හීන සුළඟේ ගියාදෙන්

නොපතනා දේ වුණාදෙන්

නුඹට නුඹ නැති වුණත් කම් නෑ

ලොවක් අභිමුව හිනැහියන්

 

තැවුල්, රිදවුම්, බැණුම් හමුවේ

ළය කෝම දෙදරා ගියත්

ව්‍යාජ මදහසකින් වසන් කර

සියල් සතුටින් දරා ගන්!

 

රතුව ඉදිමුණ ඇස් දෙකේ තෙත

හීන් සීරුවෙන් පිස ගනින්

රෑ ගනන් නිදි නැතුව හිත හිත

හදා නොගනින් ඩිප්‍රෙෂන්

 

මග තොටක කවුරු හෝ නුඹ හට

මුණගැසී සුපුරුදු ලෙසින්

උඹට කොහොමද ඇහුවොතින් ඒ

සැනින් කියපන් මං හොඳින්!

 

 

කෞමදී බණ්ඩාර

සිව්වන වසර

වාග් විද්‍යා අධ්‍යයන අංශය

 

කැලණිය විශ්වවිද්‍යාලය