මගේ කවියක් ගානෙම
- කවි
- Hits: 5206

මං දන්නවා උඹ නවතිනවා
මගේ කවි වල එකම එක පේළියක
ඒ අස්සේ හැම කවියකම
උඹ හොයනවා එක ම එක වවනයක්
බොරු නම් නැවතිලා
ආයේ උඹෙන් ම අහපන්
ඒ " හුස්ම" නේද
ඉදින් අකුරු තුන දැක්ක හැටියේ
උඹ ලොකු හුස්මකින්
පපුව පුරෝගන්නවා නේද
ඔව් ! උඹ නොදත්තාට
මාත් ලොකු හුස්මකින්
පපුව පුරෝගන්නවා
ආයේ උඹේ ගැන කවියක් ලියන්න.
ඉදින් නොදැක්කට හැමදාම
මගේ කවියක් ගානෙම
උඹ මාව දකිනවා
අපි අපිට පෙනෙනවා නේද
නවෝදා දෙව්මිණි ප්රනාන්දු
ප්රථම වසර
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්යන පීඨය
20 March 2023
මංජුසාව
09 January 2023
කැලණි කන්ද
09 January 2023
කලු කුමාරයා
10 August 2022
වලාකුළු කතා කරයි
07 September 2022
මගේ සඳ
03 August 2022
නුඹ නොදත් ඈ
03 August 2022
අමදිනි


