Image
මාධ්‍යවේදියා යනු රටේ මහජනයා වෙනුවෙන් පොදු මතයක් ප්‍රකාශ කළ හැකි,අසාධාරණයත් සත්‍යයත් වෙනුවෙන් සමාජය ඉදිරියේ පෙනී සිටිය හැකි පුද්ගලයෙකි. ඒ අනුව ජනමාධ්‍යය මුළුමහත් සමාජය වෙනුවෙන්ම පෙනීසිටිනවා ය යන්න අපට හැගී යන්නේය. මෙවන් පෙරමුණක ඉදිරියේ සිටින ජනමාධ්‍යය තුළ මාධ්‍ය වගකීම සුරක්ෂිත වීමට නම් ජනමාධ්‍යවේදියෙකුගේ ප්‍රධාන කාර්යභාරය පිළිබද ව අවබෝධය හදුනාගැනීම අනිවාර්ය කරුණකි. ඒ අනුව ජනමාධ්‍ය භූමිකාව තුළ ජනමාධ්‍යකරුවාගේ කාර්යභාරය කෙසේ විය යුතුද යන්න පිළිබදව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතා සමග පැවති සංවාදයක් ඇසුරෙනි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස ඔබතුමාගේ මාධ්‍ය ජීවිතයේ ආරම්භය සම්බන්ධයෙන් හදුන්වා දෙන්න පුළුවන්ද?
මම පාසල් යන කාලයේ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස වැඩ කළා, එහිදී සමාජ අසාධාරණයට විරුද්ධව කතා කළා. ඒ වැඩකටයුතු කරගෙන ඉන්නකොට මට අදහසක් ආවා මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වුනොත් ලේඛනය හරහා වැඩි වශයෙන් තොරතුරු ජනතාව අතරට ගෙනයාමට හැකියාව ඇති බවත් තවදුරටත් සමාජ අසාධාරණයට එරෙහිව හඬ නැගීමට හැකිවන බවත්. ඒ අරමුණ ඇතිව මම පාසල් කාලයේ පටන් ඒ කාලෙ තිබුණු පත්තරවලට වැඩි වැඩියෙන් ලිපි, නිසදෙස්, කවි ලිව්වා, ඒ ලිපි වලට ප්‍රසංසා, අගය කිරීම් ලැබුණා. ඒ අත්දැකීම් එක්ක මම මුල් කාලීනව විකල්ප පුවත් පතක් වුණු රාවය පුවත් පතට සම්බන්ධ වීමත් එක්ක නිළ වශයෙන් මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ වුණා. රාවය පුවත් පත හරහා මා විසින් විවරණය කළ සමාජ අසාධාරණය සම්බන්ධ ලිපි පාඨකයින් අතර කැපී පෙනෙන ලිපි බවට පත් වුණා.
Image
ඔබතුමා ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වූ මුල් යුගයේ මුහුණ පෑ අභියෝග මොනවාද?
මම මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වන යුගයේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය වගේම ඩිජිටල් මාධ්‍ය මේ තරම් දියුණු මට මට්ටමක තිබුණේ නැහැ. සෝෂල් මීඩියා හෝ වෙබ් ක්ෂේත්‍ර තිබ්බෙම නැති තරම්. එනම් තාක්ෂණය භාවිතය ඉතාම අඩුම මට්ටමක තමා තිබුණේ. තවත් විදියකට කිව්වොත් මාධ්‍ය ආයතනවලින් ලබාදුන්නු පහසුකම්ද අල්පයි. මාධ්‍ය ආයතනවලින් වාර්තාකරුවන්ට වාහන දීම වගේ පහසුකම් ඒ කාලයේ තිබුණේ නැහැ. ඇතැම් අවස්ථාවලදී ඉතා සුළු වැටුපක් තමා ලැබුණේ. පහසුකම් නැති උනත් රැයක් දවාලක් නැතුව වැඩ කරන සිද්ධ වුණා. සමහර අවස්ථාවල එහෙමහෙම අමාරුවෙන් හොයාගන්න ප්‍රවෘත්තියක් පවා පළ නොකරන අවස්ථා තිබුණා. ඇතැම් දවස් වල වැඩ තියෙයිද නැද්ද කියලා දන්නෙත් නෑ. එක නිවුස් එකක් වෙනුවෙන් ඒ කාලේ රුපියල් 25 - 50ක් වගේ තමා ලැබුණේ. මේවා අපි ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලේ මුහුණ දුන් අභියෝග,  තවත් විශේෂ කරුණක් කියනවා නම්, රාවය පුවත්පත් තුළ මම හැමදේම ලබාගත්තේ ලොකු කැපවීමකින්. රාවය පුවත්පතේ වැඩ කරන කාලේ මට එල්ල වූ පහර ගැසීම් මඩ ගැසීම්  තර්ජන හමුවේ මම කඩා වැටුණා නම් අද ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ ලසන්ත රුහුණගේ කියලා ජනමාධ්‍ය නැහැ. මේ ක්ෂේත්‍රය තුළ මං ඒ හැම දෙයක්ම විඳ දරාගෙන හිටියා. උදාහරණයක් විදිහට මට පස්සේ ආයතන වලට  සම්බන්ධ වුණු ජනමාධ්‍යවේදීන්ටත් මට වඩා ඉහළ තනතුරු ලැබුණා. ඒ වගේම මට ඒ කාලේ වැඩ කරන්න චයදඑදටර්චයැර කෙනෙක් වත් ලැබුණේ නැහැ සමහර දාට මගේ යාළුවෙක් ිඑමාසද එකකින් තමයි ඉතින් වැඩ කර ගන්නේ, යාළුවගේ කැමරා එක අරන් ගිහින් මං මේ ඡායාරූප අරගන්නවා. ඒ තරම් කටුකාල අරන් එන නිවුස් එක පවා රුවැජඑ කරන අවස්ථා ඕන තරම් තියෙනවා.
2009 රාජපක්ෂ යුගය පටන් ගත් කාලවකවානුවේ තහනමට ලක් වූ මාධ්‍ය මාධ්‍යවේදීන් ලෙස මාව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පසු කාලීනව ඇති වූ අභියෝගයක් ලෙස  2015 ඡන්දෙට කලින් බොරු චෝදනාවක් දාලා අත්අඩංගුවට ගන්න නියමිතව තිබුණා. මොකද රාජපක්ෂලාට විරුද්ධව දැනට තියෙන චෝදනා වලින් 75% ක්ම මම හෙළිදරව් කරපුවා. ඒ ගැන “මගේ රාජපක්ෂ සමාගම“ කියන පොතේ තියෙනවා. නමුත් මම රාවය පුවත්පතේ වැඩ කරන කාලයේ මට යම් ආරක්ෂාවක් තිබ්බා මොකද වික්ටර් අයිවන්ට රාජපක්ෂලා එක්ක තිබුණු සම්බන්ධකම් නිසා, ඒත් සමහර අවස්ථාවලදී රාවයට ද චෝදනා ආවා ඇයි මාව පාලනය කර ගන්න බැරි කියන එක ගැන.

නූතනයේ ජනමාධ්‍ය මාධ්‍ය වාර්තාකරණයේ ස්වභාවය ඔබ දකින ආකාරය?

මම මාධ්‍ය ක්ෂේත්‍රයට එන්නේ සුසිල් ප්‍රේමජයන්ත ඉන්න කාලයේ. අධ්‍යාපන ඇමතිලාගේ දරුවෝ ලොකු ස්කෝල වලට යනවා අඩුම තරමේ පදිංචිය කියන සහතිකයවත් නැතුව අපේ රටේ මාධ්‍යවේදීන් කියන්නේ ඉතා පහළ ආර්ථික තත්ත්වයක් තියෙන පිරිසක්. ජනමාධ්‍ය භාවිතා කරමින් ගොඩක් අය ප්‍රතිලාභ ලබනවා නමුත් ලංකාවේ මේ විදියට ප්‍රතිලාභ ලබන්නේ වැරදිකරුවන්ගේ තොරතුරු හෙළි නොකර සඟවාගෙන සිටින අයයි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ 4000-5000පමණ මාධ්‍යවේදීන් ඉන්නවා. මේ රටේ තියන ප්‍රශ්න, ගැටළු, දූෂණ, අක්‍රමිකතා, වැරදි එක ගානේ එලියට දැම්මා නම් මිනිස්සුන්ට මෙහෙම අරගල කරන්න ඕනේ නැහැ. නූතන ජනමාධ්‍ය කියන්නෙම බොරුවකින් මුලා වෙලා තියෙන දෙයක්.

උදාහරණයක් විදිහට (2010) ජනාධිපතිවරණය අවසන් වූ මොහොතේ දී විමල් වීරවංශ කිවුවා කියලා නිවුස් එකක් පළ වෙනවා සරත් ෆොන්සේකාට ඡන්දය නෑ එයා දිනුවත් ජනාධිපති වෙන්න බෑ කියලා. ඒ පුවත දිහා බැලුවොත් වගකීම් සහගත මාධ්‍ය ආයතනයකින් ඒ පළ කළ යුතු පුවතක් නොවේ. ඒ වෙලාවේ ඔවුන්ට කිරීමට තිබුනේ ඒ පින් පිළිබඳව මැතිවරණ කොමසාරිස්ගෙන් තොරතුරු ලබා ගැනීමයි. නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරීක්ෂාකොට බැලීමයි. මෙවැනි වගකීම් විරහිත ආකාරයට තමයි ලංකාවේ මාධ්‍ය වැඩ කරන්නේ. වැරදි තොරතුරු මාධ්‍ය මඟින් සමාජගත කළ විට විශාල ගැටලු ඇති වේ. ඒ වගේම වඳ සැත්කම්, වඳ බ්‍රා, වද කොත්තු වගේ දේවල් මාධ්‍ය මගින් තමා ජනතාව අතරට අරගෙන ගියේ. ඕනෑම ගැටළුවලුවකට ආගම ජාතිය සම්බන්ධ කළ විට ඒ ගැටලුව අවුළුවාලීමට මාධ්‍යයට හැකියාව තිබේ. නූතනයේ බොහෝමයක් ජනමාධ්‍යකරුවන් මෙන් ම ජනමාධ්‍ය ආයතනද කරන්නේ එවැනි පුවත් මැවීමයි.

Image
නූතනයේ ජනමාධ්‍යකරුවන් සිය මාධ්‍ය භූමිකාව මෙහෙය වන ආකාරය කෙබදුද?
ජනමාධ්‍ය ක්ෂේත්‍රය වර්තමානය වන විට පිවිසෙන්නේ හුදෙක් කැපී පෙනීමට හා ජනප්‍රිය වීම අරමුණු කරගෙන පමණි. අද ජනමාධ්‍ය මගින් සිදුවන්නේ ද යම් පුද්ගලයකු කියන දෙයක් ඒ විදිහටම පලකිරීමයි. එහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව කිසිදු විමසීමක් කරන්නේ නැහැ. ඒ වගේම ක්ෂේත්‍රයේ නියැලෙන්නන් තුළ ඒ වෙනුවෙන් හොඳ කැපවීමක් මම දකින්නේ නැහැ. යමෙක් කියන දෙයක් ඇත්ත ලෙස පිළිගන්නවා මිසක තමන්  ලබාගන්නා තොරතුරු තහවුරු කර ගැනීමක් සිදු නො නොකරයි. අනෙකුත් මාධ්‍ය තරගකරුවන්ට වඩා ඉක්මනින් තොරතුරු ඉදිරිපත් කරන එක තමයි ප්‍රධාන අරමුණ වන්නේ, එනම් මාධ්‍ය තුළ තරඟයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා තොරතුරු ගුණාත්මක බව අඩු වීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය තුළ විනාඩියෙන් විනාඩියට තොරතුරු අප්ඩේට් වීමේ දී ඒවායේ ගුණාත්මක බවට හානි වීමට ඇති ඉඩකඩ වැඩිය ඉස්සර මේ වගේ තාක්ෂණික දියුණුවක් නොතිබුණු නිසා තොරතුරු හොයා ගැනීමට සහ ඒවායේ සත්‍ය අසත්‍ය භාවය දැන ගැනීම සඳහා මාධ්‍යවේදීන් බොහෝ කැප වුණා, එමෙන්ම සමාජ මාධ්‍ය වගේ ක්ෂේත්‍ර වල බොහොමයක් ව්‍යාජ තොරතුරු පළ කිරීමේ අවස්ථා මේ වන විට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැකගත හැකි වෙනවා.
වර්තමාන නවක මාධ්‍යවේදීන්ට සිය මාධ්‍ය භූමිකාව මෙහෙයවීමේදී ඔබ ලබා දෙන උපදේශය?
මාධ්‍යවේදීන්ට කලින් මාධ්‍ය ක්ෂේත්‍රය හදාරන ඔබ වැනි ළමයින් බොහෝ දෙනෙකු ජන මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීම සිය අරමුණ නොවේ. ගුරුවරයෙකු වීම හෝ යම් අමාත්‍යංශයක සේවය කිරීම තමා බොහෝ දෙනෙකුගේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ අතරින් ජනමාධ්‍ය ක්ශේත්‍රයට පිවිසෙන අයද හුදු වාර්තාකරුවන් ම පමණකි. ඔබලා හුදු (රුචදරඑැරි) ලා වන්න එපා. සමාජයේ ඉන්න මිනිසුන්ට තොරතුරු දැන ගැනීමට උදව් වන්නේ ජනමාධ්‍යයයි. ජනතාවට ඔවුන්ගේ (බැද) නියෝජිතයන් තෝරා ගැනීමේදී පවා ජනමාධ්‍යය මගින් ලබාදෙන තොරතුරු අනුව ඔවුන් ක්‍රියා ක්‍රියා කරයි.
ජනමාධ්‍ය කාර්ය කාර්යභාරය මුර බල්ලෙකුට සමාන විය යුතුය යන ජනමාධ්‍යයේ වගකීම රට සංවර්ධනය කිරීම නොව, සංවර්ධනය සඳහා අදාල පුද්ගලයින් දැනුමවත් කිරීම් සහ ඔවුන්ගේ අවධානය යොමු කරවීමයි. ජනමාධ්‍ය මගින් මගින් රියැලිටි වැඩසටහන්ක් පවත්වමින් ගායක ගායිකාවන් බිහි කිරීම හෝ නර්තන ශිල්පීන් බිහි කිරීම මූලික අරමුණ කර නොගත යුතුය. සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම හෝ ගමට ප්‍රජා ශාලාවක් හෝ ජල නල පද්ධතියක් සාදා දීම ජනමාධ්‍යයේ වගකීම නොවේ. ඒ සඳහා ජනතාවගේ බදු මුදලින් යැපෙන අදාළ පාර්ශවයන් දැනුවත් කිරීම කළ යුත්තේ ජනමාධ්‍ය විසිනි.
බොහෝව විට හිරු සීඅයිඒ සිරස විමර්ශන වැනි වැඩසටහන් මගින් පෙන්වන්නේ පෙට්‍රල් ටිකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයා හෝ කසිප්පු පෙරන අහිංසක මනුස්සයා යි. මහා පරිමාණ හොර වංචා කරන මිනිස්සු හෙළිදරව් කිරීමට නූතන ජනමාධ්‍ය උත්සාහයක් නොගන්නා බව පෙනී යයි.
නවක ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රධාන කාර්යභාරය ලෙස සැලකෙන තොරතුරු සම්පාදනය යන කරුණ මත පදනම් වෙමින් ජනමාධ්‍ය නීති රීතිවලට යටත්ව ජනතාවගේ සුබසෙත සඳහා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කාර්යභාරය ඉටු කිරීමට උත්සාහ කිරීම ඉතා වැදගත්  ය.
 
යූ.ජී.එස්.සංදීපනී
විශේෂවේදී දෙවන වසර
ජන සන්නිවේදන අධ්‍යන අංශය