රෙජිස්ටර් තැපෑලෙන්

එතැයි මා උදම් වුණු,

ලියමනක් එවා ඇත

මුද්දරෙත් ගාන අඩු....

 

කුහුල සන්සිදෙන තුරු 

කඩ කඩා බැලු නමුදු,

තෙත් වෙච්ච සීතලක්

අතට දැනුනා ය මුදු.....

 

එකදු වචනයක් වත් ලියා නැති කඩදහිය,

අන්ඩ දා මසාගත් කමිසයේ ඇත තවම....

 

හැටවයස් පිරුණු වියපත් මහල්ලෙක් අදට,

මම මටම හිනාවෙමි මතක කාටද මාව......

 

නුඹ එක්ක බීමතින් දොඩමලු ය මම රෑට,

දකින උන් හිනාවුණි පිස්සෙක්! ය අර අතන.....

 

රැගෙන කමිසයෙන් අවසන් වරට ආ ලියුම,

යලි වරක් සිපගනිමි! තවම තෙත කඩදහිය......



රුවනි නිරෝෂණි

පළමු වසර

කැලණිය විශ්වවිද්‍යාලය