ජීවිතය
- කවි
- Hits: 7580

අපූරු ගෙත්තමක්
හැඩ වූ රටාවක්
වාර අනන්තයක්
ඇමුණූ කලාවක්
බැරි තැන ලිහුමක්
පැටලුනු මුලාවක්
යළි පට නූලක්
ගෙන තව ඇරඹුමක්
ගොතයි යොදා විරියක්
ලංව අවසානයක්
නොදැනිම නිමාවක්
නවතී එම ගෙතුමත්
දුටුවන් එහි හැඩයක්
කරයි ගුණ වරුණත්
ලස්සන සිතුවමක්
ලෙසින් එය පෙර දත්
දිස්වෙයි තව මොහොතක්
සිත්තම් තව රැසක්
ගෙත්තම් වන වෙලාවක්
තුළ වියැකුණු සිත්තමක්
පෑගුණි දහස්වරක්
නොදැනිම පයටත්
නිම් නොවූ ගෙත්තමක්
එයත්…
මියැදුණු සිත්තමක්
උදාරා අතුකෝරල
විශේෂවේදී දෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය
04 July 2022
මං කවියක්
20 March 2023
මංජුසාව
26 September 2022
මගේ කවියක් ගානෙම
16 August 2022
බිඳුම් විඳිනෙමි ….
30 August 2022
පහන් සිළ
04 July 2022
සරසවි තනිකම
28 December 2022
බලාපොරොත්තුව


