ප්‍රේමයෙ රහ බලා හිඳිමි..
- කවි
- Hits: 6032

දුටුව සැම අත මා අවට
අතේ පැටලුණු හිත් යාවට
ගතේ ඇතිල්ලී යන ලෙසට
විය ජෝඩු ආලයේ රහට
නැහැය කොනිත්තන අටියෙන්
අතගෑ හිසම සිඹ සිඹ සනසමින්
කවා බත් දෙකටක් අතින් අත මාරුවෙන්
විඳී මම අන් අයගේ ප්‍රේමයෙ හැඩ මෙලෙසින්
හුදෙලාවක ගිලී හුන් මම
ප්‍රේමයේ රහ දුටූවේ
ප්රාතිහාරෙක නවාතැන් ගත් නොවන බවකි තේරුණේ
ආටෝපයක ගිලී ගිය ප්‍රේමයක් පමණි මා දුටූවේ
සත්‍යයේ ප්‍රේමයේ රහ තැන මහිත කොණකම ගිලී තිබුණේ
රහේ කිලුටක් නැතිවේවි ආලයේ රස බර කතා අතරේ
පෑහේ යළි යළි නොවී කල් ගිය කේක් පුසුඹේ සෙයක් කාගේ
නැහේ විඳිනා විඳවනා හිත් නිදහසක් ඒ සමඟින්ම මිතුරේ
මහේ හැම ආලයක් කෙළවර දීගයක් වේවා මා පැතූවේ..
සමාජයීය විද්‍යා පීඨය
පළමු වසර
එස්.එන්.රවීනා අනුපමා
18 July 2022
Horror Awakening
06 October 2022
මගේ කඳුළු
13 September 2022
කාලෙකට පස්සේ අද …
06 June 2023
කලු හමට මම
03 August 2023
වියරු වී ගිය තාරුණ්‍යය
03 August 2022
අප්පච්චි
04 July 2022
සරසවි තනිකම


