Image
වර්තමානය වන විට ලෝකය දේශගුණික අර්බුදවලින් පමණක් නොව මිනිසුන් විසින් නිර්මාණය කරනු ලැබූ අර්බුදවලින් ද මිරිකෙමින් සිටින්නේය. කොවිඩ්-19 වසංගතය 2019 වසරේදී හිස එසවීමත් සමග ලෝකයම එකම සෑයක දැවෙද්දී මුළු ලෝකයටම ගමන් කරන්නට සිදු වූයේ දැඩි ආර්ථික අවපාතයක් අතරිනි. කෙසේ නමුත් කොවිඩ් 19 පහව යන ලකුණු අතරවාරයේම නව අර්බුද රැසක් නිර්මාණය වන්නට හේතු කාරණාව වූයේ ය. ඒ රුසියන් යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වීමත් සමඟය.
2019 වසරට පෙර දේශගුණික විපර්යාස හේතුවෙන් ලෝකයේ යම්තාක් දුරකට ආහාර වෙනුවෙන් බලපෑම් එල්ල වූ අතර කොවිඩ්-19 සමඟ එය තවදුරටත් උග්‍ර අතට හැරෙන්නට ද වූයේය. එය ලෝක ආහාර අර්බුදයට සෘජුවම බාධාවක් පමුණු වනු නොඅනුමානය. මේ අතරේ යුක්රේන රුසියානු යුද අර්බුද හමුවේ ආර්ථික බලපෑමක් තවමත් ශ්‍රී ලංකාවට දැනී නොමැති බවද පෙනී යන්නේය. යුද ගැටුම් අද හෙට එළි වන රැයෙන් නිමා වුවද ආහාර අර්බුදය එසේ වන්නේ නැති බව ද අවදාරණයෙන් සිහි තබා ගත යුතුය.
Image
යුක්‍රේන යුද්ධය මුල්කොට ගනිමින් ප්‍රබල ගණයේ ආහාර අර්බුද තත්ත්වයක් නිර්මාණය කර ඇති බව හා එය ඉදිරි වසර 15ක කාලය පුරාවට ලොවට බලපෑමක් කරමින් සාගතයක් නිර්මාණය කරන බවටත් නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ සමුළුවකදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් මුළු ලෝකයටම අනතුරු ඇඟවීය.
තිරිඟු අපනයනකරුවන් අතරින් පස්වන ස්ථානයේ පසුවන යුක්‍රේනය තිරිඟු නිෂ්පාදනය හා අපනයනය යන ක්ෂේත්‍ර තුළින් මේ වන විට බිඳ වැටී අවසන්ය. එලෙස රුසියාවේ තිරිඟු නිෂ්පාදනය සහ අපනයනය බිඳවැටුනේ යුක්‍රේන ආක්‍රමණ හේතුවෙන් රුසියාවට බටහිර රටවල් පැනවූ සම්බාධක හේතුවෙනි.
රුසියාව හා යුක්රේනය ලෝකයේ තිබෙන නිෂ්පාදනයෙන් 25% සිදු කරන අතර ම ගැටුම් පවතින කළු මුහුදු කලාපයේ වරායන් හරහා ආනයනය කරන ආහාර අප්‍රිකානු රටවල් 35ක ජනතාවගේ දිවි ගෙවා ගැනීමට අභියෝගයන් රැසක් එල්ල වන බවටත් වාර්තා වී ඇත.
Image
එමෙන්ම ශ්‍රී ලංකාව කෙරෙහි උග්‍ර බලපෑමක් එල්ල නොකළ ද ඛනිජ තෙල් පිළිබඳ විශේෂඥයින් අනතුරු අඟවමින් පෙන්වා දී ඇත්තේ ඉදිරි කාල වකවානුව තුළ ඩීසල් සම්බන්ධයෙන්ද විශාල අර්බුදයක් නිර්මාණය වන බවයි. මෙම ඩීසල් අර්බුදය සෘජුවම ලෝකයේ ආහාර සැපයීමට දැඩි වශයෙන් බලපෑම් එල්ල කරන බවටත් මේ වන විටත් සාක්ෂි අතැතිව ම තහවුරු කර ඇත.
මේ අතර ලෝක වෙළඳ සංගමයයේ සභාපතිනිය ක්ගේසි පවසන්නේ රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් ඊට ප්‍රතිවාදී ලෙස බටහිර රටවල් පැන වූ සම්බාධකත් නිසා ගෝලීය ආහාර මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් ය.
කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී රුසියන් රජයේ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වමින්, එම අර්බුදයට පිළියම් සෙවූ බවත්, පැවති සාකච්ඡා සාර්ථක වුණු බවත් පුළුල් සම්බාධක මධ්‍යයේ ආහාර, පොහොර සහ ඛනිජ තෙල් රුසියාවෙන් ලබාගැනීමට එම සාකච්ඡා සාර්ථක වුණු බවත් පසුගිය 31 වෙනිදා වාර්තා විය.
ආහාර අර්බුදය පිළිබඳ අවදියෙන් ක්‍රියා කළ යුතු බව අවසානයේ සඳහන් කළ යුතු අතර "එදිනෙදා භෝජනය අපට දේවා" යන යෙදුම යථාර්ථයක් බවට පත් විය යුතු බවත් සඳහන් කළ යුතුම ය.
එස්.ඒ.තිලක්ෂි උත්පලා 
විශේෂවේදී දෙවන වසර 
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
සමාජිය විද්‍යා පීඨය
කැලණිය විශ්වවිද්‍යාලය