වියරු වී ගිය තාරුණ්යය
- කවි
- Hits: 6997

වියරු වී ගිය තාරුණ්යයට
අනූව දශකයේ උපන්
මා වෙතින්..........
නොම කරන්
ඔහොම කෝලං
බලං බැරි තැන
අහක බලපං
කෝ උඹලගේ
නිදහස
කෝ උඹලගේ
මදහස
ළමා මනසේ
ඇති අදහස
නැති නිසා
නොවෙද මේ
වෙන විනාස
අම්මා අප්පා
හඳුනගන්නේ
නැහැ
අයියා අක්කා
ගැන දන්නේම නැහැ
බලාපන් උඹලගේ
නාඩගමේ අරුමේ
කෙලිදෙලෙන් ගත කරපු
දොල දියේ දඟ දමපු
ළමා හිත් පොඩිති ගී ගයපු
කෝ උඹලගේ ඒ නිදහස වියපු
කොටන වා දෙස බල බලා හිනා වී
ටික් ටොකය පෝනයේ ඇත මුලාවී
බියක් ලැජ්ජා නැතය වැඩිහිටි ඉදිරියේ දණ නොනමාවී
කෝ තිබුණු දැන් ළමා කාලේ උඹලගේ දැන් එය නිමාවී ..........
එස්.එන්.ආර්.අනුපමා
පළමු වසර
සමාජීය විද්යා පීඨය
18 April 2023
පා සළඹ...
10 August 2022
සුදු අරලිය සොහොන
06 October 2022
ගන්දබ්බයෙක් විය මා...
07 September 2022
කැලණි හඳ
20 March 2023
රන් මුදුව ගැළවෙද්දි...
16 August 2022
කවකටුව සහ පැන්සල
07 September 2022
ඇය!


