ප්‍රේමයේ මුළාව
- කවි
- Hits: 35
මා පිය තක්සලාවේ
උපන් හපනෙක් වේ
ශිල්පයෙන් වීරකම් පෑ
නමින් ඔහු මනමේ
තක්සලාවේ ඇදුරුතුමගේ
ලස්සනම දූ කුමරි වේ
මනමෙ කුමරිගෙ අතින් අතගත්
මමයි දියණිය කුමරි මනමේ
මව්පිය ප්‍රේමයෙන් - පිටමංව එදා දවසේ
මනමේ හා කෙළිදෙලෙන්
මාළිගාවට පිටත් වූවේ
වනය යන අතරමග - පැටලුණ ප්‍රේමය
මුණගැසුන වැද්දාට - ලියා දුන්නා හදවතම
වනේ වැද්දාට ප්‍රේමයෙන් මා
මනමෙ කුමරුන් නැති කෙරෙව්වේ
මාල රන් අභරණ විතර ද
හදවත් ද හොරකම් කෙරුවේ
මා සෙවූ ප්‍රේමයේ සායම්
ගංතෙරේ ඔහු පා කෙරෙව්වේ
අහෝ දෙයියනි රැවටුණා මම
ප්‍රේමයෙන් ඇස් අන්ද කෙරුවේ…
එස්. පී. ප්‍රදීපා සංදීපනි ගුණරත්න
දර්ශන අධ්‍යයනාංශය
සමාජ විද්‍යා පීඨය