රන් මුදුව ගැළවෙද්දි...
- කවි
- Hits: 5462

ලෝකයක් එක්ක මං නුඹ හින්දා පැටලෙද්දි
ආදරේ ශක්තියක් හිත පුරා පැතිරෙද්දි
පවුලේ උන් උදවියත් අකැමැත්ත පවසද්දි
නුඹ එක්ක ගෙට වුණේ ස්නේහෙ නුඹෙ වැඩි වෙද්දි
නුඹෙ ලෝකේ අහිංසක සුර දෙව්දු මම වෙද්දි
ආදරේ සුවද අපෙ හිත් වලට තැවරෙද්දි
පණට පණ දෙන්නෙමැයි ඇස් වලින් කිය වෙද්දි
හීන කදු පොදි බැදන් අහස් මග පිර වෙද්දි
කාගෙදෝ ඇස් වහක් වැදී අප විසිරෙද්දි
බත් කටක් ඉදුණමුත් රණ්ඩු තව වැඩි වෙද්දි
අපහාස නින්දාව රෑ දවල් එළි වෙද්දි
පන්සලක පල්ලියක පඩුරු අත සිර වෙද්දි
කිරි සිහින දුර නිසා කූඩුවක නග්ගද්දි
පෝරුවේ දුටු නුඹේ සිනා මට සිහි වෙද්දි
කදුළු මගෙ ඇස් වලින් වැටි වැටී බොද වෙද්දි
ඉවත ගිය නුඹෙ දෑස් ළග හිතම රිද වෙද්දි
කූඩුවෙන් බැස්සා මං රන් මුදුව ගැලවෙද්දි
ලෝකයක් ඉදිරියේ වද ගෑනි මම වෙද්දි
අලුත් මනමාලියක් නුඹෙ අතේ එල්ලෙද්දි
දෙපා පොඩි එසෙව්වෙමි හුස්ම මගෙ හිර වෙද්දි
W.නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු
ප්‍රථම වසර 2020
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය
26 September 2022
තව නොදුටු කිරි සිහිනේ
18 April 2023
Create
11 October 2022
සෙනෙහස...
06 June 2023
ආදරණිය නොරිකො
13 November 2022
සරසවි ප්රේමය
18 April 2023
පා සළඹ...
17 January 2022
පිරිමැදුම්


