පැතුමන්
- කවි
- Hits: 5582

දිනෙක පැතුමන් හදේ අතුරාලා
නිහඬ කුසුමන් සේ මිහිමතේ සතපාලා
වේදනා විඳ දරා සැනෙකින් කෑ ගසා පිටමං කරාපු
කාරණා දැන දැනම මා අද තනිව ඉන්නා හැටි බලාපු
පාරනා සිතිවිල්ල ආයෙත් මතකයේ හොල්මන් කරාපු
කාලයයි දැන් පැතූ පෙම් මල පරවෙලා දැන් නුඹ හොයාපු
අසංවර හිත් කෙලෙසදෝ ඒ විගස වෙනසට මුහු වුණේ
වහන්කර බෑ කියන්නට නුඹ අතැර ගිය හැටි කාරණේ
නිදන්කර මා හිතේ කොනකින් නුඹ සිතූයේ දෝසනේ
පහන් කර මා රැයම යළි යළි විඳෙව්වා දැන් හඬන්නේ
රවීනා අනුපමා
සමාජයීය විද්යා පිඨය
පළමු වසර
15 November 2022
මට කුමට ?
30 August 2022
පුතුට ඔවදනක්........
03 August 2023
මරණය
03 August 2022
කාලයේ අරුමය
16 August 2022
හරි පුදුමයි...හරි පුදුමයි...
04 July 2022
සරසවි තනිකම
13 November 2022
ඔවදන


