පියෙකුගේ අවසන් කැමැත්ත
- කවි
- Hits: 5989

සතර වියැති පොඩි පුතු හට මෙය කෙසේ නම් පවසනු හැකිද
හයහතර නොදත් කිරිකැටියාගේ ලදළු සිතට මෙය උහුලා ගත හැකිද
වීරයෙකු වුවක් පුතුනි නුබේ පියා නුබේ සුරලොව ඉදිරිපිට
පත්වුනෙමි අද දරුණු අපරාධකරුවෙක් මනුලොවක් ඉදිරිපිට
දෙනෝදහක් නරන් අමු අමුවේ ඝාතනය කළෙම් මා අතින් එදා
අසහනයට නොව නුබ සහනයට පුතුනි මා මිනිමරුවෙකි වූනෙම් මෙදා
දහසක් නොසරුප් චෝදනා බැනුම්වැසි ඇසුනෙමි දෙසවන් පුරා
අලුගෝසුවන්ගේ අතට බාර දුන්නෙමි අද මා එල්ලුම් ගසක් කරා
මහිස ආවරණය කොට රැගෙන ආවෙමි සසර නමැති කටෝර කතරකට
නුබේ අවසන් කැමැත්ත කිමෙක්දැයි කියා ඇසුණෙමි දරදඬු හඬක් දෙසවනට
පුරා වසර ගණනාවක් කිමිදුණු සිහිනයක් විත් එකවර නැවතුණි සිත් කොනට
තිරිංග නැති සයිකලයක් මෙන් බුර බුරා පිටවිය එය මුවඟින් හනිකට
දෙනුවන් වන් පුංචි පුතුගේ සුපහස විදගැනීම
මාගේ අවසන් කැමැත්ත විය
”මිනිත්තු පහයි!”
ජීවිතයේ තීරණාත්මක හා වටිනාත්මක කාලය ද එය විය
ළපටි කිරිකැටියා හට පිය සෙනෙහස විදගැනීම එසේ මිනිත්තු පහකට සීමා විය
පුතුගේ සියුමැලි මුව දැකීමට තරම් මා පත්වූ අවාසනාවක මහත!
පුතේ! කියා කටපුරා මා නැඟූ හඬට තත්පරව නුබ දිවැවිත් මවෙත
පිය සෙනෙහසෙහි උණුහුමට මා ඇකයේ වෙලුණා නුබ මිනිත්තු සතරකට
නොදැනිම හෝ නින්දට වැටුණේ
සංසාර ගමනේ අවසන් නින්දට මා යන වග
නොදැනුවත්වම ද?
ඈන් ශලෝමි රොසයිරෝ
දෙවන වසර
මානව ශාස්ත්‍ර පීඨය
11 October 2022
සෙනෙහස...
18 April 2023
පැතුමන්
10 August 2022
I really wonder…
15 May 2023
කුවේණියේ
15 May 2023
මගේ කතාව
08 May 2025
ප්‍රේමයේ මුළාව
10 August 2022
සබ්බං පහාය ගමනීයං!


