කලින් නොකියා වයස නොබලා

උපන් හැමටම උරුම වන්නේ

උසස් ධනවත් පහත් ඇවතුම්

නැතුව කාටත් යන්න වෙන්නේ 

සරත් සිසිරත් වසන්තය මුත්

කාලයේ වෙනසක් නොවෙන්නේ

අදත් හවසත් හෙටත් අනියත

කොහේ සිට හෝ මරුව එන්නේ

කළත් හොද දේ කය දිරන මුත්

සදාකල් ඒ නම දිරෙන්නේ

කුමට ලොබ  වී ධනය රැක්කත්

අතැර තනියම යන්න වෙන්නේ

ලොවේ හැම දේ මෙසේ අනියත

බව ලබා ඇති වී තිබෙන්නේ

සසර ගමනට තිත තබන්නට

සිතට දහමට සිත යොදන්නේ

 

ප්‍රදීපා සංදීපනී 

කලා පීඨය