සතියකින් ආපස්සට
- කවි
- Hits: 5191

සතියකට දෙකකට
බෙදා ගත් ජීවිතය
කාමරයේ මතක ලෙස
සැගවිලා පවතීවි
සිනාවක් විසි කෙරුණු
සවන් පෙති අද්දරක
මිමිණූව රහස් පෙම්
බස් මුවග ගොළු වේවි
කදුළු කැට දෑස් අග
තවරද්දි කම්මුලක
වෙදැගිල්ල මත සිරවූ
රන් මුදුව කැරකේවි
අහස් කුස සිඹගෙනම
නුඹ යද්දි දුරු රටක
මට ආයෙ බෝඩිමට
පැමිණෙන්න සිදු වේවි
නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු
ප්‍රථම වසර
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය
08 May 2025
නුහුරු පෙමක වස් කවි
20 March 2023
ප්‍රේමයෙ රහ බලා හිඳිමි..
06 June 2023
සඳළු තලයෙන් නික්මෙමි..
13 November 2022
ඔවදන
27 July 2022
අරගලයේ කනිසම
08 May 2025
අප්පච්චි…
06 June 2023
ලිය


