රෝස මල
- කවි
- Hits: 11385

මල් පුදනා සමාජයක
මලෙහි අරුත නොදන්න අය
ඔබ මොබ දුවමින් ඉන්නව…
බුදුරදු හට මල් පිදුවට
සිතෙහි තියෙන රාගී බව
මනු සතාගේ අඩුවක් නැත…
පුදන්නට ගන්නා මල්වල
පාට සුවඳ හොයනා ඔබ
මදකට සිතුව ද දන්නෑ…
රෝස මලේ ලස්සන දැක
මුහුණ සිනාවෙන් පිරුණට
නටුවේ තියෙන කටුක බවට
ඔබේ සිතේ ඉඩ මොකක්ද…
සුන්දර තැන අගය කරන
කටුක බවට වියෝව වන
මිනිසුන් හට දැන් දැනුනද
මලේ තියෙන සුන්දර බව
එහි පිටුපස නටුවේ නැත…
නිත්‍ය නොවන ජීවිතයට
අරුත් ගෙනෙන ආත්මයට
රෝස මලම නිදසුනක් ය
ජීවිතයම කියා දෙන්න…
කේ.ඉමාලි සහනිකා සේනාරත්න.
පළමු වසර.
සමාජ විද්‍යා පීඨය
18 July 2022
ගිනියම් හදවත්
30 August 2022
පහන් සිළ
09 January 2023
අම්මා
07 September 2022
මගේ පැල්පත
10 October 2023
ආයෙමත් ආදරයෙන්
20 March 2023
රන් මුදුව ගැළවෙද්දි...
07 September 2022
ප්‍රේමයේ අසුන්දර නුඹට මා ඇසෙනවද?


