හදින් වැළැඳි පෙර

නටබුන් සමයන්

කය නිදන රෑ යාමයන්වල

මතක සිහින සේ

අවුදින් අඩවන්

සිතැස් අග රැඳී

පුබුදුවයි සිරුර !

 

ටිකින් ටික දිරන

පණ ගිලිහෙන සිත්

සාලිකාව අග

බලෙන් වැනෙනා

බොළඳ ඇල්මක

හිඳුණු මළකඩ පහන්

ගිනි සිළ  ….

 

" සබ්බං පහාය ගමනීයං " !

 

කොහෙන්දෝ ආ

උවැසි ස්වරයක්

සුලං තෑපැලෙන්

ඇවිත්  සවන වෙත !  ….

….....................................

එකඳු වැහි කඳුළු

බිඳුවක් නොහෙලා

බලා සිටින විට

රුදුරු අහස් ගැබ  ….

 

එකෙණෙහි තරුවක්

වැටිණි පොළොව මත

මියැදී රැඳෙනු හෝ

පිණිස උරුම තැන  ! 

 

අකිල  මල්ලිකාරච්චි

පළමු වසර    

 ලලිත කලා අධ්‍යනාංශය

 

 මානව ශාස්ත්‍ර පීඨය