ඔරලෝසු කටු...
- කවි
- Hits: 5641

ටක් ටක් ටක් ටක්
නාද වූයේ ඒ ඔරලෝසුවයි!!
වේලාව දැන් මැදියම් රෑ දොළහයි
එනමුත් මේ ඇස් තවමත් නොනිදයි...
පසුපසින් යන දිග තත්පර කටුව
කියයි මගෙ අලස දිවිය
ඉදිරියෙන් යන පැය කටුව
සමයි ඔබෙයි මගෙයි කුටුම්භයට...
ඇයි කරකැවුණේ ඔරලෝසු කටු දකුණට
සෙව්වාද කවුරුත් එහි ඇති හේතුව
කටු වූවත් ඔරලෝසු, කරයි වැඩ අකුරට
ඉන්නේ අපි තවමත් අනුනට ක්‍රෝධ කර කර...
ඩබ්. පූර්ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය
16 August 2022
ලියමනක්!
06 June 2023
සඳළු තලයෙන් නික්මෙමි..
13 September 2022
රෝස මල
03 August 2022
සුළඟ හා මුසුවෙමි
09 January 2023
කැලණි කන්ද
16 August 2022
හරි පුදුමයි...හරි පුදුමයි...
03 August 2023
ජීවිතය


