කොහෙන්දෝ ආ

උවැසි ස්වරයක්

සුළං තෑපැලෙන්

ඇවිත්  සවන වෙත !  ….

 

එකඳු වැහි කඳුළු

බිඳුවක් නොහෙලා

බලා සිටින විට

රුදුරු අහස් ගැබ  ….

 

එකෙණෙහි තරුවක්

වැටිණි පොළොව මත

මියැදී රැඳෙනු හෝ

පිණිස උරුම තැන  !  ….  

 

අකිල  මල්ලිකාරච්චි

පළමු වසර 

නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය

ලලිත කලා අධ්‍යනාංශය

මානව ශාස්ත්‍ර පීඨය