මෙහිදී ඔබ ගෞරවය යන්න වරදවා නිර්වචනය කර නොගත යුතුයි.කාන්තාවට හිමි විය යුතු ගෞරවය යනු දුටු තැන අචාර කිරීමක්, අසුනෙන් නැගිටීමක් හෝ හිස නැමීමක් නොවන බව ඔබ හොඳින් වටහා ගත යුතු වේ. සමාජයේ පුරුෂ පාර්ශවයට හිමි සම ස්ථානය හා අයිතිවාසිකම් කාන්තාවටද ලබා දීම ඇයට හිමි විය යුතු ගෞරවයයි.