සිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ..
- කවි
- Hits: 7771

ගැට ගැසූවෙමි මා තදින්
නොසෙල්විය හැකි සේ
නමුදු දුර ඈතකට
පිය මැනින බව දැනුණි
ඉතිං කුමට ද යදම්
ලිහා හලෙමි සියලු බැමි
දුටුවෙමි දුර ඈතකින්
නිදහසේ ඉපිළෙනා රුවක්
නොදැනීම සුසුම් ලෑ නමුදු
උස්මක් ගතිමි මා
නිදහසේ....
සන්සුන්ව....
කේ. ඒ. උපේක්ෂි රංජනා ප්‍රනාන්දු,
සංවර්ධන අධ්‍යන ශාස්ත්‍රවේදී (ගෞරව) තෙවන වසර,
භූගෝල විද්‍යා අධ්‍යන අංශය,
කැලණිය විශ්වවිද්‍යාය.
18 April 2023
හිත් පොඩ්ඩ....
25 October 2022
ඇටසැකිල්ල
09 January 2023
අකීකරු සිතිවිලි
16 August 2022
කාලය
25 October 2022
ගෙවී ගිය කොහුමිට
15 May 2023
සයුරෙන් එතෙර කහවණු
15 November 2022
මල්වර නැකත


