සයුරක්ය ඔබ
වැතිර සිටින්නට
නෑ එහි සීමා
පවසන්නට

ඔබ ළඟ සිටි
හැම මොහොතම


නෑ එහි බර
උහුලන්නට

සියළු ගිනි දුක්
ඔබ උසුලන කළ
ඔරුවක්ය මා
සුවසෙ නැලවෙන

සිඳුණු සයුරකි
නොනිදි බස්සෙකි
නැවකි බරැති
ඔබ නොමැති...

පී.ඩී රෙෂිනි අනුරාධා
විශේෂවේදී දෙවන වසර
ජන සන්නිවේදන අධ්‍යනාංශය
සමාජ විද්‍යාපීඨය