බක්මී හසරැළි
- කවි
- Hits: 6540

දෙනයන මත යළි පිබිදෙන සිතුවිලි
බක්මී මල් ඇයි කෙරුවෙ තෙරපිලි
පිනවන නෙතු මත බඹරෙකු ඇවිටිලි
රඟහළ දුකටම පමණක් සිරවුණි
පඬු පැහැ සායම් දියකර වැරහැළි
තණ්හා රති රග කෙරුවෙම ගැරහිලි
භවයක පව් කඳ මොහොතක උකටලි
නැවතුම මේ ඉම කෙදිනද නොහැගුනි
මළුවට එන යන නෙක රූ සැණකෙලි
බිමකට රතු සුදු මල් වල කෙහෙරැළි
හිසමුඩු කර ඇති බක්මී හසරැළි
සිත්වල සැනසුම දුර බව සිහිවුනි
ඒ. එම්.ඩී නිම්නදි ජයවර්ධන
මානව ශාස්ත්‍ර පීඨය
පළමු වසර
07 December 2022
හෙළ අකුර
27 July 2022
අත්හරිනු ද?
13 September 2022
උමතු අමුතුව.
15 May 2023
සයුරෙන් එතෙර කහවණු
25 October 2022
නොලැබු හසරැල්
03 August 2023
මරණය
09 January 2023
අකීකරු සිතිවිලි


