මා පිය තක්සලාවේ

උපන් හපනෙක් වේ

ශිල්පයෙන් වීරකම් පෑ

නමින් ඔහු මනමේ

 

තක්සලාවේ ඇදුරුතුමගේ

ලස්සනම දූ කුමරි වේ

මනමෙ කුමරිගෙ අතින් අතගත්

මමයි දියණිය කුමරි මනමේ

 

මව්පිය ප්‍රේමයෙන් - පිටමංව එදා දවසේ

මනමේ හා කෙළි‍දෙලෙන්

මාළිගාවට පිටත් වූවේ

 

වනය යන අතරමග  - පැටලුණ ප්‍රේමය

මුණගැසුන වැද්දාට - ලියා දුන්නා හදවතම

 

වනේ වැද්දාට ප්‍රේමයෙන් මා

මනමෙ කුමරුන් නැති කෙරෙව්වේ

මාල රන් අභරණ විතර

හදවත් හොරකම් කෙරුවේ

මා සෙවූ ප්‍රේමයේ සායම්

ගංතෙරේ ඔහු පා කෙරෙව්වේ

අහෝ දෙයියනි රැවටුණා මම

ප්‍රේමයෙන් ඇස් අන්ද කෙරුවේ…

 

එස්. පී. ප්‍රදීපා සංදීපනි ගුණරත්න 

දර්ශන අධ්‍යයනාංශය

සමාජ විද්‍යා පීඨය