සාර්ථකත්වය යනු,ඔබට එකවර ලැබෙන දෙයක් නොවේ.එය උත්සාහයන් ගණනාවක ප්‍රතිඵලයක් මිස,දින ගණනාවක කැපකිරීමක් මිස එක් රැයකින් එක් මොහොතකින් සඵල වන්නක් නොවේ.ඒ සඳහා ඔබ ජීවිතයේ බොහෝ කැපකිරීම් කැපකිරීම් සිදුකිරීමට අවශ්‍ය ය.

ලොව සාර්ථකත්වයට පැමිණි බොහෝ පුද්ගලයන් ඔවුන්ගේ ජයග්‍රහණයන් වෙත පැමිණ ඇත්තේ උත්සාහයන් ගණනක අවසාන ප්‍රතිඵලය වශයෙනි.ඔබ යමක් සඳහා උත්සාහ නොකරන්නේ නම්,උත්සාහයන් නිෂ්ඵල වුවද නැවත නැවත ඒ සඳහා උත්සාහ කරන්නේ නම්,ඔබ ඒ සඳහා කරන කැපකිරීම් නිෂ්ඵල වේ.

ඔබ යම් සිහිනයක් වෙත යාමට අවශ්‍ය නම් ඒ සඳහා අඛණ්ඩව උත්සහ කළ යුතුයි.ඒ මන්ද උත්සාහ කිරීම් ගණනාවක අවසානයේ ඔබ සිහිනය වෙත ඔබට ගමන් කිරීමේ හැකියාව ඇත.එය වරක් දෙවරක් නොව උත්සාහයන් සිය ගණනක අවසානය විය හැක.මා දකින ලෙස ලොව වඩාත්ම සිහිනයක්ව තැන පුද්ගලයෙකුට අවශ්‍ය වන්නේ උත්සාහයයි.සිහිනය අතහැර ඒකායන බලාපොරොත්තුවෙන් යුතුව ඒ වෙත ගමන් කිරීමයි.

ඔබ ඉදිරියට තබන සෑම පියවරක් ම අසාර්ථක විය හැක.නමුත් ඒ අසාර්ථකවී මැද දිනක එහි පන්නරය මැද ඔබ සාර්ථකත්වයට ළඟා වෙනවා යන බලාපොරොත්තුව ඔබ තුළ තබා තබාගත යුතුය.හැමවිටම උත්සහ කරන්න.සෑම උත්සාහයක් ම සාර්ථක නොවිය හැක.නමුත් එහි වැදගත් වන්නේ එම අසාර්ථක වීම මැද සාර්ථකත්වය කරා ගමන් කිරීමයි.උත්සාහයන් ගණනාවක් අවසන ,සාර්ථකත්වය නැමැති මල් විකසිත වනු ඇත.ඒ තුළ ඇත්තේ තාවකාලික සුවඳක් නොව,එම සුවඳ ඔබගේ මුළු ජීවිතය ම සුවඳවත් කරාවි.එය ඔබේ ගමනට ශක්තියක් ම වේවි.

ලොව සාර්ථකත්වයට පැමිණි බොහෝ පුද්ගලයන්,දහස් වැරදීම් මැද තම සිහින වෙත ගමන් කල අයයි.ලොව ප්‍රබලතම සමාගමක් වන ෆේස්බුක් අප කවුරුත් දන්නවා.ලෝකයේ facebook පාවිච්චි කරන කෙනෙකු සොයාගත නොහැකි තරම්,නමුත් එහි නිර්මාණකරුවා වන මාර්ක් සකර්බර්ග් පවසන්නේ මෙවන් අදහසකි.

"ෆේස්බුක් කියන්නේ,මගේ පළමු නිර්මාණය නොවේ"

එනම් ඔහුගේ ප්‍රකාශයෙන් අප ජීවිතයට ලබාගත හැකි වැදගත් ලක්ෂණය වන්නේ,ලොව සාර්ථකත්වයට පැමිණි බොහෝ පුද්ගලයන්,දහසක් අසාර්ථක වීම මැද සාර්ථකත්වයට පැමිණි අයයි.නමුත් ඔවුන් ඔහුගේ උත්සාහය කිසිදින නමුත් සිහිනය වෙත ළඟා වනතුරු අතහැරියේ නැත.

ඊට කලින් මම හැදුවා,නමුත් ඒ කිසිවක් සාර්ථක උනේ නෑ,

නමුත් ඔහු ඔහුගේ උත්සාහය කිසිම හැරියේ නැත .අවසානයේ ඔහු මුළු ලෝකයටම වර්තමානයේ අත්‍යවශ්‍ය සුවිශාල මෘදුකාංගයක් නිර්මාණ කළේය.එය අප කවුරුත් කවුරුත් දන්නා facebook ය.ඔහුගේ ෆේස්බුක් නැමැති නිර්මාණය ලොව සාර්ථකම මෘදුකාංගය වන්නේ,ඔහුගේ සහ යම් ගණනාවක එක් ප්‍රතිඵලයක් වශයෙනි.නමුත් ඔහු ඔහුගේ පළමු දෙවන ප්‍රතික්ෂේප වීම් ,සිය ජීවිතයට පන්නරයක් කරගත්තා මිස එය බාධකයක් කර නොගත්තාය.

ඔහු තවත් වරෙක ඔහුගේ ප්‍රකාශයක් තුල මෙවන් අදහසක් ඉදිරිපත් කරනවා,

" රොව්ලියන්ගේ  දොළොස් වතාවක් ප්‍රතික්ෂේප වුණා"ඇය තමාගේ විශිෂ්ටතම කෘතිය වන හැරී පෝටර් රචනා කිරීමට පෙර,නමුත් ඇය ඇගේ උත්සාහය අතහැරියේ නැත,වැරදීම් 12ක් අභිමුව ඇති ,තම සිහිනය වෙනුවෙන් පමණක් කැප උනේය.අවසානයේ ඇය ලොව විශිෂ්ටතම කෘතියක් වන හැරී පෝටර්  රචනා කළාය.නමුත් ඇය එම ප්‍රතික්ෂේප වීම් 12 අතරතුර ඇගේ උත්සාහය අතහැරියේ නම්,ඇය මෙවන් සාර්ථකත්වයකට කිසිදා පත් නොවනු ඇත.අඛණ්ඩ උත්සාහය,දිනක ඔබ සීනය වෙත ඔබ ගෙන යාවි. බියොන්සේ හා හාලෝගේ ආදර කතාව ඔබ අසා ඇති,බියොන්සේ  හා ලොව ලැබීම පිණිස ,ඇයට  ගීත සියයක් ලිව්වේය.එම ගීත සියයක ප්‍රතිඵලය ක අවසන ඇය ඔහුට සිය කැමැත්ත පළ කළේය.නමුත් ඔහු පළමු ප්‍රතික්ෂේප වීමෙන් ම ඇය කෙරෙහි පවතින කැමැත්ත අතහැරියෙ එහෙනම්,කිසිදා ඔහුට ඇය හමු නොවනු ඇත.

පරාජය වන තරමට වැඩි වන්නේ ඔබගේ ජයග්‍රහණයයි,පරාජයන් සිය ගණනක් ජයග්‍රහනය සඳහා වන සාර්ථක අත්තිවාරමක් ගොඩනගනු ලබයි.එකී පරාජ වීම් ,කිසිදා නො වැටෙන ශක්තිමත් පදනමක් නිර්මාණය කරයි.පරාජයවීම මැද ලබන පන්නරය ,ඔබගේ මුළු ජීවිතයටම ද ආලෝකයක් වේ,එකී ආලෝකය ඔබගේ ජීවිතයේ නව මාර්ගයක් විවර කර දේවි.ඉතිං කිසිදා අප පරාජිතයකු නොව,පරාජිතයකු වන්නේ උත්සාහය අත් හැරි මොහොතේදීය.ඔබ උත්සාහය අත්නොහැර තවමත් ඔබගේ සීන් ඒ වෙනුවෙන් කැප වන්නේ නම් ඔබ සැබෑ ජයග්‍රහයකයකු වේ.කිසිදා ඔබගේ උත්සාහය අත නොහරින්න,එය ඉටුවන  දිනයක්  කෙදිනක හෝ ඒවි.අත් නොහැර උත්නොහැර උත්සාහය වෙනුවෙන් කැපවෙන්න දිරි දෙන්න.

පී.එස් නේෂලා

මනෝ විද්‍යා විශේෂවේදී දෙවන වසර  

දර්ශන අධ්‍යයන අංශය                                                                                        

සාමාජීය විද්‍යා පීඨය