මිනිසා සඳ මත පා තැබුවේ මීට වසර ගණනාවකට පෙර ය. ඇපලෝ 11 යානයෙන් ඇරඹි අභ්‍යවකාශ තරණය අද වන විට සාමාන්‍ය වන තරමටම මිනිසා එහි ලා නිමග්නව ඇත. වර්තමානයේ මතුව ඇති ලෝක ජනගහන ප්‍රශ්නයට කදිම විසඳුමක් විද්‍යාඥයින් සොයාගෙන ඇත. ඒ වෙනත් ග්‍රහලෝක මත මිනිස් ජනාවාස ආරම්භ කිරීම යි. මේ වන විට ඉලෝන් මස්ක් වැනි ධනවතුන් Space x වැනි ව්‍යාපෘති හරහා එයට යුහුසුළුව කටයුතු කරන ආකාරය නොරහසකි. මේ වන විට ඔහු ලෝක පුවත්හි මැවුම්කරුවෙකි. පෘථිවියෙන් එපිට මිනිස් ජනාවාස පිළිබඳ සැලසුමේදී විද්‍යාඥයින් මුහුණ දුන් එක් ප්‍රධාන කරුණක් වෙයි. ඒ පෘථිවියෙන් එපිට මිනිසාගේ ආහාර අවශ්‍යතාව ඇතුළු අවශ්‍යතාවයන් සපුරා ගැනීම පිළිබදව යි. මිනිසාගේ අවශ්‍යතා සඳහා පෘථිවියේ සිට සම්පත් ප්‍රවාහනයට අධික පිරිවැයක් දැරීමට සිදුවන නිසාම එහි ප්‍රායෝගිකත්වයක් දැකිය නොහැකකි විය. නමුත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ බීජ පැළ වීමත් සමඟ පර්යේෂකයින් මිනිස් ජනාවාස කෙරෙහි දල්වා ගෙන සිටි බලාපොරොත්තු නැවත වාරයක් ශක්තිමත් විය. ඒ අනුව විද්‍යාඥයින් විසින් සඳ මත ඇපලෝ මෙහෙයුම්වල දී එකතු කරගත් පස් තුළ පැල වගාකිරීමට පටන් ගත්තේය. ඇතැමුන් එය  හඳුන්වනුයේ අනාගත යටත්විජිතයට මඟ පෑදීමක් ලෙස යි. මෙහිදී පර්යේෂකයින් විසින් නාසාහි ඇපලෝ 11, 12 සහ 17 මෙහෙයුම් මගින් එකතු කරන ලද පසෙහි පැළ වගා කරන ලදී. එහිදී විද්‍යාඥයන්ට දැකිය හැකි නිරීක්ෂණය වූයේ සමහර ශාක කුඩා වූ අතර අනෙක් ඒවා වඩාත් සෙමින් හෝ විවිධ ප්‍රමාණයෙන් වර්ධනය වීම යි.  ඒ අනුව සඳමත ශාක වගා කළ හැකි බවට ඔවුන් අනුමාන කරයි.

සඳ මතුපිට ජීවත් වීම බලාපොරොත්තු වන ඕනෑම ගගනගාමියෙකු ට බෝග වගා කිරීම අත්‍යවශ්‍ය වේ.Thale cress යනුවෙන් හදුන්වනුයේ වල් පැළෑටියක් ලෙස සැලකෙන යුරේසියාව ට සහ අප්‍රිකාවට ආවේනික කුඩා සපුෂ්ප ශාකයකි. මේ අනුව ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් ඇපලෝ 11,12 සහ 17 මෙහෙයුම් වල දී එකතු කරන ලද පසෙහි මෙම Thale cress පැළ වර්ධනය කරන ලදී. සඳෙන් ගෙනා පස් වලThale cress යන පැල වර්ගය වගා කළ හැකි බව අත්හදා බැලීමෙන් පසු විද්‍යාඥයින් සහ පර්යේෂකයින් මේ වන විට චන්ද්‍ර පෘෂ්ටයේ ශාක වැවීම සඳහා කුඩා පියවරක් ගෙන ඇත.  පර්යේෂකයින් විසින් පෘථිවියෙන් එපිට බෝග වගාවේ ආරම්භක පියවරක් ලෙස ගත් සාර්ථක උත්සහයක් ලෙස මෙය හැඳින්වේ. මෙම පර්යේෂණයෙන් පසු විද්‍යාඥයින්  අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් වල දී සඳ මත ශාක වගා කළ හැකි බවට බලාපොරොත්තු දල්වා ගෙන සිටී. එය සඳ මත මිනිස් ජනාවාස පිහිටුවීමෙහි පර්යේෂණයටද සාර්ථක පිළිතුරකි.  එවගේම අනාගතයේ දී දියත් කිරීමට අපේක්ෂිත දීර්ඝ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා සඳ කේන්ද්‍රස්ථානයක් ලෙස භාවිතා කළ හැකි බව අධ්‍යයනයේ නියුතු මහාචාර්යවර්ය රොබ් ෆර්ල් පැහැදිලි කරයි. ඔහු පවසන ආකාරයට සඳෙහි පස, කාබන්ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පරිවර්තනය කිරීමට  යොදාගත හැකි ය. චීනයේ අභ්‍යවකාශ යානයකින් ගෙන එන ලද සාම්පල විශ්ලේෂණය කිරීමේදී චන්ද්‍රයා මත කාබන්ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පරිවර්තනය කරන සංයෝග අඩංගු බව මුලින්ම සොයා ගැණිනි.

චන්ද්‍රයාගේ පස යකඩ සහ ටයිටේනියම් වලින් පොහොසත් වන අතර ඒවා සූර්යාලෝකය යටතේ උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරයි. චන්ද්‍රයා තුළ ගගනගාමීන්ගේ ශරීරයෙන් මුදාහරින කාබන්ඩයොක්සයිඩ්, ජලය, ඔක්සිජන්, හයිඩ්‍රජන් හා මීතේන් වැනි ප්‍රයෝජනවත් අතුරු නිෂ්පාදන බවට පත් කළ හැකි ය. ද්‍රව ඔක්සිජන් සහ හයිඩ්‍රජන් රොකට් ඉන්ධන නිපදවන බැවින් එය අඟහරුට සහ ඉන් ඔබ්බට සංචාර සඳහා සඳ මත පිරිවැය අඩු කරන අන්තර් ග්‍රහලෝක ගෑස් මධ්‍යස්ථානයක් සඳහා දොර විවර කර වීමක් වැනි ය. කක්ෂයට භාණ්ඩ ප්‍රවාහනය ඉතා මිල අධික වන බැවින් මෙය ලොව පුරා ඇති ඇමෙරිකානු, චීන, රුසියානු වැනි රටවල අභ්‍යවකාශ ආයතන සඳහා අත්‍යවශ්‍ය මීළඟ පියවරක් ලෙස සැලකේ. පෙර අධ්‍යයනයන් සඳහා සඳෙහි පස භාවිතා කළත් මේ දක්වා විද්‍යාඥයින් පසේ ශාක වගා කර නොමැත. ඒ හේතුවෙන් සඳහි ඇත්තටම පසෙහි ශාක වගා කළ විට කුමක් සිදු වේද? සඳෙහි හරිතාගාරයක සෑඩ්ගුවොත් ශාකවලට කළ හැක්කේ කුමක්ද? යනුවෙන් මහාචාර්ය ෆර්ල් ප්‍රශ්න නගයි. මෙම ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම සඳහා පර්යේෂණ කණ්ඩායම චන්ද්‍ර පසෙහි Thale cress බීජ රෝපණය කර, ජලය, පෝෂ්‍ය පදාර්ථ සහ ආලෝකය යනා දී සාධක සපයා සිදු වූ දේ නිරීක්ෂණය කරන්නට විය. මෙය සිදු කිරීම සඳහා නාසා ආයතනයෙන් ලබාගෙන තිබුණේ සඳහි පස් ග්‍රෑම් 12 ක් පමණි. ඒ නිසා සිය පර්යේෂණ කටයුතු වල පරිමාව යම්තාක් දුරකට සීමා කිරීමට පර්යේෂකයින්ට සිදු විය. පර්යේෂකයින් සහ විද්‍යාඥයින් මෙම පර්යේෂණ කටයුතු සඳහා Thale cress පැළෑටිය භාවිතා කිරීමට තෝරා ගත්තේ එහි ජාන කේතය දැනටමත් සම්පූර්ණයෙන්ම සිතියම් ගත කර ඇති බැවිනි. පර්යේෂකයන් විසින් බීජ සියල්ලම පාහේ පැළ වී ඇති බව සොයා සොයාගැනීමත් සමඟ මෙම අධ්‍යයනයේ නියුතුව සිටි  මහාචාර්ය ඇනා ලීසා පෝල් පවසා සිටියේ "අපි පුදුම වුනා, අපි ඒ ගැන පුරෝකථනය කළේ නැහැ." යනුවෙනි. ශාක ප්‍රරෝහණයට සම්බන්ධ හෝමෝනවලට චන්ද්‍ර පස බාධා නොකළ බව එයින් නිරීක්ෂණය වන්න වූ අතර පර්යේෂණ කණ්ඩායම චන්ද්‍ර පසෙහි වගා කරන ලද පැළෑටි සහ පාලන පසේ වගා කරන ලද ශාක අතර වෙනස්කම් ද නිරීක්ෂණය කර ඇත. චන්ද්‍ර පසෙහි වගා කරන ලද සමහර ශාක කුඩා වූ අතර අනෙක් ඒවා වඩා හෙමින් වර්ධනය වී හෝ ප්‍රමාණයෙන් වෙනස් විය. එම අධ්‍යයන කටයුතුවල නියැලී සිටි ආචාර්ය ස්ටීවන් එලාර්ඩෝ පවසන පරිදි චන්ද්‍ර පසෙහි වැඩෙන ශාක සඳ වෙනස් කළ හැකි ය. ඔහුගේ මතය සඳ ඉතා වියළි ස්ථානයක් බව යි. එකතු කරන ලද ජලය සහ පෝෂ්‍ය පදාර්ථ සමඟ චන්ද්‍ර පසෙහි ඇති ඛනිජ ලවණ ඒවායේ වගා කිරීමට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ජලය එකතු කිරීමෙන් ඛනිජ විද්‍යාව ශාක වලට ආගන්තුක සත්කාරය වැඩි කරයිද? පසුවිපරම් අධ්‍යයනයේ දී මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමට පර්යේෂකයින් බලාපොරොත්තු වේ. ඒ අනුව 2025 වන විට මිනිසුන් නැවත සඳ වෙත යැවීමේ අරමුණ ඇතිව NASA  හි Artemis වැඩසටහන ආරම්භ වෙත්ම මෙම අධ්‍යයනය සිදු වේ.

 චන්ද්‍රයා වසර බිලියන ගණනක් තිස්සේ පෘථිවි වායුගෝලයෙන් ජලය පිට කරමින් ආවාට තුළැ ඒවා ගැඹුරට ගබඩා කරන්නට ඇත. එය යම් දිනෙක චන්ද්‍ර පෘෂ්ඨයේ පදනමක් පවත්වා ගැනීමට භාවිතා කළ හැකි ය. පර්යේෂකයින් ඇස්තමේන්තු කරන්නේ සඳ මත ඝන සැතපුම් 840 ක් තරම් ජලය ඇති බව යි. එය උතුරු ඇමෙරිකාවේ හුරෝන් විල පිරවීමට තරම් ප්‍රමාණවත් බව පැවසේ. ප්‍රවීණයන් යෝජනා කරන්නේ මෙම ජලයෙන් සමහරක් ද්‍රව සහ තුහින ආකාරයෙන් චන්ද්‍රයා ග්‍රහලෝක චුම්භක ගෝලය හරහා ගමන් කරන විට පෘථිවි වායුගෝලයෙන් පැමිණෙන බව යි. ජලය සොයා ගැනීම නාසාහි Artemis ව්‍යාපෘතියේ මුලික කාර්යයකි. එය සැලසුම් කර ඇත්තේ දිගු කාලීනව මිනිසා සඳ මත සිටීමට යි. NASAහි කණ්ඩායම චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ මූලික කඳවුරක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. එමඟින් සඳ මත වගා කිරීමෙහිලා අවශ්‍ය සාධක ගණනාවක් සම්පූර්ණ කර ගැනීමට විද්‍යාඥයින් සහ පර්යේෂකයින් සමත් වනු ඇත.

 

එම්.ඒ.තිළිණ ප්‍රසාද්

විශේෂවේදී දෙවන වසර

ජනසන්නිවේදන අධ්‍යනාංශය

සමාජීය විද්‍යා පීඨය

 

මුලාශ්‍ර

Shiwali,.(2022) “One small step towards farming on the MOON? Scientists grow plants in lunar soil collected during the Apollo missions – paving the way for a future colony”,https://www.dailymail.co.uk/sciencetech/article-10809621/One-small-step-plants-MOON-Scientists-grow-cress-lunar-soil-time.html?ito=native_share_article-masthead