Image

පසුගිය අගෝස්තු 25 දින කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් පිරිසක් එක්ව කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානය අසල පිහිටි

ඔබට මට අපි හැමෝටම ඕනේ නිදහසේ ජීවත් වෙන්න. ලැබුණු ජීවිතය උපරිමයෙන්ම විඳින්න. මනුශ්‍යය අපි හැමෝගේම බලාපොරොත්තුව ඒක.

 

හදිස්සියේම රටට, ලෝකයට ආව කොවිඩ් මාරයා නිසා අපේ ඒ නිදහස අද නැතිවෙලා. කාලය ගෙවා ගන්න දේවල් හොය හොයා අපිට ජීවත් වෙන්න සිදුවෙලා. හෙට අපිට මොනවා වෙයිද?අපේ ආදරණීයයන්ට මොනවා වෙයිද? කියලා හිත හිතා ඉන්න වෙලා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? ඇයි අපිට මෙහෙම වුනේ,කියලා එක පිට එක ප්‍රශ්න අපේ හිතේ මතු වෙන්න පටන් අරන්.

ඇත්තටම අපිට මෙහෙම වුනේ ඇයි?

 

මනුෂ්‍යයින් කියන්නේ අත්දැකීම් බහුල කොට්ඨාශයක්. මේ කොට්ඨාශය ජීවිතයට පාඩම් එකතු කරගන්නේ, ඉගෙන ගන්නේ අභියෝග වලට මුහුණ දීලා, ඒක ඇත්ත.අපෙන් විශාල ප්‍රතිශතයකට අත්දැකීම නොලබා,

එහෙම වුනොත් මොකක් වෙයිද? සරලවම කිව්වොත් දුර දිග බලලා වැඩ කරන පුරුද්දක් නෑ. කොච්චරවත් විභාගයට සූදානම් වෙන්න කිව්වත් බොහෝ දෙනා කරන්නේ විභාග ප්‍රතිඵල ආවයින් පසුව පසුතැවෙන එක. ඒ වගේ තමා දැනුත් වෙලා තියෙන්නේ. පොඩ්ඩකට හිතන්න අපි ඉගෙනගන්න පටන් ගත්ත දවසේ ඉඳන් අපිට කියන්නේ, ගස්වැල්වලින් ඔක්සිජන් ලැබෙනවා කියලා. ඒ නිසා අපි ගස්වැල් වවන්න ඕනේ කියලා. ඒත් ඒ කාලේ අපිට ඇතිවෙන්න හුස්ම ගන්න පුළුවන්. නිදහසේ එහෙ මෙහෙ යන්න පුළුවන්.එතකොට අපිට හිතුනද ගස්වැල් වවන්න, මේ ගහ කැපුවට පස්සේ මොකක් වෙයිද කියලා. මිනිසුන් විදිහට අපි හැමදාම කළේ, තවම කරන්නෙත් තාවකාලික නිදහස, සැපත අපේක්ෂා කරන එක.

 

තමන්ගේ හුස්ම ආරක්ෂා කරගත යුත්තේ තමන්මයි. තමන්ගේ හුස්ම වෙනුවෙන් වෙන කෙනෙකුට ඉදිරිපත් වෙන්නත් බෑ, වෙන්නෙත් නෑ.

 

අපි මෙච්චර කාලයක් ලෝකයට, පරිසරයට, ස්වභාවධර්මයට බරක් වෙලා හිටිය. අපි ඒ වෙනුවෙන් මොකද කළේ, ස්වභාවධර්මයෙන් උපරිමයේ හූරන් කෑවා නේද?

අපි එදා අපේ ඉඩමේ අපේ කොටසේ තිබුණු ගස් කොළන් විනාශ කරලා ඔවුන්ට සීමා පැන වූවා වාගේ, අද අපිට ස්වභාවධර්මයෙන් සීමා පනවලා. ඔක්සිජන් සීමා කරල, නිදහස සීමා කරල.

ලොකු මිනිස්සු නිසා මේ ලෝකේ එළියවත් දැකල නැති පොඩි කිරිකැටියන් ට මේ ලෝකය දාලා යන්න වෙලා. මේවට හේතුව මොකක්ද, කියලා අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. දවසින් දවස දවසින් දවස අපිට බලපෑම් කරන, අපේ ජීවිත වලට බලපෑම් කරන ප්‍රශ්න ගොඩනැගුවේ අපිමයි.

 

එකිනෙකාට ඇඟිල්ල දික් කිරීම නෙවෙයි කළ යුත්තේ, තමන් අතින් සිදුවුණු වැරදි ගැන හිතලා ඒවා ආයෙත් නොවෙන්න වග බලා ගැනීමයි. තේරුමක් නැතිව කාලය ගත කරන එක නෙවෙයි, තමන්ට ඉතිරිවෙලා පොඩි කාලෙදි හරි තමන්ගෙ ආත්මයට තෘප්තියක් ලැබෙන දේවල් කිරීමයි. තමන්ට හුස්ම දෙන පරිසරයට, තමන්ට හුස්ම දෙන ස්වභාවධර්මයට යුතුකමක් ඉටු කිරීමයි. අපි නිසා මිහිතලය නොව මිහිතලය නිසා අපි රැඳේ.

 

නුතාරා තුඩුහේන

පළමු වසර

මානව ශාස්ත්‍ර පීඨය

මීයන් ඇල්ල නම් ඉතා සුන්දර දිය ඇල්ල අවට පිරිසිදු කිරිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ඒ විද්‍යාර්ථයින් පිරිසක් එකතු වී නිර්මාණය කරන ලද “හුස්ම” නම් පරාර්ථකාමී සංකල්පයකට අනුවයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ සිට වම් පසට රේල්පාර දිගේ කිලෝ මීටරයක් පමණ ගමන් කළ පසු මෙම මීයන් ඇල්ල දැකගත හැකිය. අලගල්ල කන්දෙහි හෙලන්මඩිත්ත නම් ස්ථානයෙන් ආරම්භ වන මෙම දියඇල්ල බලගොඩ සහ තලගොල්ල ගම්මාන හරහා ගමන් කර තලගොල්ල ඔය සමඟ එකතු වෙයි. වර්ෂා කාලයේ දී මෙහි ජල ධාරිතාව ඉහළ යන අතර එම කාලවලදී සංචාරක ආකර්ෂණය අති විශාල වෙයි. 1815 දී ඉංග්‍රීසීන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ පාලනය ලබාගත් පසු ඔවුන්ගේ වෙළෙඳ කටයුතු සඳහා අවශ්‍ය ගමනාගමන පහසුකම් නිර්මාණය කරගන්නට විය.