මිහිතලය මත ජීවය හට ගත් දින සිට ලෝකය වර්තමානය දක්වා අදහාගත නොහැකි අන්දමේ දීර්ඝ මෙන්ම අසීරු ගමනක් පැමිණ ඇත. මානවයා එහිලා සුවිශේෂී පංගුකාරයෙකි. මානව සංහතියේ විකාශනයත් සමග දේශපාලන, ආර්ථික, සංස්කෘතික මෙන්ම තවත් බොහෝ අංශයන්හි විපරිවර්තනයන් සිදු වුයේ දියුණුව සහ සංවර්ධන යනු කුමක්ද යන්න ලෝකයට අනාවරණය කරන්නට ගත් උත්සාහයක ප්‍රතිඵල මෙනි. කාලය වේගයෙන් ගතව ගොස් ඇත. අද ලෝකය තිබෙනුයේ ආරම්භයට වඩා වෙනස්ම භූමියක ය. වසර, දශක, සියවස් ගණන් කාලය ගතව ලෝකය අද වන විට දියුණු තැනකට තල්ලු වී ඇත. සියලු තාක්ෂණික හරබයන් හී කර්තෘ මිනිසා බව කිවහොත් එය නිවැරදි ය. මන්ද මෙවන් විසල් පරිවර්තනයන් සිදු වුයේ මිනිසාගේ ක්‍රියා කලාපයෙහි ප්‍රතිඵල ලෙසිනි. මේ මොහොත වන විටත් මිනිසා සහ ලෝකය නොනවතින සංවර්ධනයක ගොඳුරු බවට පත්ව ඇත.

ගල් පතුරු භාවිතයෙන් ගිනි අවුළුවා මස් පුළුස්සා ආහාරයට ගත් මිනිසා අද අභ්‍යවකාශ තරණය ජීවිතය කරගත් ගගනගාමියෙකි. කවරදාකවත් සිදු කළ නොහැකි දේවලළාගෙන සිටි දේ අද සිතන පමාවට කළ හැකි ය. ගල් ගුහාවල ගස් බෙනවල විසූ මිනිසා අද වසන්නේ අහස සිඹින ඇදහිය නොහැකි ඉදිකිරීම් තුළ ය. මේවා විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව නොවන්නේද ? විද්‍යාත්මක සොයාගැනීම් මේවායෙහි සෘජු කොටස් කාරයන් ය. කාර්මික විප්ලවය, පළමු ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය ලෝක ඉතිහාසයේ වර්තන ලක්ෂ විය. විශේෂයෙන් කාර්මික විප්ලවයත් සමග ලෝක සංවර්ධනයේ අලුත් පිටු රාශියක් පෙරළුණු අතර මානව ඉතිහාසයේ නව සොයාගැනීම් බොහොමයකට හේතු සාධක විය. කාර්මික විප්ලවය යනු මිනිසාගේ දෑතේ සවිය වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් දශක හයක් පුරාවට කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ සිදු කළ පුළුල් වෙනස යි. වර්තමානයත් අනාගතයත් ගොඩනැගෙනුයේ අතීතය මත යි. එය සැබෑ ය. ලෝකෙ අද ඇති තැනට පත්ව ඇත්තේ අතීත සංසිද්ධීන් නිසා ය.

විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව හේතුවෙන් බිහිවන නව සොයාගැනීම් මානවයාගේ මෙන්ම ස්වභාව සෞන්දර්යයේ ද හිත සුව පිණිස විය යුතු අතර විටෙක නව සොයාගැනීම්, තොරතුරු අනාවරණය වීම්, සිදුවූයේ කිසියම් අර්බුදයක එසේත් නැතිනම් ආපදාව ප්‍රතිඵල වශයෙනි. ඊට කදිම නිදසුන වනුයේ  covid 19 වසංගත තත්වය යි. මෙමගින් සෞඛ්‍ය ක්ෂේත්‍රය උග්‍ර අර්බුදයකට ලක් වූව ද මෙහිලා මිනිස් ජීවිත ආරක්ෂා කිරීම උදෙසා ඖෂධ කිහිපයක්ම ලොව පුරා පර්යේෂකයන් විසින් සොයා ගන්නා ලදී. එය ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට මේ වන විට හේතු වී ඇත. ඒ අතරම එතරම් සුබවාදී නොවූව ත් පසුගිය දිනක තවත් තොරතුරු රාශියක් ලෝකයට අනාවරණය කිරීමට පර්යේෂකයන්ට හැකි වූයේ තවත් නව සොයාගැනීම්වල ප්‍රතිඵල ලෙසිනි. ඒ covid 19 වෛරසය වැළඳී ජීවිත බේරාගත් අය මානසික අවපීඩනයට, කාංසාවට සහ මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීමට ඇති ඉඩකඩ 40% ක් දක්වා වැඩි බව අලුත් ම අධ්‍යයනයකින් හෙළි වීම යි. විද්‍යාඥයන් විසින් කොවිඩ්-19 සහ මානසික සෞඛ්‍ය අතර සම්බන්ධයක් හඳුනාගෙන ඇති අතර කොවිඩ්-19 වැලඳුණු අයට මානසික අවපීඩනය සහ නින්ද සම්බන්ධ ගැටලු ඇති වීමේ වැඩි අවදානමක් ඇත. තවද පුද්ගලයින් 150,000 ක් යොදාගෙන කරන ලද අධ්‍යනයකින් ආසාදනය වඩාත් දරුණු මානසික ගැටලු සමග සම්බන්ධ වන බව සොයාගෙන ඇත. කොවිඩ්-19 වෛරසය මොළේ ඇති රුධිර නාල වලට හානි කරන බවට සාක්ෂි දැනටමත් වැඩි වෙමින් පවතින අතර එමගින් කල්පවතින රෝග ලක්ෂණ ඇති විය හැකි ය. මේ අතර කොවිඩ් හේතුවෙන් ලෝකයේ සමස්ත සෞඛ්‍ය  ක්ෂේත්‍රය ම අර්බුදයට ලක්ව තිබෙන අවස්ථාවක පර්යේෂකයන් හට එච්අයිවී ඒඩ්ස් වෛරසය පිළිබඳ සතුටුදායක පුවතක් පසුගිය දිනෙක අනාවරණය කරන්නට හැකියාව ලැබිණි. එනම් කාන්තාවක් HIV වලින් සුවය ලැබීම යි. ඇය HIV වලින් සුවය ලැබූ ලොව ප්‍රථම කාන්තාව වේ. ලොව HIV සමග ජීවත්වන වැඩිහිටියන්ගෙන් 52% ක් කාන්තාවන් වන අතර එයින් ප්‍රතිකාර වලට භාජනය වනුයේ 11% ක් පමණි.

ජාත්‍යන්තර ඒඩ්ස් සංගමයේ සභාපති ලෙස තේරී පත්වූ ෂැරන් ලෙවින්, වොෂින්ටන් පෝස්ට් පුවත්පත වෙත පවසා ඇති පරිදි මෙය උද්වේගකර අවස්ථාවක් වන නමුත් අවසානයේ HIV ආසාදනය වී සිටින ජනතාව සඳහා යථාර්ථවාදී නොවන බව යි. මෙවන් සොයාගැනීම් වෛද්‍ය ක්ෂේත්‍රය උඩු යටිකුරු කරන අතර මානව සංහතියේ සුබසිද්ධිය සඳහා ඉටු කරනුයේ නොමද මෙහෙයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ ආකාර නව සොයාගැනීම්, අත්හදා බැලීම්, සෞඛ්‍ය මෙන්ම තවත් බොහෝ අංශ ආශ්‍රයෙන් ලොවපුරා හඳුනාගත හැකි ය.

මිනිසා අභ්‍යවකාශය තරණය කිරීම අද වන විට සුලබ සංසිද්ධියකි. මුල දී සඳ කෙරෙහි අවධානය යොමු කළ මිනිසුන් අද වන විට සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක වෙත ද  මේ වන තුරු ඇස නොගැටුණු අඳුරු ප්‍රදේශ කෙරෙහි ද, විශ්වයේ ඇතැයි සැක කෙරන වෙනත් ජීවී කොට්ඨාස කෙරෙහි ද අවධානය යොමු කර ඇත. අභ්‍යාවකාශයේ සිදුකරන මෙවැනි පර්යේෂණවල්ස්දි ආහාර සපයා ගැනීම සපයාගැනීම පවත්නා ගැටලුවකි. ගගනගාමියෙකු ට කක්ෂය තුළ දී ම ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට හැකි වීම වඩාත් අත්‍යවශ්‍යය. මුල් කාලයේදී යම් යම් තාවකාලික විසදුම් ඒ සඳහා තිබුණද පසුව ස්ථිර විසඳුම් වල අවශ්‍යතාව මතු විය. මනුත් ඒ සඳහා උද්භිද විද්‍යාව ආශ්‍රයෙන් කදිම විසඳුමක් සොයා ගැනීමට විද්‍යාඥයින් පසුගියදා සමත් සමත් විය. ඒ අනුව අභ්‍යවකාශයේ වගා කිරිම සඳහා විද්‍යාඥයින් අවධානය යොමු කල අතර එහිදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සාර්ථකව බීජ රෝපණය කිරීමේ හැකියාව ලැබිණි. මේ වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ කුඩා පරිමාණ ව්‍යාපෘති බෝග වර්ධනය හා කාර්ය සාධන සම්බන්ධ ප්‍රාථමික පර්යේෂණ ආරම්භ කර ඇත. 

කෙසේ වෙතත් අභ්‍යවකාශයේ මහා පරිමාණ බෝග නිෂ්පාදනය මිල අධික ය. කලින් ඇසුරුම් කරන ලද ආහාර කාලයත් සමඟ පිරිහෙන නිසාත් පෘථිවියේ සිට චන්ද්‍රයා හෝ අඟහරු දක්වා සාම්පල් ලබා ගැනීමේ දී බොහෝ කාලයක් ගත විය හැකි නිසාත් මෙන්ම කාර්ය මණ්ඩලය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම ට ද විශාල වියදමක් දැරීමට සිදු වේ. විස්කොසින්-මැඩිසන් විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්ය සයිමන් ගිල්‍ රෝයි පවසන්නේ ආහාර සහ ඔක්සිජන් සහ මිනිසුන් ජීවත් කිරීමට අවශ්‍ය සියලු දේ නිරන්තරයෙන් සැපයීම ඉතා මිල අධික බවත් ජීව විද්‍යාව සඳහා අභ්‍යවකාශය අමුතු ස්ථානයක් බවත් ය.

එමෙන් ම  අධි වර්ණාවලි තාක්ෂණය භාවිතා කිරීමෙන් විද්‍යාඥයින්ට නිශ්චිත ශාක වර්ධනය කළ හැකි බව  සොයාගෙන ඇත. මෙම පද්ධතිය ශාක තත්වය  ස්වයංක්‍රීයව අධීක්ෂණය කිරීමෙන් මෙන්ම ගගනගාමීන්ට අවශ්‍ය පරිදි ශාවල හටගන්න  රෝග  හෝ ක්ෂුද්‍ර ජීවී ආසාදන පිළිබඳ අනතුරු ඇඟවීය හැකිය. එමඟින් ආහාර සුරක්ෂිතතාව සහතික කළ හැක. මෙම පද්ධතියේ මූලාකෘතියක් දැනටමත් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සංවර්ධනය වෙමින් පවති. 

එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USඪෑ සමඟින්, ණැSඇ ආයතනය ද දැනට ක්ෂුද්‍ර හරිතයන් කුඩා පෝෂ්‍ය පදාර්ථ බහුල ශාක භාවිතය පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතර පහසුවෙන් වගා කළ හැකි සහ ආහාරයට ගත හැකි ය. එසේම ඊට  දිගුකාලීනව විද්‍යාඥයින්ගේ සහභාගිත්වයකින් අවශ්ය නැත.  මෙවැනි දේ උද්භිද විද්‍යාවේ පමණක් නොව සමස්ත විද්‍යාව හා තාක්ෂණයේත් පිළිබිඹු ලෙස ගත හැකි ය. මේ මොහොත වන විටත් ලෝකයේ නන් දෙසින් නව සොයාගැනීම් බිහි වෙමින් ඇත. ඉහත ඇත්තේ ඒවායෙන් බිඳක් පමණි. ඒවා සෞඛ්‍ය, ආර්ථික, අධ්‍යාපනික  යනාදී විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ලෝකයට වැදගත් වී ඇත. මෙවන් නව සොයාගැනීම් සිදු නොවුනා නම් ලෝකය වැඩ බිමක් බවට පත් නොවී මුඩුබිමක් ව තිබෙන්නට ඉඩ තිබුණි. ලෝකයේ සංවර්ධනය කිසිදා නො නවතිනු ඇත. එමෙන්ම පෘථිවිය මත මානවයා නොනැසී පවතින තුරු නව සොයාගැනීම් බිහිවීම ද නොනවතිනු ඇත.



මූලාශ්‍ර

https://www.dailymail.co.uk/health/article-10515245/Covid-survivors-40-likely-suffer-depression-anxiety-misuse-drugs.html

https://www.popsci.com/science/stem-cell-treatment-cures-third-hiv-patient/?amp

https://www.popsci.com/science/nasa-plans-space-farms/?amp

එම්.ඒ.තිළිණ ප්‍රසාද්

විශේෂවේදී පළමු වසර

ජනසන්නිවේදන අධ්‍යයන අංශය