සංවර්ධනය පැවතිය යුත්තේ ආර්ථිකයට පමණක්ද..? සංවර්ධනය සියළුම විෂයයන් ක්ෂේත්‍ර සමඟ කරට කරට ගමන්ගන්නා විෂයකි. සමාජීය,ආර්ථික,දේශපාලන,සෞඛ්‍ය,වෛද්‍ය, කෘෂිකර්මය,කර්මාන්ත,කලා,සංස්කෘතික, පරිසරය මේ සියළු විෂය ක්ෂේත්‍ර සංවර්ධනය සමඟ බැඳී පවතී.
"ඇසෙන බොහෝ කතාවක් නම් ආ සල්ලි තියනවා දැන් නම් සංවර්ධිතයි(සරුයි)" යන කතාව. එය ඉතා බරපතල සංවර්ධනය අවප්‍රමාණයට ලක් කරන කතාවකි.සංවර්ධනය නම් ආර්ථිකය පමණක් ය යන්න මිනිසුන් වාසියට නිර්මාණය කරගත් සාධකයකි. සංවර්ධනය යන කුලකයේ ආර්ථිකය යනු එක් කුලකයක් පමණි. එමෙන්ම ආර්‍ර්ථිකයට හිමි වන තරමේ වැදගත්කමක් අනෙකුත් ක්ෂේත්‍ර සියල්ලටම හිමි වේ.
මිල මුදල් පමණක් තිබී පරිසරය විනාශ වී ඇත්නක්, සමාජය පිරිහී ඇත්නම්, නීතිගරුක සමාජයක් නොවේ නම් අපිට වර්ධනය වූ ආර්ථිකට සංවර්ධනාත්මක සාධකයක් ලෙස ගිනිය හැකිද යන ප්‍රශ්නය අප සතුව ඇත.
මේ සියළු සාධක ප්‍රශස්ත ලෙස පැවතීම සංවර්ධනය ලෙස පවසමු. අපරදිග ලෝකය තුලට එබී බැලුවොත් දල ජාතික නිෂ්පාදනය ඉහල වේ, රැකියා වියුක්තිය ඉතා අඩුය, පරිසරය ආරක්ෂා කරඇත. නීතිමත් සමාජයක් බිහි වී ඇත. යටිතල පහසුකම් ප්‍රශස්තය. මාර්ග පද්ධතිය ප්‍රශංසනීය ය. අපි මේ සියල්ල ඇස් මානයෙන් බලා නොවේද එම රට සංවර්ධිතයි ලෙස පවසන්නේ. නමුත් තුන් වන ලෝකයේ රටවල් බොහෝවිට සංවර්ධනය යැයි අර්ථකථනය කරන්නේ භෞතිකව පෙනෙන දෙයට සහ ආර්ථිකය මත පිහිටා පමණි.ඒ නිසා රටවල් ලෙස ඔවුන් පත්වූ තත්ත්වය පිළිබඳ අත්දැකීම් උවමනා තරම් පවතී. සංවර්ධනය පිළිබඳ වැඩිමනත් ලෝකයේ ප්‍රධාන රටවල බහුල වශයෙන් සාකච්ඡා කරයි. එහිදී ඔවුන් සෑම ප්‍රධාන අංගයක්ම සංවර්ධන ක්‍රියාවලියට යටත් කළ යුතු බවට විශ්වාස කරයි. මෙ නිසා ඔවුන් සියළුම අංග සංවර්ධනය කරා ගෙන යයි.
සංවර්ධනය යන සාධකය ලෝකයට පැමිණීමත් සමඟ මේ පිළිබඳ උනන්දුවෙන් විවිධ දාර්ශනිකයින් මතදරන්නන් මේ පිළිබඳ විවිධ මත පැවසීය. ඒවා සංවර්ධනය යහපත් ද අයහපත් ද යන්න පිහිටා ගෙන එනු ලැබූ තර්කයන් වේ. සංවර්ධනය ජාතික වර්ධනයක් ලඟා කරයි,චිරස්ථයි වර්ධනයක් ඇති කරයි. සංවර්ධනය යහපාලනයට මඟ පෙන්වයි යන්න යහපත් ලක්ෂණ වුවත් සංවර්ධනය අයහපත් යන්නද මතවාද ගෙන එයි.සංවර්ධනය පරායත්ථ වූ පරාධීන ක්‍රියාවලියකි. බටහිර ආරයේ නවීකරණයක් ගෙන එයි, සංවර්ධනය පරායත්ත පරාධීන ක්‍රියාවලියකි. සංවර්ධනය බටහිර ආරයේ වෙනස්කම් දරයි.මානව අයිතීන් හා ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරයි. සංවර්ධනය දේශීය හර පද්ධති විනාශ කරයි, යන්න ඒවා වේ. මේ සියල්ල සංවර්ධනය සංදර්භයට වූ ආවේණිකත්වය පිළිඹිබු කරන්නක් වේ. පවතින ලෙස හැඩ ගැසෙමින් සංවර්ධනය උචිත අනුචිත ලෙස භාවිතා කිරීමට දත යුතුය.
සංවර්ධනය සෑම විටම නව අදහස් නව හැඟීම් නව චිත්තවේගයන් සමඟ උත්පාදනය වම සිතුවිල්ලක් වේ. සංවර්ධනය පිළිබඳ හොඳම නිදසුන පැවසිය හැක්කේ පුනරුද සමය හරහාය. පුනරුද සමය තනිකරම සංවර්ධනාත්මක කාලයකි. පිපුරුම් අවධියකි.
සංවර්ධනය පිළිබඳ හඳුනා ගැනීමේදි වටහා ගත යුතු ප්‍රධානම සාධකය වන්නේ සංවර්ධනය අප එක් ක්ෂේත්‍රයකට කොටු කිරීම ඉතා අනුචිත ක්‍රියාවලියක් බවයි.
සංවර්ධන ක්‍රියාවලියේදී සංවර්ධනය ක්ෂේත්‍රයෙන් ක්ෂේත්‍රයට වෙනස් ය. මෙසේ වන්නේ ඇයිද යන්නත් හඳුනා ගත යුතුය. සංවර්ධනය යන්නෙන් අප අදහස් කරන්නේ ඉහත කී ලෙසම වඩා යහපත් වූ වර්ධනීය ස්වභාවයකි. එසේ එනම් එක් එක් ක්ෂේත්‍රයේ වර්ධනීයත්වයට සුදුසු වූ හේතූන් විමර්ශනය කල යුතු වන්නේ එම ක්ෂේත්‍රයට සාපේක්ෂ ලෙසිනි. නීතිය සංවර්ධනය කිරීමට කලාව සමඟ නොහැකි වනවා සේම ලිංගිකත්වය සංවර්ධනය කරා හේතු වන යුරු විමර්ෂනය කිරීමට පරිසරය සංවර්ධනය කිරීමේ න්‍යායන් සමඟ හා ප්‍රායෝගිකත්වය සමඟ නොගැලපේ.
මේ නිසාම සංවර්ධනය එක් රාමුවකට කර අධ්‍යයනය කල නොහැක. සංවර්ධනය ජලය මෙන් යනුවෙන් ප්‍රකාශ කරන්නේ එසේ හෙයිනි. ජලය එහි අඩංගු භාජනයේ හැඩය ගන්නා සේම සංවර්ධනය අදාල වන ක්ෂේත්‍රය සමඟ වෙනස් වේ. මේ නිසා වෙනත් රටක සංවර්ධනය තවත් රටකට භාවිතා කල නොහැකි සේම රටක් තුල ද ප්‍රදේශයෙන් ප්‍රදේශය සංවර්ධන අනුභූතීන් වෙනස් වේ.ඒ නිසා සංවර්ධනය යනු ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතු ක්‍රියාවලියකි. එය එක් ක්ෂේත්‍රයක් ඔස්සේ පමණක් සිදු කල හැකි ක්‍රියාවලියක් නොවේ.
මේ නිසාම සංවර්ධනය බහුමානීය සංකල්පයක් යැයි අප හඳුන්වමු. එනම් සංවර්ධනය අපට ඕනෑම ක්ෂේත්‍රයකින් අර්ථකතනය කල හැකිවීමයි.
මෙලෙස බලන විට සංවර්ධනය අප ළඟා කරගත යුත්තේ එක් ක්ෂේත්‍රයකින් නොවේ. අප සතුව පවතින චක්‍රීය ක්‍රියාකාරීත්වයක් දරන සියළු අංශ සංවර්ධනයට භාජනය කළ යුතුය. තුන්වන ලෝකයේ රටවල් සිතනා ආකාරයට වඩා සංවර්ධනයට විශාල අර්ථයක් පවතී. සංවර්ධනය සෑම විටම සියළු ක්ෂේත්‍ර අරභයා පවතිනු ලබන ක්ෂේත්‍රයක් වේ. මේ නිසා සංවර්ධනය වනාහී සියළු අංග කරා සම්ප්‍රේෂණය විය යුතු ඉතා වටිනා සාධකයකි.
යළිඳු ජයවීර
සංවර්ධන අධ්‍යයනය ගෞරවවේදී
භූගෝලවිද්‍යා අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය