කලාව යනු මිනිසා බිහි වු මුල් අවධියේ පටන් අද දක්වා ම වෙනස් වෙමින්, නැවුම් වෙමින් පැවතගෙන ඵන දෙයකි. ඵයට සංගීතය, සිනමාව, සිතුවම්කරණය, සාහිත්‍ය ආදී අංග රැසක් අයත් වන අතර මේ වන විට රාජ්‍ය බල ව්‍යාප්තියට යොදා ගන්නා උපායක් ලෙස ද කලාව භාවිතා කරනු දැකගත හැකි ය. ඵ් අනුව සිනමාව හා මාලා නාටක රසවින්දනය නවමු මානයකට රැගෙන යන්නට ඇමරිකාවේ දැවැන්ත මාලා නාටක නිෂ්පාදන ආයතනයක් වන ‘Netflix’ සමත් වී තිබේ. අද වන විට ලොව බොහෝ දෙනෙක් කලා නිර්මාණ තිරගත කිරීමට මෙන් ම රසවිඳිමට මෙම වේදිකාව භාවිතා කරන අතර ඵ් සෑම නිර්මාණයක් ම පාහේ ලොව පුරා අතිශය ජනාදරයට පත්වන බව ද නොරහසකි.

2021 වසරේ සැප්තැම්බර් 17 වන දින Netflix ඔස්සේ විකාශයට පත් කළ Thriller, Drama ශානරවලට අයත් ‘Squid Game’ කොරියානු මාලා නාටකය අදටත් කතාබහට ලක් වන නිර්මාණයකි. ‘Silenced’ , ‘The Fortress’ වැනි සම්මානනීය සිනමාපට නිර්මාණය කළ දකුණු කොරියානු අධයක්ෂක Hwang Dong-hyuk මහතා විසින් මෙය රචනා කොට අධ්‍යක්ෂණය කර ඇති අතර BTS, Black Pink, K Dramas වැනි මාතෘකාවලින් පසුව දකුණු කොරියාව වඩාක් කතාබහට ලක් වූයේ ද මෙම නිර්මාණය හේතුවෙනි. නොයෙකුත් ආර්ථික අපහසුතාවලින් මිදීම පිණිස කොරියානු වොන් බිලියන 45.6 ක මුදල් ත්‍යාගයක් ලබා ගැනීම සඳහා මාරාන්තික තරඟ 6කට මුහුණ දීමට ඉදිරිපත් වු තරඟකරැවන් 456 දෙනෙකු වටා මෙම නිර්මාණය ගොතා තිබෙන අතර ඵමගින් කොරියාවේ මෙන්ම ලොව පුරා පවත්නා ධනවාදය සහ ඵ් තුළින් පීිඩා විඳින මධ්‍යම – නිර්ධන පාන්තිකයන් පිළිබඳ කියැවේ. කොටස් 9කින් යුත් ‘Squid Game’ නිසා අද වන විට කොරියානු සිනමා හා නාට්‍ය කර්මාන්තයට හොඳ කලක් උදාවීි ඇති බව කිව යුතුම ය. විශේෂයෙන් මෙරට කොරියානු නිර්මාණවලට අකමැති බොහෝ අය පවා මෙම නිර්මාණය වැළඳ ගත්හ. ඵ් වර්තමානය වන විට දකුණු කොරියාව කලාවෙන් විශාල දියුණුවක් ලබා ගෙන ඇත.

මෙම පිටපත අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික අත්දැකීිම් ද උපයෝගී කර ගනිමින් 2008-2009 කාලයේදීි රචනා කොට ඇත. නමුත් වසර 10ක් පමණ කොරියාව තුළ අවස්ථා කිහිපයකදීි ම ඔහුව නොසලකා හැරීිමට ලක් වූයේ ඵය ඉතා කෘෘර සහ යථාර්ථවාදීි නොවන සිදුවීිම්වලින් යුත් පිටපතක් වූ බැවිනි. කෙසේ හෝ 2019 වසරේදීි Netflix ආයතනය විසින් මෙය නිෂ්පාදනය කරන්නට ඵකඟ වූ නමුත් විනාඩි 120ක සිනමා පටයක් ලෙස ‘Round Six’ නම් වු ඵම පිටපතට බොහෝ වෙනස්කම් යෙදීිමට Hwang Dong මහතාට සිදුව ඇත. 2020 වසරේ කොරෝනා වසංගතය දැඩි ලෙස ව්‍යප්ත වෙමින් පවතින අතරතුර ඩොලර් මිලියන 21.4ක වියදමින් ගොඩනැගූ මෙම නිර්මාණය සැබවින් ම විශිෂ්ඨ ය. ‘Squid Game’හි ඇති පසුබිම් සැබෑවට ම නිර්මාණය කොට ඇති අතර විශේෂයෙන් ඵහි දැක්වෙන වර්ණවත් පඩිපෙළ සමූහය 1953දී නෙදර්ලන්ත ජාතික කලා ශිල්පියකු වූ M.C. Escher ගේ ‘Relativity’ නම් පිටපත් කරන ලද සිතුවම ඇසුරින් ගොඩනගා ඇත. තරඟයට සහභාගි වන්නන්ගේ කොළ පැහැති ඇඳුම 1970 පමණ කාලයේ භාවිත වූවකි. ඵමෙන්ම ඉහල මට්ටමේ වර්ණ භාවිතය‚ආලෝකකරණය‚ කැමරාකරණය ඇතුළු තාක්ෂණය මඟින් රසිකයා නිර්මාණය වෙත ඇද බැඳ තබා ගැනීිමට සමත් වී තිබේ. ශබ්ද භාවිතය පිළිබඳ අවධානය යොමු කළහොත් මෙහි Sound Tracks 29ක් තිබෙන අතර ලොව දක්ෂ සංගීතඥ ‘බිතෝවන්’ගේ ‘Symphony No. 05’ ද ඵ් අතර ඇත. විශේෂයෙන් මෙහි සංගීත නිර්මාණයට විශිෂ්ඨ කොරියානු සිනමා පටයක් වන ‘Parasite’හි සංගීිත නිර්මාණය කළ Jung Jae-il මහතා ද දායක වීි තිබේ. ඵමෙන්ම මෙහිදීි සැබෑවට ම මිනිසුන් 456 දෙනෙකු යොදා ගන්මින් නිෂ්පාදන කටයුතු සිදු කොට ඇත.

අද වන විට ‘Squid Game’ යනු‚ ලොව පලමු වරට Netflixහි ජනාදරයට පත් වු පළමු කොරියානු මාලා නාටකය‚ 2021 නොවැම්බර් වන විට Netflix හි ලොව වැඩිම නැරඹුම් වාර ඇති (මිලියන 111) මෙන් ම Netflix හි දින 86ක් නොකඩවා රටවල් 90ක පමණ වැඩිම දළ විශ්ලේෂණ සහිත මාලා නාටකය‚ 2021 වසරේ වැඩිම පිරිසක් Googleහි සෙවූ මාලා නාටකය‚ Netflix භාවිතා නොකරන චීනයේ පවා කතාබහට ලක් වූ නිෂ්පාදනයක් ලෙස යනාදී වශයෙන් අර්ථකථනය කළ හැකි නිර්මාණයක් වන අතර දැනට මෙය භාෂා 37කින් උපසිරැසි යොදා ඇතිවාක් මෙන් ම භාෂා 34කින් හඩකැවීිම් සිදු කර ඇත. ඵමෙන්ම IMDB දර්ශකයේ 8/10ක අගයක් ද  Rotten Tomatoes දර්ශකයේ 94%ක අගයක් ද ලබාගෙන තිබේ. Bloomberg සහ Netflix වාර්තාවලට අනුව ‘Squid Game’හි සමස්ථ ආදායම ඩොලර් බිලියන 900කට ආසන්න ය. මෙම නිර්මාණය දැනටමත් දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති අතර ම ලබන වසරෙහි පැවැත්වීමට නියමිත සම්මාන උළෙල කිහිපයකට ද නිර්දේශ වී තිබේ. ඵ් අතරින් කිහිපයක් ලෙස‚

  • හොඳම මාලා නාටකයට හිමි ‘Gotham’ සම්මානය
  • හොඳම සංගීිත නිර්මාණය සහිත මාලා නාටකයට හිමි ‘Hollywood Music in Mass  Media’ සම්මානය
  • වසරේ වටිනා ම වැඩසටහනට හිමි ‘People’s Choice Awards’ සම්මානය
  • විශේෂ ඇගයීම වෙනුවෙන් හිමි ‘AFI Awards’ සම්මානය 

දැක්විය හැකි අතර හොඳම මාලා නාටක රංගනය වෙනුවෙන් ‘Gotham’ සම්මානය සඳහා මෙහි පළමු චරිතය වන ‘Song Gi-hun’ ලෙස රඟපෑ ‘Lee Jung-jae’ නිර්දේශ වී ඇතිවාක් මෙන්ම 2022 වසරෙහි පැවැත්වීමට නියමිත ‘Critics Choice Television Awards’ වෙනුවෙන් ද නිර්දේශ වී ඇත. ඵපමණක් නොව ‘The Straits Time Newspaper in Singapore’ විසින් මෙහි අධ්‍යක්ෂක Hwang Dong මහතා ‘වසරේ ආසියානු ජාතිකයා’ ලෙස නම් කර තිබේ.

එමෙන්ම අද වන විට ‘Squid Game’ කතා මාලාවෙහි දැක්වෙන බෝනික්කා‚ රසකැවිලි සහ ඇඳුම්වලට ලොව පුරා ද දැඩි ඉල්ලුමක් ඇති අතර ම මෙම වසරේ හැලොවින් දිනයේ මෙන්ම කොරියානු කලාවේදීන් ඔවුන්ගේ වේදිකාවල පවා ඵම ඇඳුම් භාවිතා කර ඇත. ඵසේම  මේ හා සමගාමී ව Tio Tok  වීඩියෝපට‚ වීඩියෝ සෙල්ලම්‚ YouTube වීඩියෝපට, Memes සහ රසික ඵක්රැස් වීම් ආදිය පවත්වා තිබේ. මේ වන විට ‘Squid Game’ ඔස්සේ ‘Netflix’ ආයතනය ලබා ඇති දැවැන්ත සාර්ථකත්වය හේතුවෙන් ලොව මුල් පෙළේ සිනමාපට නිෂ්පාදන සහ බෙදාහැරීිමේ සමාගම් වන The Walt Disney Company, Paramount Pictures, Apple TV ආදිය ‘Netflix’ ආයතනයේ ආකෘතිය අනුගමනය කරමින් ලොව පුරා නිර්මාණකරණයේ නියැලෙන්නන් හට අවස්ථා ලබා දෙමින් කටයුතු කරනා ආකාරය දැකගත හැකිය.

මෙම මාලා නාටකයෙන් මෙන්ම ඵහි අධ්‍යක්ෂකවරයාගේ ජීවිතයෙන් අපට ගත හැකි බොහෝ දේ ඇති අතර මුදල්‚ සහ ඵ් ඔස්සේ වෙනස් වන මානව හැඟීම් පිළිබඳ ව මනා අවබොධයක් මෙමගින් ලබා ගත හැකි ය. සමස්තයක් ලෙස ගත් කල ‘Squid Game’ මෙතරම් ජනගත වීමට මූලිකව ම ඵම නිර්මාණයෙහි භාවිතයන් මෙන් ම හිංසනයට බොහෝ මිනිසුන් තුළ ඇති පහත් ආශාව දැඩි ව බලපා තිබේ. කෙසේ වෙතත් කොරියානු නාට්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ මෙම නිර්මාණ‌යේ මීළඟ කොටස රසවිඳීමට ලොව පුරා ‘Squid Game’ රසිකයෝ නොඉවසිල්ලෙන් දෑස් දල්වාගෙන බලා සිටින අතර ඵම බලාපොරොත්තුව කඩිනමින් මල්ඵල ගැන්වීමට අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායමට අප ප්‍රාර්ථනා කරමු.   

 

අනීෂා කුමාරි ආරියරත්න

විශේෂවේදී දෙවන වසර

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

 සමාජීය විද්‍යා පීඨය