මල්වර නැකත
- කවි
- Hits: 6663

අලුයම විකසිත රතු රෝස මලේ
ඇත නුබෙ අමුතු පැහැයක් ගතේ
දෙදිනක සිට දුටුවෙමි මා ගෙමිදුලේ
පූදින්නට ඇයි පමා මේ වාරයේ...
සිතෙයි සුභ ලකුණක් බව ම සිතේ
දුටිමි සිහිනයක් පෙරදා රෑ නින්දේ
සැබෑවක් විය පසුදා දින උදයේ
එයයි මල්වර සිහිනය මාගේ...
නැත පවසන්නට දෙයක් ගත සිත දෙකට මගේ
අලුත සුපිපි මලක් වැනිය දැන් මුහුණේ
පිම්බුණු කොපුල් පවසයි උතුරා යන සතුට සිතේ
මල්වර නැකත පැහැදිලියි රතු රෝස මලේ…
ඩබ්. පූර්ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්ර පීඨය.
20 March 2023
මංජුසාව
11 October 2022
මගේ පැල්පත
21 February 2022
මං
04 April 2022
ආදරය එහෙමයි…
03 August 2023
අවසන් වසර
08 May 2025
ප්රේමයේ මුළාව
11 October 2022
ආලයේ වැසි


