Image
ගෝලීය උණුසුම හෝ දේශගුණික විපර්යාස අද මානව වර්ගයාට විශාල තර්ජනයක් වී ඇත. එනම් ගෝලීය උණුසුම ඉහළ යාම මානව වර්ගයාගේ අනාගතය අනතුරේ හෙළීමට තර්ජනය කරන බරපතල පාරිසරික ගැටලු බවට පත් ව ඇත්තේය. මෙම ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස යන යෙදුම් බොහෝ විට එකිනෙකට වෙනස් ලෙස භාවිත වී අර්ථ දැක්වුව ද විස්තර කෙරෙනුයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, සුළඟ, වළාකුළු ආවරණ සහ වර්ෂාපතන මට්ටම් වැනි සාධකවලට බලපාන පෘථිවි කාලගුණයේ දීර්ඝකාලීන මාරුවීම් සහ ඉහළ යාම තුළින් මානව ක්‍රියාකාරකම්, මූලික වශයෙන් ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් පෘථිවිය සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය ඉහළ යාමයි.
      ගෝලීය උණුසුම යනු ග්‍රහලෝකයේ සමස්ත උෂ්ණත්වයේ දිගුකාලීන උණුසුමයි. මෙම උණුසුම් වීමේ ප්‍රවණතාවය දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණ ද ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් පසුගිය වසර සියය තුළ එහි වේගය සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව වාර්තා වෙයි. මිනිස් ජනගහනය වැඩිවීමත් සමඟ ෆොසිල ඉන්ධන දහනය වන පරිමාව වැඩිවීමද මීට හේතුවක් බව හඳුනාගෙන ඇත. ෆොසිල ඉන්ධන සඳහා ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු ඇතුළත් වන අතර ඒවා දහනය කිරීම පෘථිවි වායුගෝලයේ "හරිතාගාර ආචරණය" ලෙස හැඳින්වේ. හරිතාගාර ආචරණය යනු සූර්‍ය කිරණ වායුගෝලයට විනිවිදයාමයි. නමුත් එම තාපය මතුපිටින් පරාවර්තනය වූ විට නැවත අභ්‍යාවකාශයට පැනයාමට නොහැකිවීමත් ෆොසිල ඉන්ධන දහනය කිරීමෙන් නිපදවන වායූන් වායුගෝලයෙන් තාපය පිටවීමත් වළක්වයි. මෙම හරිතාගාර වායු ලෙස කාබන් ඩයොක්සයිඩ්, ක්ලෝරොෆ්ලෝරො කාබන්, ජල වාෂ්ප, මීතේන් සහ නයිට්‍රන් ඔසයිඩ් ලෙස හඳුනාගත හැකිය. වායුගෝලයේ ඇති මෙම අධික තාපය නිසා සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ප්‍රමාණයට වඩා එනම් අතිකාල වශයෙන් ඉහළයාමට හේතු වෙඊ ඇති අතර එය ගෝලීය උණුසුම ලෙස හැඳින්වේ.
Image
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දේශගුණික විපර්යාස නමින් ඇති මෙම වාක්‍ය ඛණ්ඩයකින් ඉහතින් ගම්‍ය වනුයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම දේශගුණික විපර්යාස ඇති කිරීමට හේතුවන බවයි. එනම් එය පුළුල් ගංවතුර සහ ආන්තික කාලගුණික ආකාරවලින් පෘථිවියේ ජීවයට බරපතල හානි පමුණුවීමයි.
          2021 දී දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) සිය හයවන තක්සේරු වාර්තාව (AR6) නිකුත් කළේ මානව ක්‍රියාකාරකම් සීඝ්‍ර දේශගුණික විපර්යාසවලට හේතු වී ඇති ආකාරය හෙළිදරව් කරමිනි. IPCC විසින් ගෝලීය උණුසුම හා දේශගුණික විපර්යාස සඳහා මානවයාගේ ප්‍රධාන භූමිකාව අවධාරණය කරමින් පෙන්වා දෙන්නේය. මානව කෘෂිකාර්මික හා කාර්මික ක්‍රියාවලීන්හි දී කාබන් ඩයොක්සයිඩ් සහ අනෙකුත් දූෂක ද්‍රව්‍ය වායුගෝලයට මුදා හැරීම සහ අඛණ්ඩ නිස්සාරණය, නිෂ්පාදනය මඟින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් දේශගුණික විපර්යාස ඇතිවීම වේගවත් වීමත් ෆොසිල ඉන්ධන පරිභෝජනය තුළින් දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම දැනටමත් වැඩිවීම ඉදිරියේ දී දරුණු කුණාටු, ගංවතුර, නියං සහ ලැව්ගිනි ඇතිවීම එහි බල්පෑම් ලෙස පෙන්වා දෙන්නේය.
          කෙසේවෙතත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ අනාගත ප්‍රතිවිපාක පිළිබඳ බොහෝ විද්‍යාඥයින් ඉදිරි පරම්පරාවට බරපතල ගැටළු පුරෝකථනය කර ඇත. සාගර උණුසුම් වීමේ ප්‍රතිඵල වශයෙන් සුළි කුණාටු ඇතිවීමත් උෂ්ණත්වය ඉහළ යනවිට සමහර ප්‍රදේශවල නියඟ සහ ලැව්ගිනි සමඟ තාප තරංග ඇති විය හැකිබවටත් ඔවුන් පෙන්වා දේ. NOAA වාර්තා කළේ 2021 ජූනි මාසය එක්සත් ජනපදයේ වාර්තාගත උණුසුම්ම මාසය බවත් ජූලි මාසය පෘථිවියේ වාර්තා වූ උණුසුම්ම මාසය ලෙසත් ය. 2018 සිට 2021 දක්වා කැලිෆෝනියා සහ ඔරිගන් ප්‍රාන්තවල අක්කර මිලියන ගණනක් පුළුස්සා දැමූ දැවැන්ත ලැව්ගිනි ඇති වුණි.  නිවැසියන් දහස් ගණනක් අවතැන් කිරීමට, දේපළ විශාල වශයෙන් විනාශ කිරීමට සහ දුසිම් ගණනක් මිනිසුන්ගේ මරණයට පත් කිරීමටද මෙය හේතු විය.  මෙම ලැව්ගිනි හටගැනීමට හේතු ලෙස ඉහළ යන උෂ්ණත්වය සහ අඩු පාංශු තෙතමනයත් වියළි ගිය වෘක්ෂලතා බහුල වීමත් හේතු වන බව දැක්වේ.
මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් ලොව පුරා බොහෝ වෙරළබඩ ප්‍රදේශ ද දරුණු ගංවතුරකට මුහුණ දිය හැකි බවටත් විද්‍යාඥයින් අනතුරු අඟවයි. විසිවන සියවසේ ආරම්භයේ සිට ලොව පුරා මුහුදු මට්ටම අඟල් අටක් පමණ ඉහල ගොස් තිබීම මෙහි භයානක බව තවදුරටත් පෙන්වා දේ.. මෙලෙස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පරිසර පද්ධති සහ වනජීවී වාසස්ථාන කෙරෙහි ද විශාල බලපෑමක් ඇති කරයි. මෙමඟින් සමහර ප්‍රදේශ කෘෂිකර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තරමට වියළි හෝ තෙත්විය හැකියි. දිගු නියං ඇති වීමත් නිසා සාරවත් ඉඩම් කුඩා වෘක්ෂලතා සහිත කාන්තාර බවට පත් කළ හැකියි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන වේගවත් වෙනස්කම්වලට ඔරොත්තු දීමට ශාක සහ සතුන්ට නොහැකි වීමෙන් ඔවුන් වඳවීමේ තර්ජනයට බරපතල ලෙස මුහුණ දීමටද සිදුවේ. මානව ජනගහනයට ද බරපතල ගැටළුවලට මුහුණදීමට මෙමඟින් සිදුවනු ඇත. නිදසුන් වශයෙන් ගොවිබිම් අහිමිවීම්, අහාර සැපයුම් කෙරෙහි බාධා ඇති වීම් බොහෝ ප්‍රදේශයන්හි සාගතයන් නිර්මාණය ද ඒ අතර විය හැකිය. 
කාලගුණික විද්‍යාඥයින් 2020 දශකය දේශගුණික ක්‍රියාකාරකම් සඳහා "තීරණාත්මක දශකය" ලෙස නම් කර ඇත. 2021 අප්‍රේල් මාසයේදී Uණ්FCCC හි දී හිටපු විධායක ලේකම් ක්‍රිස්ටියානා නිගරස් මෙසේ අදහස් දැක්වීය.එය පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට මානවය කෙතරම් කැපවිය යුතුද යන්න මොනවට කියා පායි.
"History will remember this decade as the climate turning point, the moment we finally woke up to the fact that despite, shocks like Covid 19 decarbonization - the reduction of carbon dioxide emissions - is now invetiable...we've crossed a new threshold there's no going back to a high - emissions trajectory."
 
තිලක්ෂි උත්පලා
ජනසන්නිවේදන  අධ්‍යයන අංශය
විශේෂවේදී දෙවන වසර
සමාජීය විද්‍යා පීඨය