තව නොදුටු කිරි සිහිනේ
- කවි
- Hits: 5112

දෙරණ නාග කදුළින් පුද
අසිරි පෑව පතිනි බලේ
දරණ සීල තෙද අනුහස
වැඩ හිදිමින් අදුන් ගිරේ
භාර වෙමින් පතිනි නමට
සාර පඩුරු පුද කෙරුවේ
දාර සෙනෙහෙ ලැබ ගැනුමට
පාර කිමද දුර වූයේ
වරිග රැහේ දොස් අවමන්
දස මසටත් වැඩිය දරා
විදින නේත දුක් දොම්නස්
දෙව් නෙතටත් වහන් වෙලා
ගතේ රුහිරු කිරට හලා
සෙනෙහස කිරි කර පොවන්න
හදේ සෙනෙහෙ මව් වන්නට
සිව් දෙවියනි වරම් දෙන්න
ඉමේෂා සමරසිංහ
තෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජ විද්‍යාපීඨය
03 August 2023
වියරු වී ගිය තාරුණ්‍යය
13 November 2022
සරසවි ප්‍රේමය
16 August 2022
පැන්සල
08 May 2025
ප්‍රේමයේ මුළාව
08 May 2025
නුහුරු පෙමක වස් කවි
08 May 2025
අප්පච්චි…
13 November 2022
වෙමි නුඹේ වැරදිකරු..


