Image
 “මට දැන් තනියම ඉදලා එපා වෙලා. ඔයා වැඩට ගියහම මම තට්ට තනියම ඉන්නෙ. ඇයි අපිට දරුවෙක් හදන්න බැරි? මම දාහතේ කල්පනා කරන්නේ ඒ ගැන.”
 ඒ කාන්තිගෙ කටහඬයි.
 කාන්ති විවාහ වූයේ සුමිත් සමගයි. මීට වසර දහයකට පමණ පෙර විවාහ වූ ඔවුන් දෙදෙනා සතුටින් කාලය ගත කළ ද ඔවුන්ගේ පුංචි කැදැල්ලේ පැවති එකම හිඩැස වූයේ ඔවුන්ටම කියා දරුමල්ලන් නොසිටීමයි. කාන්ති දරුවන් නොමැති නිසා දුක් විඳිනමින් කාලය ගත කරයි.  සුමිත් දිනපතා රැකියාවකට යන නිසා ඔහුට ඒ ගැන කිසිම ගානක් පෙනෙන්නට නැත. කාන්ති හැමදාම හිතුවේ ඔවුන්ටම කියා දරුවෙක් ගැනයි. කාන්තිගේ තනිකම මකා දැමීමට සුමිත් කටයුතු කළේ ඇගේ වැඩිමහල් සහෝදරියගේ  කුඩා දියණිය තම නිවසට  රැගෙන එමිනි.  එහෙත් ඊට අකමැති වූ කාන්ති කුඩා දිය දියණිය වන සිඟිති සමඟ නිතර රණ්ඩු සරුවල් වෙන්නට පටන් ගනී. සුමිත්ට අවශ්‍ය වූයේ කාන්තිගේ  තනිකම නිසා කවුරුන් හෝ ගෙදර  නතර කිරීමටයි. එහෙත් කාන්තිට උවමනා වූයේ තමන්ගේ කුසෙන් වැදූ දරුවකුගේ සුරතල් දැකීම්ටයි. විවාහ වු මුල්කාලයේ දී කාන්ති හා සුමිත් බටහිර වෛද්‍යවරුන් පවා හමුවීමට ගිය ද ඉන් පලක් නොවීය.  ඔවුන් සියල්ල පැවසූයේ කාන්තිගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වලතාවයක් නිසා ඔවුන්ට දරු පල අහිමි වන බවයි. බාරහාර වුවත් ඉන් නම් පලක් නොවීය. ඒ බව දන්නා සුමිත් දිගටම වෛද්‍යවරුන් හමුවීම යාම පවා ප්‍රතික්ෂේප කළේ තම බිරිඳගේ හිත කඩා දැමීමට ඔහු ශක්තිමත් නොවූ නිසාය. ඊට ටික දවසකට පසු කාන්ති හා සුමිත් කතාබහක් යෙදී සිටින අතරතුර කාන්ති යෝජනාවක් ගෙනාවාය.
´ මගේ යාළුවෙක් හිටිය  ප්‍රියංගනි කියලා  එයාල ගල්ගමුව පැත්තෙ වෙද මහත්තයෙක් ළඟට ගියා ලු දරුවො නෑ කියලා බෙහෙත් ගන්න. ඉතින් දැන් එයාලට දරුවෝ දෙන්නෙක්ම ඉන්නවා.´
 ´ඉතින් සුමිත් අපිත් යමුද? කාන්ති කීවේ කිරි සිහින සැබෑ කර ගන්න වෙර දරන උතුම් මවක් ලෙසිනි.
“ දැන් අපි කී තැනකට නං ගියාද හෝ වැඩක් වුණාදර?  නෑනේ.”
අනේ සුමිත් අපි මේ තැනට  විතරක් ගිහින් බලමුකෝ. ඇය දුක්මුසු ස්වරයකින් පැවසුවාය.
පහුවදාම කාන්තා හා සුමිත් ගල්ගමු යාමට පිටත් විය. වෙදමහත්තයාගේ ගෙදර හොයා ගැනීම දුෂ්කර වුවත් ඔවුන් දවල් වෙද්දි ඒ ස්ථානයට ළංවිය. සුමිත් හා කාන්ති ඔවුන්ගේ ප්‍රශ්නය වෙදමහත්තයාට ඉදිරිපත් කළේය.
 මට තේරෙනවා මේ ළමයි ඉන්නේ ප්‍රශ්නෙක කියලා. අද ලෝකය දියුණුයි නොයෙක් බටහිර වෛද්‍ය තියෙනවා. හැබැයි බටහිර වෛද්‍ය විද්‍යාවට සුව කරන්න නොහැකි ලෙඩ රෝග ඕනතරම් තියෙනවා. මේ ප්‍රශ්නෙදි දුව මුලින්ම මනස හදා හදාගන්න ඕනේග. දුව පොඩි ළමයින්ට ආදරේ පටන් ගන්න. එතකොට බටහිර වෛද්‍යවරුන්ට පවා සුව කරන්න නොහැකි  බලගතු රෝග ආදරයට සුව කරන්න පුළුවන් නිතරම දරුවෝ එක්ක ඉන්න බලන්න. දරුවන්ට සලකන්න එතකොට ඔයාලටත් දරු සීනේ සැබෑ කරගන්න පුලුවන් වෙයි. වෙද මහතා කාන්ති දෙස බලා අඳුනක් බලන්නාක් මෙන් මිමිණුවාය.
නැවතත් නිවසට ඒමට පිටත් වූ කාන්ති හා සුමිත් ගෙදර එන විට සිඟිති මග බලාගෙන සිටි. කාන්ති වෙනස් වූයේ  ක්ෂණයෙනි. සිඟිතිට සිතාගත  නොහැකි විය. කාන්ති නිවසට ආ විගස ඇය හුරතල් කරමින් ඇය ආස කරන සෙල්ලම් බඩු සියල්ල ගෙන  ඒමට කාන්ති කටයුතු කළේය. සිඟිති සමග මෙසේ සතුටින් කාලය ගතකළ ඇයට වැඩි කාලයක් නොගොස්ම දරු සිහිනය සැබෑ කරගැනීමට හැකිවිය. ආරංචිය දැනගත් විගස කාන්තිගේ ඉහේ මලක් පිපුනා මෙන් විය. ඇගේ දරු සිහිනය සැබෑ වූයේ සිඟිතිගේ කෙළිසෙල්ලම් ආදරය  මැදය. “ආදරේ” කියන්නෙ ලෝකයේ පැවැත්මට උපකාරී වෙන බලගතු ඖෂධයක් කිවහොත් එය නිවැරදිය.
 
  කේ. ඒ. එස් ප්‍රාර්ථනා කොඩිකාර
  විශේෂවේදී ප්‍රථම වසර
  ජනසන්නිවේදන අධ්‍යයන අංශය
  සමාජීය විද්‍යා පීඨය