ගිනිගෙන දැවෙනා 

හදවත් කතරෙහි,

බුර බුර නැගෙනා 

සිතිවිලි ජාලා

ජාති ආගම් භේද දුරලා

අපවිත්‍ර කරවයි 

මුළු විශ්වය ම

 

අහෝ !

 

එයම 

පෙරළා විනකොට

අළු දුහුවිල්ලක් කරවයි 

ලෝ තලයම

 

අවසන ,

 

එතනයි සිදුවන්නේ 

මනුෂ්‍ය 

සංහාරය ....

 

 

පැතුමිණි නදිමාලි රත්නසේකර

පළමු වසර

 

කැලණිය විශ්වවිද්‍යාලය