Image
Meta ආයතනයේ Facebook, Instagram, Whatsapp අතරට එක් වූ නවතම යෙදවුමක් වශයෙන් Threads හඳුන්වා දිය හැකිය. වැඩිම  පරිශීලකයන් ප්‍රමාණයක් පසුකර ඇති මෙම Threads යෙදවුම ලෝකයක් කතා කිරීමට පටන් ගත් මාතෘකාවක් විය.
Threads  යෙදවුම මඟින් පරිශීලකයන් හට ඡායාරූප සහ වීඩීයෝ පළ කිරීමට, බෙදා ගැනීමට, නැවත පළ කිරීමට මෙන්ම වෙනත් පරිශීලකයන්ගේ පළ කිරීම් සමඟ අන්තර්ක්‍රියා කිරීමටද හැකිවේ. Meta යෙදවුමක වන Instagram සමඟ සම්බන්ධ කිරීමට ලින්ක්ඩ් හැකියාව මෙහි පවතින අතර  පරිශීලකයන් හට Instagram ගිණුමක් තිබීම සහ ඒ හරහා Threads හා භාවිතා කිරීමට හැකි වේ.
Threads ක්‍රියාකාරීත්වය Twitter  හා සමාන වන අතර එය Twitter Killer ලෙසද හඳුන්වයි. Threads යෙදවුම iOS සහ Android හරහා ලබාගත හැකි වන අතර වෙබ් තුළ ක්‍රියාත්මක වීම සීමිත වේ. භාෂා 31 කින් සමන්විත වන නමුත් Twitter අභියෝග කිරිමට Threads නිර්මාණය කර තිබේ.
2019 ඔක්තෝබර් මස  Android සහ iOS  හරහා ලබා ගත හැකි වන අයුරින් වෙනම යෙදවුමක් වශයෙන් Instagram හරහා Threads හඳුන්වා දෙන ලදි. Snapchat හී ක්‍රියාකාරිත්වයට සමාන වන ආකාරයේ පණිව්ඩ යැවීම, වීඩියෝ චැට් යනාදී ලෙස පරිශීලකයන්ට ඉඩ ලැබිණි. දෙසැම්බ‍ර් මාසයේදී එය නවතා දමන ලදී. මේ අතර කාලයේදී Elon Musk විසින් Twitter අත්පත් කර ගැනීමත් සමග එහි වෙනස්කම් රාශියක් සිදු කරයි. එනම් Twitter හී නිල් හරිය නැතහොත් Twitter verification  සඳහා නමට යාබදව ලැබෙන නිල් හරිය, නව අයිතිකරු සිදු කර ඇති වෙනස්කම් නිසාවෙන් මසකට ඩොලර් 8 ගෙවා පරිශීලකයකුට ලබා ගැනීමේ හැකියාව පවති. එලෙසම subscription ලබාගෙන ඇති ප‍රිශීලකයා සහ සාමාන්‍ය පරිශීලකයා හට ලැබෙන  features ද වෙනස්ය. දවසකට සාමාන්‍ය පරිශීලකයෙකුට tweets 600 කට වඩා කියවීමට හැකියාව ඉවත් වීමත් subscription ලබාගෙන ඇති ප‍රිශීලක‍යා  හට 600 කට වඩා කියවීමේ පහසුකම අත්විඳී. මේ වෙනස්කම් හේතුවෙන් පරිශිලකයන් විකල්ප යෙදවුම් වන  Mastodon, Tumblr, සහ Hive Social වෙත යොමු විය.
Image
2022 නොවැම්බර් වනවිට Meta ආයතනයේ සේවකයන් විසින් text මුලිකව සහ Instagram යෙදුම හරහාද වැඩි දියුණු කිරීමට අදහස් කර තිබුණද, නමුත් වෙනම යෙදවුමක් වශයෙන් නිර්මාණය කිරීමට සාකච්ඡා කළහ. 2023 ජනවාරී මස වනවිට මෙම Threads යෙදවුම වැඩි දියුණු කිරීම ආරම්භ වූ අතර එය මුල් කාලයේ "P92" නැතහොත් "Project 92" ලෙස නම් විය. 
Threads දිනක් ඇතුළත මිලියන 30 ක පරිශීලකයන් ලබාගත් අතර එතෙක් ChatGPT විසින් පිහිටුවා තිබූ වාර්තාව අභිබවා යයි. Twitter සමාජ මාධ්‍ය වෙනුවට විකල්ප යෙදුමක් වශයෙන් Meta ආයතනය විසින් හඳුන්වා දුන් Threads යෙදවුම නිකුත් කල දිනයෙහි Twitter විසින් එහි බුද්ධිමය දේපළ අයිතිවාසකම් උල්ලංඝණය කරන බවට පවසමින් එයට නීතිමය වශයෙන් පියවර ගන්නා බවට චෝදනාවක්ද නිකුත් කරන ලදි.
 
මහීෂා සිල්වා
විශේෂවේදි තෙවන වසර
ජන සන්නිවේදන අධ්‍යනාංශය
සමාජීය විද්‍යා පිඨය
කැලණිය විශ්වවිද්‍යාලය