ප්‍රේමය !
- කවි
- Hits: 9509

පුද දිය යුත්තක් මිස...
නැවත පෙරළා ඉල්ලිය යුත්තක් නොව....
කරුණාවේ සෙනෙහසේ උත්කෘෂ්ට පරිත්‍යාගයක් මිස...
වෛරයේ සංකේතයක් නොව සැබෑ ප්‍රේමය පෙම් එය වූ කලී නම්....
සසරින් සසරට බැඳීමකින් හමුවූ
සංසාරගත පවුරු වලල්ලේ තවත් එක් මග නැවතුමක් මිස...
හමුවීම නැවත වෙන්වීමද ප්‍රේමය විය හැකිය.
අත්පත් කර ගැනීම පමණක් නොව සැබෑ ප්‍රේමය වූ කලී නම්..
නොලැබෙන දේ අත්හැරීම ද ප්‍රේමයයි ....
නමුදු දුර හිඳ බලා හිඳ සැනසීමට සැබෑ ප්‍රේමයයි .
සසරින් සසරට සංසාර මග නැවතුම්පොලන් එකිනෙකාට එතෙර වන්නට මග කියන ,සොඳුරු ඉසව්ව සැබෑ ප්‍රේමයයි .
එතෙර ඉමක් නොවන
දෙතැනක දෙහදක් අහම්බෙන් හමු වූ අව්‍යාජ බැඳීමක ශක්තිමත් යදමකි.
සැබෑ ප්‍රේමය වූ කලී නම්....
පී.එස් .නේෂලා
මනෝ විද්‍යා විශේෂවේදී දෙවන වසර
දර්ශන අධ්‍යන අංශය
කලා පීඨය
07 September 2022
සීගිරි ළදුන්..
30 August 2022
අතීතයේ මතක
23 September 2022
තනිකම
18 July 2022
Horror Awakening
28 December 2022
ප්‍රේමය !
06 October 2022
රතු සහ ගැහැණිය
10 October 2023
ආයෙමත් ආදරයෙන්


