ශෘංගාර ප්‍රේම පැතුමේ මුව දොරට  ළං වෙලා

සංසාර හීන මැදුරේ දොර කවුළු එළි වෙලා

වස්සාන රෑට අහසේ සද කිරණ      බර වෙලා

උන්මාද රාග හැඟුමේ ඇරඹුමට  සැරසිලා

 

රතු පෑය රෝස අතරේ සුදු සළුව   අතුරලා

මුතු මාල රෑන කනකේ සළු පටල   ගැලවිලා

සන්තාප නාද ගැස්මේ මුහු බියක  රඳවලා

හදපාන මෑත නදියේ දිය මතට  මුහුවෙලා

 

රති රාග වේග රිද්මේ උණුසුමට       ගුළි වෙලා

රැහැ නාද ඈත වදුලේ මල් කුමුදු        ඇහැරිලා

ගව් ගාන පේන යොදුනේ හිමි හිමිට කොඳුරලා

රන් පාට සාද සළුවේ රණ හසුන්       හිනැහිලා

 

පෙර දාක නොවී සුවයේ ගත සිතක දැවටිලා

පැතූ හීන රෑට සයනේ මිණි මෙවුල   බිද හෙළා

මුදු නාරි දේහ කුසුමේ ගැස්මකට හසු වෙලා

සුදු සේද වලා යහනේ රතු පබළු      විසිරිලා

 

නිම්නදි ජයවර්ධන

පළමු වසර

 

මානව ශාස්ත්‍ර පීඨය