අම්මා
- කවි
- Hits: 3621

නියං අහසම හේදිලා
නැවුම් පුස්ඹත් එක්කලා
වැටෙනකොට වැහි බිංදු
ඉන්නවා මන් බලමින් ඒ කළු වැහි වළා
ගිය මහේ අතෑරුන කුඹුර
කරගන්න බැරිවුණොත් යලට
ගෙදර වියදම් බලන්නේ කොහොම
අම්මත් හිතනවා ඇති එහෙම
ඈත අහස බලාන
මං වගේම
සති අන්තෙ ආපහු එද්දි
ඉනේ ගැට ගහන් උන්න පන්සීය
අතේ මිට මෙලෙව්වම අම්මගෙ හිතට හොඳයි
මගෙ හිතට බරයි
සරසවි ජීවිතෙත් දියවෙලා යන්න ලඟයි
තාම මම අම්මට බරයි
එකින් එක වැටුණු දිය බිඳු විසල් දිය පාරක්ව
මතක ගොන්නක් එනවා යනවා අම්මා එක්කම ගෑවිච්ච
දරාගත්තා දහක් දුක් ඈ මගේ නමටම පේවෙච්ච
ගලන් යන්නේ වැහි වතුර නොව ඇගෙ කඳුළුමයි හේදිච්ච
අයි.එම්.දිලේකා නෙත්මිණි
සමාජීය විද්‍යා පීඨය
මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය
තෙවන වසර

07 September 2022
ප්‍රේමයේ අසුන්දර නුඹට මා ඇසෙනවද?

27 July 2022
දෑස දැල්වේ කඳුළින්ම බොඳවී

15 November 2022
මට කුමට ?

21 February 2022
වැලන්ටයින් එන්න කලින්

18 July 2022
මාණික්කාවතෙන් අරගලයට

25 October 2022
ඉර...

28 December 2022
නුඹ දන්නවද..
