ගැහැනිය යනු කවුරුන්ද? යමෙකුට ගැහැනිය යනු තම මව, සහෝදරිය හෝ තම හිතවතියක ගේ ස්ථානයේ සිට විග්‍රහ කොට දැක්විය හැක. අප ජීවත් වන සමාජය අනුව විශේෂයෙන් ම දැකගත හැක්කේ ස්ත්‍රිය සහ පුරුෂයා ලෙස විශාල බෙදීමකට සමාජය ලක්වී ඇති බව ය. ස්ත්‍රිය හා පුරුෂයකු යන දෙපළගේ එකතු වීම මත විවාහය නිර්මාණය වන අතර විවාහය මත සාර්ථක පවුල් ජීවිතය නිර්මාණය වේ. මීළඟට මතුවන ප්‍රශ්නය වන්නේ සාර්ථක  ලෙස විවාහ වූ පිරිස් සාර්ථක ලෙස පවුලක් ගත කරන්නේ ද? යන පැනයයි. අද වන විට, මේ මොහොත වන විට විවාහ වී දරුවා හෝ දරුවන් සමඟ හුදෙකලා වී මව්වරුන් පියවරුන්  කීදෙනෙකු ජීවිත ගත කරන්නේ ද

උත්සවාකාරයෙන්  යුගදිවියට එළැඹි වසර දෙක තුනකින් දරුවකු සමඟ හොර රහසේ තනිව ජීවත් වන මවුවරුන් මෙන්ම පියවරුන් ද සිටිති. එක් එක් රටවල විවිධ සංස්කෘතීන්ට අනුව ඔවුන්ගේ ජීවන තත්ත්ව වෙනස් වේ. කුමන ප්‍රශ්නයක් මත ගැහැනියක දරුවකු සමඟ  හුදකලා වුවත් ඇය  දරුවා තම තුරුලේ තබා ගැනීමට තරම් උතුම් වෙයි. මෙලෙස තනිවන ගැහැනිය දරුවාට මවක් වෙමින් සමාජය තුළ  ජීවත් වීම අද නූතන ව්‍යවහාරයේ " සිංගල් ප්‍රේරන්ට් (single parent concept)" ලෙස හඳුන්වා දෙයි. single parent යන අර්ථය "තනි වැඩිහිටියා", "තනි භාරකරුවා " ලෙස අර්ථ දැක්විය හැක. එවිට නැගෙන මීළඟ ගැටලුව වන්නේ පුරුෂ පාර්ශවය දරුවකු තනිව හදාවඩා ගන්නේ නැද්ද යන්න ය.

කාන්තා පාර්ශ්වය මෙන්ම මෙන්ම පුරුෂ පාර්ශ්වය ද මවක් නො මැති දරුවෙක් හෝ දරුවන් රැකබලා ගනිමින් තනිවම පියකුගේ භූමිකාව නිරූපණය කරන අවස්ථා ද සමාජයේ ඇත. දරුවකු සමග ගැහැනියක තනි වුවද දරුවකු සමඟ පිරිමියෙක් තනි වුවද මෙම කාරණා දෙක තුළම අන්තර්ගත වන්නේ එකම සිද්ධාන්තයකි. මන්ද පුරුෂයකු  තනිවූවත් ඔහු දරුවාට මවකගේ ආදරය ලබා දිය යුතු අතර  කාන්තාවක්  තනි වුවත් ඇය දරුවාට පියකුගේ ආදරය ලබා දිය යුතු  යුතු බැවිනි. ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් දරුවකු සමඟ සමඟ හුදකලා වීමට හේතු කිහිපයක් පෙන්වා දිය හැක.

F විවාහය දෙදරා ගොස් දෙපාර්ශ්වයම කැමැත්තෙන් දික්කසාද වී දරුවා හෝ දරුවන් එක් අයකු බාරගැනීම 

F විවාහ වී දික්කසාද නොවී සැමියා බිරිය ගෙන්  වෙන් වෙන් වශයෙන් දරුවා එක් පාර්ශවයක් භාරගෙන ජීවත් වීම 

F විවාහ වූ වූ යුවළක ගෙන් එක් පාර්ශ්වයක් මියගිය විට අනෙක් පාර්ශවය දරුවන් සමග තනිවීම

F එමෙන්ම කාන්තාවන් හා පුරුෂයන් විවාහ නොවීදරුවෙක් ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස එක් පාර්ශවයක් දරුවා සමඟ තනි වීම

ඉහතින් සඳහන් කළ ආකාරයට කාන්තාවක් හෝ පුරුෂයෙක් දරුවකු සමඟ හුදෙකලා වීමට ඉඩකඩ ඇත. එමෙන්ම වර්තමාන සමාජය බොහෝ දුරට වෙනස් වී ඇත. ඒ හේතුවෙන් තවත් එක් ආකාරයකට ස්ත්‍රියක් හෝ පුරුෂයෙකුට දරුවකු සමග හුදකලා වීමේ ඉඩකඩ ඇත. ඒ,

·       ස්ව කැමැත්තෙන් ම ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු විසින් මව්පියන් අහිමි දරුවකු භාරගෙන හදා වඩා ගැනීම.

කෙසේ හෝ ඉහතින් කරුණු වශයෙන් පැහැදිලි කර ඇති ආකාරයට ශ්‍රී ලංකාව තුළ" සිංගල් ප්‍රේරන්ට්" එනම්, තනි මවක් හෝ පියෙක් සමාජය තුළ බිහි විය හැක.පොදුවේ සාකච්ඡාවට ලක් කිරීමේ දී සත්‍ය වශයෙන්ම පැහැදිලි වන කරුණ වන්නේ දරුවකු තනි පුද්ගලයකු වශයෙන් හදා වඩා ගැනීමේ ඇති බරපතළකමය. දරුවකුට ඇතැම් විට තම මව අවශ්‍ය වේ. විශේෂයෙන් ම දියණියකට වැඩි වියට පත් වූ විට තම මවගේ අවශ්‍යතාව තදින්ම දැනේ. එහෙත් පියකු සමග පමණක් ජීවත් වන දැරියකට තම යෞවන වියේ ගැටලු බෙදා හදා ගැනීමේ දී විශාල ගැටලුවකට මුහුණදීමට සිදුවේ. එහෙත් ලංකාව තුළ අද වන විට පුරුෂ පාර්ශ්වය තනිවම දරුවකු හදා වඩා ගැනීමේදී මවගේ භූමිකාව ද දරුවාට අඩුවක් නොවන ආකාරයට ඉටු කරනු ලබයි. 

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ තනි මවක් ලෙස ජීවත් වීමේ දී දියණියක් තනිව රැකබලා ගැනීම අභියෝගයකි. එමෙන්ම පුතෙක් සිටින මවකට පුතා වැඩිවියට පැමිණීමේ දී ඇතිවන ගැටලුවලට මුහුණ දීම ද පහසු නොවේ. නමුත් වර්තමානයේ දී ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශ්වයටම දරුවන් කුඩා කල සිට වැඩිමහල් වන තෙක්ම රැක බලා ගැනීම විශාල අභියෝගයකි. මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන පිරිස් අතර දරුවන් රැකබලා රැකබලා ගැනීමට වෙනම ස්ථානවලට භාර දෙන අයද සමාජයේ දැකගන්නට හැකි වේ. 

එමෙන් ම රූපවාහිනී, ගුවන්විදුලිපුවත්පත් වැනි ජනමාධ්‍යවල තම දරුවන්ට හිරිහැර කරනු ලබන මව්පියන් පිළිබඳව පුවත් වාර්තා වේ. නමුත් අද සමාජය තුළ තනිවම දරුවාට රැකවරණය දෙන දිරිය කාන්තාවන් මෙන්ම දිරිය පුරුෂයන් ද සිටිති.

මීළඟට විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ වර්තමානයේ දී මව, පියා යන දෙපළ ම සිටින නිවසක එක් දරුවකු බලා ගැනීම හා එම දරුවාට අවශ්‍ය දේ සලසා දීම ඉතා අසීරු කරුණක් බවයි. කෙසේ නමුත් ඇතැම් විට " සිංගල් ප්‍රේරන්ට් " ලෙස හැඳින්වෙන මව හෝ පියා මෙම අසීරු කාර්යය නො පැකිළිව ඉටු කරනු ලබයි. නිවසක ඇති වගකීම් අප දන්නා පරිදි ඉටු කරනු ලබන්නේ මව විසිනි. ගෙදරදොර කරමින් දරුවන් බලා ගැනීම ඇයගේ වගකීමක් ලෙස සමාජය දකින අතර ඇය ස්ව කැමැත්තෙන්ම එය ඉටු කරනු ලබයි. එමෙන්ම නිවෙසක  පියාගේ වගකීම ලෙස සමාජය දකින්නේ ආර්ථිකමය අතින් තම පවුල ස්වයංපෝෂිත කිරීමය. සාමාන්‍යයෙන් පුරුෂ පාර්ශ්වය නිවෙසේ දෛනික වැඩ කටයුතු  කිරීමට වඩා ප්‍රිය කරන්නේ ද ආර්ථික කටයුතුවල නිරත වීමටයි.

සිතන්නවිශාල වපසරියක විහිදී යන වගකීම් යුතුකම් එක් අයකු විසින් ඉටු කිරීම කෙතරම් බැරෑරුම් වන්නේ ද යන්න .එහෙත් දරුවකු සමග හුදකලා වන මවආර්ථිකමය ලෙස ද නිවසේ වැඩ කටයුතු ආදී සියලුම දේ වගකීමෙන් යුතුව ඉටු කරනු ලබයි .දරුවකු සමග හුදකලා වන පියාද නිවසෙහි ම ද නිවසෙහි මවක් මෙන් ද විටෙක දරුවාට පියෙක් මෙන්ද භූමිකා ද්විත්වය තුළ  ම ජීවත් වෙමින් දරුවා රැකබලා ගනී.

"සිංගල් ප්‍රේරන්ට්" සංකල්පය ශ්‍රී ලංකාව තුළ පමණක් නොවයුරෝපා රටවල මෙන්ම ලෝකයේ විවිධ වූ සමාජ තුළ දැකගත හැකි සිද්ධියකි. දරුවකු තනිව රැක බලා ගැනීම ශ්‍රී ලංකාව තුළ බහුලව දැකගත හැකි සිද්ධියකි. කෙසේ නමුත් දරුවන් තනිව රැකබලා ගන්නා දිරිය කාන්තාවන් සහ ධෛර්යය සම්පන්න පුරුෂයන් අගය කළ යුතුය.

ඒ.ඒ.රචිනි මදාරා

විශේෂවේදී පළමු වසර

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

සමාජීය විද්‍යා පීඨය.