Image

පැය ගානක් එක දිගට චිරි චිරියේ ඇදහැලුණු පොද වැස්ස මහා වැස්සක් වෙද්දිම සියදෝරිස් යාන්තමින් ගෙට ගොඩ වුණේ පුරුදු වේදනාව හෙමි හෙමින් ඇඟ වෙලා ගනිද්දිමයි.

“පොඩි එකියෝ වතුර එකක් ගෙනෙන් මය දුවේ.."

යාන්තමින් මැටි වලින් වාරු කරලා තිබුණ් බිත්ති එකින් එක පුපුරලා ගිහින් වේයෝ හරි සිරුවට ඒ අස්සේ ගෙවල් හදන්නන පටන් අරන් තිබුණ හැටි සියදෝරිස් බලන් හිටියේ මහා වේදනාවකින්. මැනිකෙගේ පෙරැත්ත නිසාම යාන්තමින් මාස ගාණක් මහ පොළව එක්කලා  ඔට්ටු වෙලා ගෙදරට ගෙනාව ගඩොල් කැට ටික තාමත් එහෙමමයි නේද කියලා මතක් වුණාම හිත කිරී ගැහිලා ගියේ සියදෝරිස්ට සියදෝරිස් ගැනම දැනුණ අනුකම්පාවත් එක්කමයි.


“ අප්පච්චි අදත් අපේ ටීච කෑගැහුවා.."

සීතල වෙච්චි මැටි කෝප්පේ අත උඩින් තියෙන ගමන් පොඩි එකී එහෙම කිව්වේ ඇහෙන නොඇසෙන ගානට. ඒ වචන එක්කම සියදෝරිස්ට මතක් වුණේ උදේ මැනිකෙගේ කරාබු කුට්ටම හන්දියේ කඩේ මුදලාලිට දීලා ගත්ත ගනුදෙනුව.

“ මය පුතේ මෙහෙ වරෙන්කො..”

“ අප්පච්චි .. “

“ මෙන්න මේක ඔය නෝනාමහත්තයට දීපන් මය පුතේ.. “

කමිසේ උඩ සාක්කුවේ බොල් පින් වැස්සට යාන්තමින් පිනි බාල තිබුණ රුපියල් සීයේ නෝට්ටු දෙක අරන් දික් කරේපොඩි එකිගේ  මුණ දිහා බලාගෙනයි.

“ හා අප්පච්චි “ 

හරියට මැලවිච්ච මලකට වතුර වැටුණා වගේ. ඒ මූණ හිනාවකින් පිරුණේ සියදෝරිස් බලන් ඉද්දිමයි.

“ මහත්තයා ආවද “

අතට ගත්ත රුපියල් දෙසිය හරි සිරුවෙන් අනික් අතින් ගුලි කරගෙන පොඩ් කෙල්ල මැකිලා යනවා එක්කම සියෝදෝරිස්ට ඇහුණේ මැණිකේගේ කෙදිරිලි හඩ.

“ ඕන් මැණිකේ දැනුයි ගෙට ගොඩ වුණේ. “

“ මහත්තයට කහට උගුරක් ගෙන්නම්.”

“ එකනම් හොදයි මැනිකේ. කකුල් දෙක පුපුරන්න හදනවා. “

උදේ ඉදන්ම මහ පොළව එක්කලා ඔට්ටුවෙලා ඉවසන්න බැරි වේදනාවක් තිබුණත් සියෝදිරිස්ට ඕන වුණේ නෑ කවදාවත් ඒ වේදනාව මැණිකේ ඉස්සරහ පෙන්නන්න.

“ ඉක්මනින් අරන් එන්නම් මහත්තයා .”


කකුල ඇද ඇද ගේ ඇතුලට යන මැණිකේ දිහා සියෝදෝරිස් බලන් හිටියේ වේදානවෙන්.. එදා වලව්වේ ලේ නෑයෝ හැම එකාම අතඇරලා සියෝදිරිස් එක්ක හොර රහසේම දීග කන්න එනකොට මැණිකේ කියටවත් හිතන්නේ නැතිව ඇති මේ විදිහට දුක් විදින්න වෙයි කියලා. එහෙම හිතනකොට සියෝදෝරිස්ගේ ඇස්වලට කදුලු ආවේ ඉබේටම.

“ අපේ මහත්තයා මොකෝ මේ ඇස්වල කදුලු. “

“ ඈනුමක් ගියා නොවැ මැණිකේ.  “

“ මොනා හරි කන්න තබ්බන්නම් මහත්තයා ..ඊට කලින් මේ හකුරු කෑල්ලින් තේ කහට එක බීලා හිටියනම්. ගේ හරියේ සීනි ඇටයක්වත් නෑ මහත්තයා ..”

සියෝදිරිස් දිහා නොබලම අවසාන වචන ටික මැණිකේ කියලා දැම්මේ වේදනා දෙන කකුල පහලට පිරිමදින්.

“ අදත් හාමු මහත්තයා කුලිය දුන්නේ නෑ මැණිකේ.

“ අර මොකෝ මහත්තයා .”

“අද තේ පැලයක් ගැලවුණා මය අතින්.”

වලව්වෙන් බැහැලා ගේ දිහාට හැරෙනකොටම මේ වගක් නොකියනවා කියලා හිතන් හිටියට අවසානෙට උගුර්ට හොරා කසාය බොනවා වගේ සියදෝරිස් ඒ වචන ටික කියලා දැම්මේ නොකියා ඉන්න බැරි කමටමයි. 

“ වත්ත පල්ලෙහා පොල් ගෙඩියක් වැටිලා තිබුණා මහත්තයා ..මන් අරන් එන්නම් විගහට. සම්බෝලයක් අබරා ගන්න.”

සියෝදරිස්ගේ වේදනාව අකුරක් නෑරම මැණිකේ තේරුම් ගත්ත නිසාම බකල් ගහන කකුල ඇද ඇද වත්ත පහලට ගියේ තවත් වචනයක්වත් නොකියා. දින මාස ගෙවිලා යනකන් මහ වලව්වට කැබුරුවට මාස අවසානෙ හැරිලා බලද්දි සියදෝරිස්ට ලැබෙන්නේ වැඩ කරපු එකින් තුනෙන් කොටහක්.

“ ලොකු මහත්තයා මට තව පඩිය කියක් හරි වැඩි කරලා දෙන්න පින් සිද්ධ වෙයි.”

“ උබලට ඉන්ඩ හිටින්න තැනකුත් මන් දීලා ඔය කරන උදව් හොදටම ඇති සියදෝරිස් .”

“ මහත්තයා පොඩි කෙලීගේ ඉස්කෝලෙට හරියට වියදම්..”

“ උබලට මෙච්චර කන්න බොන්න ඉන්න හිටින්න දීලා මන් ගාව ඉන්න බැරිනම් පලයන් සියදෝරිස් ..ආය සතයක්වත් වැඩියෙන් ගෙවන්න මට සල්ලි නෑ. “

දෙන සොච්චම මදි කියලා හාමු මහත්තයා ඉස්සරහ කිව්වොත් හැමදාම ඔය වචන ටික අහගන්න වෙනවා කියලා සියදෝරිස් හොද හැටි දන්න නිසාම අද වචනයක් නොකියාම වලව්වෙන් පිට වෙලා ආවේ ...

“ මහත්තයා ඇගට වතුර ටික්ක දාගත්තනම්.”

තාමත් පිළිකන්නේ වාඩිවෙලා ඉන්න සියදෝරිස් දිහා බලලා මැණිකේ කිව්වේ තවත් රෑ වුනොත් සියදෝරිස්ගේ පපුවේ කැක්කුම වැඩිවෙයි කියලා බයට.


“ හා මැණිකේ මන් වෙලේ ලිදට ගිහින් එන්නම්..”

පුරුදු තැනම එල්ලලා තිබුණ ලෙන්සු තුවාය කරේ දාගත්ත සියදෝරිස් යාන්තමින් කඩුල්ල පැනලා ලිදට ගොඩ වුණේ නාගන්න කියලා හිතාගෙන. ඒත් කලුවර මුලු පරිසරයම වෙලන් ඉන්න මොහොතේ එක පාරම ලොකු එලියක් ආව නිසා පාරින් ටිකක් පැත්තකට වුණේ ඒ එලිය මොකක්ද කියලා දැනගන්න.


“ මාමා මේ ගමේද.”

වාහනේ ළගට එනකොට සියදෝරිස් පොලිස් ජිප් එක කියලා අදුරාගත්තත් ඒ වාහනේ එන්නේ සියදෝරිස් හොයාගෙන කියලනම් කියටවත් දැනන් හිටියේ නෑ.

“ ඔව් මහත්තයා “

නළල රැළිකරගෙන සියදෝරිස් උත්තර දුන්නේ මැදිවියේ පොලිස්රාලහාමි මොනවා කියයිද කියලා සැකෙන්

“ මාමා දන්නවද මේ ගමේ සියදෝරිස් කියලා කෙනෙක් ඉන්නවා. “

වෙන්නේ මොකක් හරි ලොකු දෙයක් කියලා තේරුණ නිසාම සියදෝරිස් ආයෙත් බැලුවේ ඒ පොලිස්රාලහාමි දිහා.

“ දන්නවද..”.

“ ආ ඔව් ඔව් ඒ මන් රාලහාමි.”

වයස අවුරුදු පනහ ඉක්වලා ගිහින් තිබුණත් උපන්තේකට පොලිසියකට අඩිය තියලා නැති නිසා සියදෝරිස්ගේ හිතට දැනුණේ බයක්..

“ එතකොට  ගංගා චන්ද්‍රානි කියන්නේ මාමගේ කවුද..”

“ මහත්තයා ඒ මයේ ලොකු කෙලි.”

වලව්වේ ලොකු මහත්තයාගේ කීමට ඉස්කෝලේ ගමනත් නවත්තලා අනික් ටවුමේ තියෙන වලව්වේ ගිම්හානිව නැවැත්තුවේ අගහිගකම් නිසා මිසක් සියදෝරිස් හිතේ කැමැත්තෙන් නෙවේ.. ඒ නිසා ගංගා මතක් කරපු ගමන් සියදෝරිස්ගේ සියලගම රත් වුණේ දරු සෙනෙහස කියා පාන්න වගේ..

“ ගංගාට පොඩි කරදරයක්..මාමා එන්න ඕන දැන් අපි එක්ක එතැනට යන්න..”

“ යමු මහත්තයා යමු..”

තවත් ඉවසන්න බැරි තැනම ඇස් අස්සේ පොර කෑව කදුලු කැටවලට ඔහේ ගලන්න ඉඩ දීලා සියදෝරිස් ගොඩ වුණේ ඒ වාහනේට. වැලි පාරේ ආව ඒ ගමන ටිකක් වේදනාකාරි  ගමනක් වුනත් සියදෝරිස්ට ඒ කිසිම දෙයක් නොදැනුණේ හිත අස්සේ කිරී ගැහුණ ලොකු බයත් එක්ක්මයි.

“ ලොකු උන්නැහේ කලබල වෙන්න එපා මට හරියටම දැනගන්න ඕන මේ බොඩි එක ගංගගේද කියලා..”

“ හ්ම්ම්...”

කියාගන්න ගොඩාක් දේවල් තිබුණත් සියදෝරිස් කරේ හූ මිටි තියපු එක විතරමයි. 


“ එන්න යමු සියදෝරිස් ..”

එදා අඩියෙන් අඩිය හුරු පුරුදු කමක් දැනුනත් අදනම් සියදෝරිස්ට දැනුණේ මහම මහ් මූසල හැගීමක්..

“ යන්න ලොකු උන්නැහැහේ ඇතුළට. 

ප්‍රධාන පොලිස්පරීක්ශවරයා  හිතන්න පුලුවන් නිලධාරියා එහෙම කියද්දි සියදෝරිස් ඉස්සරහින් තිබුණ කාමරේට ඇදුණේ හිත දෙලොවක් අතර තනිවෙද්දිමයි..

“ මහත්තයා මහත්තයා ඒ මගේ ගංගා .. ඔව් මහත්තයා ඒ මගේ ගංගා තමයි..”

ඇද උඩ තිබුණ සුදු රෙද්දට බිමට දානවත් එක්කම මතුවුණ රූපෙත් එකක් සියදෝරිස් කෑගහන්න ගත්තේ හරියට අත දරුවෙක් වගේ..

“ මහත්තයා මොකාද මේ අපරාදේ කරේ .. මහත්තයා කියාපන්.”

තැන තැන පිළිස්සුණු ගංගගේ නිරුවත් සිරුර දිහා ආය ආයේ බලන්න සියදෝරිස්ට තබා මොනම අප්පච්චි කෙනෙක්ට පුළුවන් කමක් තිබුණේ නෑ.. 

“ කලබල වෙන්න එපා මාමේ රෝහිත් කියලා නමක් තමා ගංගා අකුරුවලින් ලියලා තිබුණෙ  “

“ රෝහිත්. රෝහිත් පාහර බල්ලා එහෙන් බල්ලෝ උබ මගේ එකීව මැරුවා .තෝ මරනවා මන්..”

මෙතෙක් වෙලා ඔහේ හිටිය සියදෝරිස් පොලිස්සියේ නිලධාරීන්ටත් එහා ලොකු බලයක් අතේ තියන් කෑ ගැහැවේ හිතේ තිබුණ වේදනාවටයි..

“ කලබල වෙන්න එපා ලොකු උන්නැහේ.අපි බලමු.”

“ බලන්න දෙයක් නෑ මහත්තයා .. ඕකා මේ ගමේ කී දෙනෙක්ටනම් ඔය අවලන් වැඩේ කරාද පාහරයා.”

“ අපි මේක ගැන විමර්ශන කරනවා “

“ ආයේ විමර්ශන එපා මහත්තයා මන් ඕකව බාවනව..”.


එහෙම කිව්ව සියදෝරිස් තවත් එක් සැරයක් ගංගගේ සිරුර දිහා බලලා දුවන් ආවේ ගුරු ආරට.. එතැනින් නතර් නොවුණ සියදෝරිස් පුලුවන් වේගේන් කවදාවත් නැති ශක්තියකුත් එක්ක සියදෝරිස් ආවේ වලව්ව ඉස්සරහට.

“ රොහිත් වරෙන් බල්ලෝ ඉස්සරහට.”.

“සියදෝරිස් මොකාටද උබ ඔය කත කරන්නෙ..”

ඉස්සරහා ආව ලොකු හාමු පුලුවන් තරම් වෙර දාලා සියදෝරිස් ගැහුවේ කානේ පාරක්..වෙනදා කකුල පැටලුනත් වැටෙන යන සියදෝරිස් ඒ පර දරන් හිටියේ හරි සිරුවෙන්.

“ කොයි ඕකට් එන්න කියපව්.”

“ කටවහපන් සියදෝරිස් පරයා මන් තොට ආය කියන්නේ නෑ..

“ අප්පච්චි මොකෝ මේ සද්දේ..”

“ මෙන්න මේ කාපූ පතේ නම්බුව තියන දන්නේ ඇති එකා ඇදලා දාපන් පුතේ..”

ඒ කියනවත් එක්කම රෝහිත් හාමු ආවේ සියදෝරිස් ළගට.. ඇහිපිය ගහන වේගෙත් එක්ක හිතට ආව කේන්තියත් එක්කම ඉනේ ගහ හිටිය මන්නේ අරන් රෝහිත්ගේ පපුවට අනින්නේ රොහිත්ටවත් හිතන්න ඉඩක් නොතියා.

“ අදින් පස්සේ නටන නාඩකමක් ඒ ලෝකේ ඉදන්..."

එහෙම් කියපු සියදෝරිස් රෝහිත් පපුව බදාගන්නවත් එක්කම හැරුණේ පොලීසිය දිහාවට යන්න......


නිමි.................

ගනේෂා ගුණවර්ධන