තව නොදුටු කිරි සිහිනේ
- කවි
- Hits: 5171

දෙරණ නාග කදුළින් පුද
අසිරි පෑව පතිනි බලේ
දරණ සීල තෙද අනුහස
වැඩ හිදිමින් අදුන් ගිරේ
භාර වෙමින් පතිනි නමට
සාර පඩුරු පුද කෙරුවේ
දාර සෙනෙහෙ ලැබ ගැනුමට
පාර කිමද දුර වූයේ
වරිග රැහේ දොස් අවමන්
දස මසටත් වැඩිය දරා
විදින නේත දුක් දොම්නස්
දෙව් නෙතටත් වහන් වෙලා
ගතේ රුහිරු කිරට හලා
සෙනෙහස කිරි කර පොවන්න
හදේ සෙනෙහෙ මව් වන්නට
සිව් දෙවියනි වරම් දෙන්න
ඉමේෂා සමරසිංහ
තෙවන වසර
ජනසන්නිවේදන අධ්යයන අංශය
සමාජ විද්යාපීඨය
15 May 2023
කුවේණියේ
06 June 2023
කෙල්ලෙක් හින්දා
03 August 2022
සුළඟ හා මුසුවෙමි
11 October 2022
ආදරණීය සරසවිය
27 July 2022
අරගලයේ කනිසම
11 October 2022
සෙනෙහස...
21 February 2022
මං


