Image
23  ඇදේ හිටපු පේෂන් කොහෙ ද?”
“දැන් ටිකකට කලින් එයා නැති වුණා”
“මොනවා!”
“ඔව් මේ දැන් මෝචරියට අරන් ගියේ ”
“එහෙම කොහොම ද වුණේ....”
දෙගිඩියාවෙන් මගේ හිත ගැහෙන්නට වූයේ ය. මියයන්නට තරම් අසනීපයක් පියදාසට තිබුණ ද? මම පිරිමි වාට්ටුවේ සිට මෝචරියට දිව්වේ ය. සුදු රෙද්දකින් වසාගත් පියදාසගේ සිරුර දුරතියා  මම දුටුවෙමි. ක්ෂණිකව ට්‍රොලිය ඉදිරියට පැන මා එය නතර කළේ ය.
පියදාස යනු මට හමුවුණු සාමාන්‍යය රෝගියෙක් ය. එහෙත් කිසිදා නොදැනුණු හුරුපුරුදුකමක් ඔහු දකින විට මට දැනුණි. ඊයේ රාත්‍රියේ පියදාස මට ඔහුගේ ජීවිත කතාව කියන්නට වූයේ ය. ඒ ඔහුගේ හිතේ කිසියම්  වෙනත් අදහසක් තිබුණාවත් ද? විවිධ සිතිවිලි මගේ මනසේ දෝංකාර දෙයි. දරාගත නොහැකි වේදනාවක් සමඟින් දෙනතින් කඳුළු ගලා ආවේ ය. ඉන් බිදු කිහිපයක් පියදාසගේ නිසල සිරුරට ද වැටුණි.
“අනේ සොරි මිස්”
හදිස්සියේම මා අසලින් දිවගිය තරුණයෙක් මගේ සිරුරේ ගැටුණි. එකවරම පියදාසගේ නිසල සිරුර මතට මා ඇදවැටුණි.
අදහාගත නොහැකි ය. ඔහුගේ දේහය තවමත් උණුසුම් ය. මගේ සිතේ නව බලාපොරොත්තුවක් ඇති විය. මම වහාම ඔහු වසා සිටි සුදු රෙද්ද ඇඳ දැමූවෙමි. පුදුමයකි. පියදාසගේ නිසල දේහයේ කකුලක් එකවර සෙලවුණි. ටික්∶ ටික්∶ ටික්∶ හඩින් ඔහුගේ නාඩි වැටුණි.
“දෙවියනේ මේ මනුස්සයා තාම පණපිටින්”
මම එකවර කෑ ගැසුවෙමි.  අවට සිටි සියල්ලෝම මා දෙස හැරී බැලුවේය.එසැණින් ක්‍රියාත්මක වූ මා ඔහු හදිසි ප්‍රතිකාර ඒකකය වෙත යොමු කළේ ය.
එය සිදු වී අදට වසර දෙකකි. ඉන් පසු පියදාසට සිදුවූයේ කුමක් ද යන්න මම නොදනිමි.  එදින වැඩමුරය අවසන් වූයෙන්  මම නිවස බලා පිටත් වූණෙමි. දෙදිනක නිවාඩුවකින් පසු නැවත පැමිණෙන විට ඔහු නොසිටියේ ය. බොහෝ දෙනෙකුගෙන් විස්තර ඇසුවද  ඔවුන් ද ඔහු පිළිබඳව කිසිවක් නොදැන සිටියේ ය. 
අද  මම  අලුතින් මාරුව හදාගත් වලස්මුල්ල මහ රෝහලේ වැඩ භාරගත්තෙමි.
මිසී! මිසී!!
එකවරම මිසී කියන හඩින් තිගැස්සී මා පිටුපසට හැරුණි.
මිසී මම පියදාස ඒ ඔහුගේ පිළිතුරයි.        
                               
රසාන්දි විතාරණ
තෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජ විද්‍යා පීඨය
Image

මීට වසරකට පමණ පෙර එක් දිනක මා මිතුරිය සමඟ පරිඝනක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වීමට යාම සඳහා නිවසින් පිටත්ව යාමට සූදානම් විය. එම අවස්ථාවේ ඇයද අප නිවසට පැමිණ සිටි අතර, පිටත්ව යාමට සූදානම් වන විට ඇය පැවසුවේ “ටිකක් ඉන්න. එළියට යන්න එපා..” ලෙසයි. ඒ මක් නිසාදැයි විමසූ විට “කරුණාවතී නැන්දා පාරෙ එනවා පේන්නෙ නැද්ද... එයා යනකන් ඉදලා යමු.” ලෙස ඈ පැවසූ වදන් ඇසීමෙන් මගේ සිත තුළ හටගත්තේ කෝපයකි. නමුත් ඇය සමඟ වාද කිරීමට එය අවස්ථාවක් නොවන නිසා, ඒ මොහොතේ මා නිශ්ශබ්දව සිටීම පිළිබඳ වරදකාරී හැඟීමක් අදද මා සිතට දැනේ.

කෙසේ වෙතත්, ස්වාමියා මිය යාම නිසා වැන්දඹු ගැහැණියක් යැයි සමාජය විසින් හංවඩු ගැසූ ‘කරුණාවතී නැන්දලා’, ‘කරුණාවතී අක්කලා’ කොතෙකුත් සමාජයේ සිටින බවද මා දනී. තම ස්වාමි පුරුෂයා හා දරුවන් සමඟ සතුටින් ජීවිතය ගත කරන්නට බලාපොරොත්තුව ඇතිව සෑම කාන්තාවක්ම විවාහ දිවියට එළඹෙන බව අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ... එය ඔබ අප සැවොම දන්නා කාරණයකි. කරුණාවතී නැන්දාද එවැනිම කාන්තාවක් වේ.

දහසක් බලාපොරොත්තු සිතෙහි දරාගෙන විවාහ දිවියට එළඹී, දිනෙක තම ස්වාමි පුරුෂයා මෙලොව අතහැර ගිය විට කරුණාවතී නැන්දා දරුවන්ද සමඟ ජීවන බර කර මත තබාගෙන ජීවත් වූයේ කෙතරම් වේදනාකාරී හැඟීමක් සිතෙහි දරාගෙනද යන්න ඇයගෙන් විමසුවහොත්, ඇයට එම වේදනාකාරී හැඟීම වචනයෙන් විස්තර කිරීමට පවා නොහැකි වන බව නොඅනුමාන ය. කෙතරම් අසරණබවක් ඒ සිතට දැනෙනවා ඇති ද..? මෙලෙස චිත්ත පීඩාවකින් සිටින මනුෂ්‍යයෙකුට සමාජය විසින් තවත් කෙණෙහිලිකම් කරන විට ඔවුන් තව තවත් පීඩාවට පත්වන බව සමාජයේ මිනිසුන්ට නොවැටහෙණුයේ මන්දැයි සිතාගත නොහැකි ය. නැතිනම් ඒ බව දැන දැනත් එවැනි චිත්ත පීඩාවන් තව තවත් ලබා දෙනුයේ කුමන හේතුවක් නිසාදැයි මා හට නොවැටහේ. කෙඳිනක හෝ තමාවද කරුණාවතී නැන්දා මෙන් සමාජය විසින් වැන්දඹු ගැහැණියක් බවට හංවඩු ගැසුවහොත් කෙතරම් අසරණභාවයකට පත්වන්නට සිදුවේ දැයි කාන්තාවන්ටද නොවැටහීම පුදුම විය යුතු කාරණයකි.

ශිෂ්ට සම්පන්න මිනිසුන් ලෙස සමාජය විසින් කළ යුත්තේ එවැනි කාන්තාවන් සමාජයෙන් කොන් කිරීම නොවේ. ජීවන ගමනේ අසරණභාවයට පත්වීමට ඉඩ නොදී ඔවුන් සමඟ සිටීමයි. ඔවුන්ට ශක්තියක් වීමයි. තම ස්වාමි පුරුෂයා සිටියදීම, අනියම් සබඳතා පවත්වා ගන්නා කාන්තාවන් සිටින සමාජයක, තම ස්වාමියාද නොමැතිව දරු මුණුබුරන් රැකබලාගෙන ජීවන සංග්‍රාමය ජය ගැනීමට වෙර දරන කරුණාවතී නැන්දා වැනි කාන්තාවන් දිරිය කාන්තාවන් ලෙස සමාජයේ ඇගයුමට ලක් කිරීමයි. 

පීඩාවට පත් වන මිනිසුන් තවත් පීඩාවට පත්කිරීම මනුෂ්‍යත්වය නොවන නමුත්, ඔවුන් එම පීඩාවෙන් මුදවා ගැනීමට ශක්තියක් වීම සැබෑ මනුෂ්‍යත්වයයි.

 

තක්ෂිලා උදයංගනී

විශේෂවේදී දෙවන වසර

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා පීඨය