ගැඹුරු හුස්මක්
- කවි
- Hits: 2480

අඩක් ඉදිකළ ප්‍රේමයේ නගරය
සුනු විසිනු වී ගිය මල් ලියකම් මැද
සිනහා ගිනි ඇවිලෙයි
යහන තෙමෙන කඳුළු ගඟ මැද...
සුදු පාට කඩදාසියක
නේක වරනින් සිත්තම් කළ ද සිතුවම
නොහැගුනේ මන්දැයි
මගේ නොවන බව
සිතත් එක්ක අරගලය...
අසවලා දකීවිද
උනෝතින් ලැජ්ජ සනුහරේටම
නොයෙක් යදමින් බැඳී ගෙල මුල
හුස්ම ගන්නත් අරගලයක..
කවි කමින් බැඳි කවි කලත්
පෙම් දමින් බැදි පොත්වලත්
නොවිසඳුන එක් ඡේදයක්
හරි මැදට වන්නට අරගලයක
උපනොත් ජීවයක්
ජීවයේ ජීවත්වීමට
ජීවිතය අරගලයක
ඒක මහ ගැඹුරු හුස්මක්...
හේමමාලී වඩුගේ
විශේෂවේදී තෙවන වසර
වාග්විද්‍යා අධ්‍යනාංශය.
18 April 2023
Create

15 May 2023
සයුරෙන් එතෙර කහවණු

28 December 2022
ප්‍රේමය !

18 April 2023
කවිය

30 August 2022
පහන් සිළ

03 August 2023
ඔරලෝසු කටු...

06 June 2023
කලු හමට මම
