මුරුගසන් වැස්ස
- කවි
- Hits: 6857

හදගින්න අවුලුවන හිතේ ගැඹුරුම තැනක
සිහිවෙන්න නුඹෙ මතක තිබුණා හිත් කොනක
මුරුගසන් වරුසා ඇද හැලී අහසේ
සෝ දුකින් තැවී හිත හැඬුවේම රහසේ
සිහිල් පවනින් හමා ගිය ද ඒ වැස්සේ
මගේ හිත සෝ ගින්නෙන් දැවී යයි පහසේ
මැදියමේ නෙත් කෙවෙනි කඳුළින්ම බරවී
හැඬවුමේ රාවයක් නැත එහෙත් නිමවී
රිදවුමේ කාලයක් නැත කිසිත් නොගෙවී
නැවතුමේ ආලයක් හඬයි ඉකි බිඳ තනිවී
රවීනා අනුපමා
ප්රථම වසර
සමාජීය විද්යා පීඨය
07 September 2022
මගේ පැල්පත
06 June 2023
ආදරණිය නොරිකො
20 March 2023
ප්රේමයෙ රහ බලා හිඳිමි..
13 September 2022
කාලෙකට පස්සේ අද …
03 August 2023
මරණය
28 December 2022
We all need someone........
20 June 2022
මගෙන් මටම


