Image
වර්තමාන උපකාරක පන්ති නොහොත් ටියුෂන් පන්ති කලාවක් බවට පත්ව ඇත. පාසල් පද්ධතිය තුළ දරුවා නිසි අධ්‍යාපනයකින්  පෝෂණය වනවා නම් ටියුෂන් අධ්‍යාපනය අවශ්‍ය වන්නේ  නැත. ටියුෂන්  අධ්‍යාපනය තුළින් දරුවාට කිසියම් දැනුමක් ලැබුණද  වර්තමාන ටියුෂන් අධ්‍යාපනය මුදලට පමණක් සීමා වූ ටියුෂන් කඩ වැනිය.ඔවුන්ගේ පරමාර්ථය  දැයේ දරුවන්ගේ අභිවෘද්ධිය  පිණිස අධ්‍යාපනය ලබා දීමම නොව ඔවුනවුන්ගේ උවමනා සහ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා මූල්‍යමය පැතිකඩ තරකර ගැනීම ය.  වර්තමාන ටියුෂන් ක්ෂේත්රය තුළ  උගත් නූගත් ඕනෑම මිනිසෙකුට  ගුරුවරයෙකු ලෙස පෙනී සිටීමේ ඉඩකඩ පවතී. එහෙයින් නිසි ආකාරයේ  අධ්‍යාපනයක් ලැබීමට නම් නියමිත අධ්‍යාපන සුදුසුකම්වලින් මුදලටම පමණක් නොව දරුවන්ගේ මානුෂීය පැතිකඩයන් ඔස්සේ සොයා බලන නිසි ටියුෂන් ගුරුවරයා තෝරාගැනීම දරුවන් වන අප සතු කාර්යයකි.
එමෙන්ම මෙන්ම වර්තමාන ටියුෂන් පන්ති අතර පවතිනුයේ දැනුම අතර තරඟකාරීත්වයක් නොව ජනප්‍රියතාවය මූුලික කොට ගනිමින් අනෙක් පන්තීන් අභිබවා තම ආයතනයට සිසුන් ඇදගැනීමේ අරගලයකි. බුද්ධියෙන් යුතු ගුරුවරයාට බාහිර ආටෝප අවශ්‍ය නැත. ඔහු කරා දරුවෝ ඉබේම ඇදී එති. නමුත් බුද්ධියෙන් තොර පුහු ආකල්පයන්ගෙන් යුත් ගුරුවරයා වෙහෙස දරන්නේ අත්පත්‍රිකා, දැන්වීම්, වර්ණ නිබන්ධන යනාදිය මූලික කොට ගනිමින් මවාපෑමක් ඔස්සේ දරුවා ඇද ගැනීමට ය. එමෙන්ම මෙම තරගකාරී අධ්‍යාපන රටාව තුළ විවිධ වූ අදහස් දරන්නන් ඉන්නා සමාජයක නිවැරදි ටියුෂන් අධ්‍යාපනය තෝරා බේරා ගැනීම්ට දරුවා බුද්ධිමත් විය යුතුය. එමෙන්ම විලාසිතාවන්ගෙන් ආරූඪ වුණු රංගනයකට සූදානම් වන රැඟුම්කරුවන් මෙන් විලාසිතාවන්ට මූලිකත්වය දෙමින් ටියුෂන් යාමට දරුවා පෙළඹී ඇත. එමෙන්ම අතීතයේ රජවරු මිත්‍ර  සබඳතා ඔස්සේ තම බල සීමාව  විශාල කර ගැනීමට  යටි අරමුණ ඔස්සේ කටයුතු කරන්නා සේම වර්තමානයේ ටියුෂන් ගුරුවරයා ද ඉතා  සුහදශීලී මිත්‍ර සබඳතා මඟින් තමා බබළවා ගැනීමට උත්සාහ දරති. 
Image
පාසල කිසිමවිටක ටියුෂන් කඩයකට සමාන කළ නොහැක  .ඒ මන්ද යත් අධ්‍යාපනයම පමණක් නොව ගුණ නැණ බෙලෙන් යුතු පිරිසක් සංවේදී හදවතක් ඇති දරුවකු නිර්මාණය වීමේ මූලික අඩිතාලම ගොඩනැගෙන්නෙ පාසල යන උතුම් විදුබිම නිසාය. එනමුත් ටියුෂන් අධ්‍යාපනය ලැබීමට යහමට කිසිවෙකුට එපා කීමට අපට නොහැකිය. නමුත් දරුවන් වන අප ටියුෂන් ගුරුවරයා ගේ  රූපය යාන වාහන, ගේ දොර යනාදී බාහිර ආටෝපයන් ට නොරැවටී දරුවන්ට නිසිආකාර අධ්‍යාපනයක් ලබාදීමට නිසිආකාර අධ්‍යාපනයක් ලබාදීමට සුදුස්සෙක් දැයි පරික්ෂා කොට ඒ වෙත යොමුවීමට  දැන ගත යුතුය. එමෙන්ම තියුණු බුද්ධියකින් යුතු දරුවන් පවා අපරික්ෂාකාරී ලෙස රැල්ලට ටියුෂන් පන්ති  කරා ගොස් වැරදි දුරාචාරයන්ට පෙළඹී තම ජීවිතය පවා වරදවා ගන්නා අවස්ථා අද සමාජයේ ඉතා ඉහළ ය.
රටේ ඉදිරි අනාගතය භාර ගැනීමට සිටින දරුවන්ගේ මනසට වැරදි ආකල්පයක් කා වැදුණු විට ඒවා උදුරා දැමීමට අපහසු ය. එමෙන්ම දමෙන්ම දෙමව්පියන්ට දරුවන් පිළිබඳව සැමවිටම විමසිල්ලෙන් සිටිය යුතුය .එනම් දරුවන් දකින දේ ඒ අයුරින් ම නිවැරදි ඇය පිළිගැනීමට පෙලඹෙති. එහෙයින් දරුවන් ටියුෂන් යනවා යැයි පවසමින් ලබන්නාවූ අධ්‍යාපනය පිළිබඳ නිතර නිතර විමසිලිමත් විය යුතුය. එමෙන්ම ටියුෂන් ගුරුවරුන් පවා දරුවන් වැරදි දේවල් වලට පොළඹවා ගැනීමට  පෙලඹෙති.  එහෙයින් විශේෂයෙන් දෙමාපියන් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි .කුඩා දරුවන් සැබැවින්ම මල් කැකුළු වැනි ය. එහෙයින් ඔවුන්ගේ දිවි මඟ සරුකර ගැනීමේදී තම දරුවා යොමු කර ගන්නා සෑම දෙයකදීම වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. පාසල්   ගුරුවරයා ද දරුවාව ඒ ඒ විෂයයන් කෙරෙහි දැඩි ලෙස ග්‍රහණය කර ගනිමින් සැමවිටම දරුවාව අරමුණු කරා ගෙන යාමට පිටුවහලක් වන්නේ නම් ටියුෂන් යාමට ද දරුවන් තුළ රුචියක් හටගන්නේ නැත. ඒ අනුව තමන්ට හැකි සෑම විටම දක්ෂ අදක්ෂ භේදයකින් තොරව දරුවන් වර්ග නොකර සෑම දරුවකුම අප රටේ අනාගතය භාර ගැනීමට සිටින මුතුකැට යැයි සිතා නිතර නිතර අභ්‍යාසයන්හි යොදවමින් ඉගැන්වීම් සිදු කරන්නේ නම්, මැනවි. එමෙන්ම මුදලට සීමා වූ ටියුෂන් අධ්‍යාපනයට වඩා නිදහස් අධ්‍යාපනයේ වටිනාකම වටහා ගනිමින් තම දිවි මඟ සරු කර ගැනීමට දරුවන් වන අප වග බලා ගත යුතුය.
මලීශා සෙව්වන්දීපනී