Image
අප සංසාරයේ තණ්හාවන් පොඳි බැඳ ගෙන ඒවා සොයා ඒ පසුපස පිපාසාවෙන් දුවන්නා වු සත්ත්වයෝය. සියල්ල ක්ෂණිකයෙන් වෙනස්ව යන මේ ලෝකයේ ඇත්ත යථාර්ථයට මුහුණ නොඳි නැවත නැවත තෘෂ්ණාව නිසා සසර ගමන් කරති. සියල්ල වෙනස් වෙති. සත්ත්වයෝ දුක් වෙති. එසේ වුවද සංසාර චක්‍රය ගෙවා නිම කිරීමට උත්සාහ කරන්නේ ඉතා අල්ප පිරිසකි.
අපගේ සංසාර ගමන මහත් වෙහෙසකර වු බියකරු වු දෙයකි. මිනිසා මෙලොවට උපදින මොහොතේ සිට මරණාන්තය දක්වාම විදිමින් විදවමින් ජිවත් වෙති. ඉතා සතුටින් සිටින කෙනෙකුට ඒ සතුට නැති වීමට එක තත්ත්පරයකින් පුඑවන. ‘සංසාර ගමනේ අර්ථය එයද? මෙහි අවසානය කුමක්ද? සසර මෙතරම් බියකරු ඇයි?’යනාදි ප්‍රශ්න රාශියක් සසර ගැන සිතන විට අපගේ සිතෙහි නැඟෙති. අප උත්සාහ දැරිය යුත්තේ එයින් මිඳීමට වුවත් තෘෂ්ණාව නිසා සත්ත්වයා නැවත නැවත එහිම ඇලෙති.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සංසාර ගමන කෙළවර කරා යන ගමන ලෙහෙසි වුවක් නොවෙති. එයට ටිකෙන් ටික ආශාවෙන් ඇත් විය යුතුය. ඒ යථාර්ථය තේරුම් යන්නේ ඉතා අල්ප පිරිසකටයි. අන් සියලු දෙනා නැවත නැවත ඉපදෙමින් දුකෙහිම ඇලෙති. කොතරම් බණ කිව්වත්, කොතරම් බණ ඇසුවත් රටක සිදුවන දුසිරිත් නැති කළ හැක්කේ සු`එ වශයෙනි. එය තමාගේ අවබෝධයෙන්ම ගමන් කළ යුතු උතුම් වු මාර්ගයකි.
සංසාරය බියකරු බව වටහා ගැනීමට, එයින් මිදිය යුතුය යන්න වටහා ගැනීමට ලෙහෙසි පහසු නොවේ. එය තේරුම් ගත් පුද්ගලයා සැනසීම සොයා ගනිති. එහිදි හමු වු බුදුන් වහන්සේගේ මාර්ගය සංසාර ගමනේ නිමාව දක්වා යාමට ඇති හොඳම මඟයි. සසර දුකෙහි ඇලෙමින්, ගැටෙමින් සිටින අප සංසාරයේ බියකරු බව වටහා ගෙන එයින් මිඳිමට සෑම විටම උත්සාහ කරමු.
                                               
නිරෝධ්‍යා සඳමිණි
ජනසන්නිවේදන  අධ්‍යයන අංශය
විශේෂවේදී දෙවන වසර
සමාජීය විද්‍යා පීඨය