ජීවිතය එක්තරා ආකාරයක ව්‍යාපාරයක් යනුවෙන්  හැඳින්වීම   බැලූ බැල්මට මහා අමුත්තක් ඇති කරනු ලබයි. නමුත් මඳ වේලාවකට හෝ ජීවිතය ව්‍යාපාරයකට සම්බන්ධ කරමින් සාකච්ඡා කිරීමෙන් ජීවිතයත් ව්‍යාපාරයත් මනාව ගොඩනඟා ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට හැකිවන බව අපට හැඟී යනු ඇත. ජීවිතය තුළදී යම් යම් කාලවල  පැමිණෙන  කඩයිම් අවස්ථාවනහි දි  යථාර්ථයට මුහුණ දීමට කටයුතු කළ යුතු වේ. යථාර්ථය මනාවට අර්කථනය කරනු ලබන පුද්ගලයා හට ජීවිතය අල්පේච්ඡව ගෙවිය හැකි බව බුදුදහමේ ද සඳහන් වේ. යථාර්ථය යන්න ධනවත් පියා සහ දුප්පත් පියා යන්නෙන් ගත්කල එය පෙළක් ලෙසකින් අපගේ  මනසෙහි පවත්නා ස්වරූපයන් ද්විත්වය යන්නෙන් ද පෙන්නවා දිය හැකිය. මන්ද උඩුසිත හරහා දකිනා දෙය පෙනෙනා දෙය මෙයය යන්නට අර්ථ විග්‍රහ කරගත්ත ද යටි සිත තුළ ඒ පිළිබඳව යම් ආකාරයක නිශ්චිත අදහසක් පැවතිය හැකිය. 

උදා- මම මේකට ඔට්ටු අල්ලනවා. දිනුවොත්  එහෙමයි. පැරදුණොත් එහෙමයි. උඩුසිතෙහි සිතුවිල්ල එසේ වුවද යටි සිත තුළ පැරදීමට ඇති අකමැත්ත සහ බිය පිළිබඳව නිසැකවම අපට පණිවිඩයක් ආකාරයෙන් මනසට ගෙන ඒම සිදු කරනු ලබයි. 

ධනවත් පියා දුප්පත් පියා මනසේ ප්‍රභේද ද්විත්වයට ද ඒ අනුව අපට වෙන්කළ හැකිය. මනෝ මූලික සාධක ආශ්‍රිතව නිරත වීමට පෙරාතුව මෙය තවත් පැතිකඩක් හරහා විස්තර කිරීමට යොමු වුවහොත් ඔබ විසින් සිදු කරනු ලබන ක්‍රියාවක් හරහා ඔබට නිවැරදි  යථාර්ථය දැකීමට හැකිනම් නිසැකවම ඔබ අද සිටින ස්ථානයෙන් දශමයකින් හෝ ඉදිරියට යාමට හැකිවන බව මෙහිදී පෙන්වා දිය හැකිය.  ව්‍යාපාරයක්, ජීවිතයක් කුමක් වූවත් ඕනෑම දෙයකට යථාර්ථයක් පවතී. මවන ලද ෆැන්ටසි ලෝකවල වාසය කිරීම ව්‍යාපාරිකයකු හට, විශාල අලාභයන් ඇති වීමට හේතුවක් වන අතරම ජීවිතයකට පවා එයින් සිතනවාට වඩා බලපෑමක් ඇති වීමට හේතු වේ. ගෙවන මෙහොත තුළ ඔබේ හැසිරීම සහ තීරණ මත පිහිටමින් ඔබේ අනාගතය තීරණය වන බවට ඔබහට කාල නිර්ණය කළ හැකි නම් ජීවිතය තුළ මනා ආයෝජනයන් ඇති කරලීමට ඔබට හැකියාව ලැබේ. ව්‍යාපාරයන් හටද එය එසේමය. මන්ද සියල්ලක් තුළම පෙනෙනවාට වඩා අවදානමක් පවතින නිසාවෙනි. අවදානමක් හරහා විපාක ඇති වීමක් අප සිතනවිට දී හෝ නොසිතනා විටදී හෝ සිදුවිය හැකිය. අවශ්‍ය වන්නේ එම ඕනෑම අවස්ථාවක් පාලනය කරලීමට තරම් බුද්ධිමත් වීමය. 

උදා- ඔබ රුපියල් 1000කට ඔට්ටුවක් අල්ලයි නම් එය ඔබට ජය ගැනීමට හැකි බව මෙන්ම පරාජය වීමට ද වැඩි අවකාශයක් ඇති බවට සිතීමය. 

බුද්ධිමත්කම යනු අවදානම් ගැනීමට, විපාක ගැනීමට එඩිතර වීම නොවේ.  ඔබ ගනු ලබන අවදානම තුළ වුවද ප්‍රශස්ත ලෙසින් හැසිරීමට සහ ඒ සමඟ ගනුදෙනු කරලීමට පවත්නා හැකියාවයි. එනම් පාලනය කිරීමට ඇති හැකියාවයි. ව්‍යාපාරයක් තුළ මෙන්ම  ජීවිතය තුළද ඔබට බොහෝ දෑ හිමිවීමට වඩා අහිමි වීමට පවත්නා සම්භාවිතාවය වැඩි වේ.එවැනි සම්භාවිතාවක් මත ඔබ බුද්ධිමත් විය යුතු කරුණ නම් අහිමි වීමට වැඩි අවස්ථාවක් ඇති බව අවබෝධ කර ගනිමින් යථාර්ථවාදීව ඊට මුහුණ දීමයි. එයින් ඔබ පරාජය වීමට බොහෝ ඉඩ තිබේ. පරාජය යනු බියවීමට තරම් රිසි නොවන මාතෘකාවකි. තෝමස් අල්වා එඩිසන් 999 වතාවක් විදුලි බුබුල වෙනුවෙන් සටනක් දියත් කරන්නට විය. එය 1000වන අවස්ථාවේ දී නිවැරදි විය. විද්‍යාඥයෙකු ද්‍රාවණයක් සොයා ගැනීම සඳහා සිය දහස් වතාවක් පරීක්ෂණවල නියැළෙයි. එසේ සිදු කරනු ලබන පරීක්ෂණවලින් එක් අවස්ථාවක දී ඔහුට ජය ගැනීමට හැකියාව ලැබේ. ඔබ ජීවිතය තුළ පරාජය වී ඇති වාර ගණන අධික වන්නට ඔබට එයින් ලැබෙන පන්නරය වචනයකින් හෝ විස්තර කළ නොහැකිය. ලැබූ ජයග්‍රහණයන්හි සව්දිය පිරීම සතුටක් දනවන්නේ ඔබ එය ජය ගැනීමට යන ගමනේ ලැබූ පරාජීය මාවත පිළිබඳව සිහිවීම හරහා ය. ‍

ව්‍යාපාරයක් තුළ ඔබට ජය ගැනීමට වඩා පරාජය වීමට ඇති ප්‍රවණතාව වැඩිය. මන්ද එය එතරම් ම තරගකාරී නිසාවෙනි. නමුත් පරාජයක් ඇති බවට සිහි තබා ගැනීම හරහා ඔබ 100%ක් නිවැරදි  පුද්ගලයකු නොවනා බවට ද අවබෝධයක්  ලබා ගැනීමට ඔබට හැකිවනු ඇත. දැන දැනම වළෙහි  වැටීම බුද්ධිමත් හෝ පරාජයෙහි මාවත නොවේ. රයිට් සහෝදරයන් හට මිනිස්සුන්ව පියෑඹවීමට අවැසි විය. එය එසේ වූවත් ඔවුන් කිසිවිටෙක මුල්ම අත්හදා බැලීම සඳහා කඳු මුදුනින් බිමට පැනීම සිදු කළේ නැත. ඒ සඳහා ඊට සුදුසු භූමියක් සොයා ගන්නා ලදී. ඔබට තරග කිරීමට, කාර්යයන්හි නියැළිමට සුදුසු අවකාශයක් සොයා ගැනීම ද සාර්ථක වීමට තවත් එක් අවස්ථාවක් බව පෙන්වා දිය හැකිය.

ජීවිතය තුළ අප අවදානම් ගැනීමට , අභියෝගවලට මුහුණ දීමට, අත්හදා බැලීම් සිදු කරලීමට යනාදි නොයෙකුත් දෑ සිදු කිරීමට සිදුවෙයි. යම් පුද්ගලයකු එවැනි දේ සඳහා  පෙළඹෙනු ලබන්නේ, ඔහුට  පැවරී තිබෙන හෝ ඉටු කිරීමට ඇති කාර්යයන් සපුරාලීම සඳහාය. ව්‍යාපාරිකයකු හට කෙතරම් දුරට තරගකාරී වාතාවරණයක් තිබුණද, ආයෝජනය කිරීම් හෝ මිලදී ගැනීම් අතරමඟ නතර කරලීමට ඔහුට හැකියාවක් නැත. මන්දයත් ව්‍යාපාරිකයකු එනම් ව්‍යවසායයකු බිහි වන්නේ 10 දෙනකුගේ නියැදියෙන් එක් අයකු හෝ දෙදෙනකු වශයෙනි. එය එතරම් ම විරල ව පවතී. හේතුව නම් ස්වාධීනව තමන්ට රිසි දේ සිදු කරමින් ඉදිරියට යාමට තරම්,  නොවන අධ්‍යාපන රටාවක් පැවතීමය. ශ්‍රමිකයකු වී විශ්‍රාම වැටුපක් ලැබීමේ පරමාර්ථය ඇතිව සහ ව්‍යවසායකයන් නිසාවෙන් බිහිවෙන කුඩා ව්‍යාපාර සමාගම් බවට පරිවර්තනය වීම හරහා එ් තුළ රැකියාවන්හි නියැළීමට බොහෝ දෙනා රිසි වේ. එයට සමාජ පිළිගැනුම යන්න අර්ථකථනය ද ඔවුන් එක් කරනු ලැබේ. එසේ වුවද ඉන් එහාට ගිය දියුණුවක්  ළඟා කර ගැනීම සඳහා නවෝත්පාදනයන් පිළිබඳව සිතීම සහ ක්‍රියාවට නැංවීම සිදුකළ යුතුවේ. මන්ද "අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොව නොනගී" යන්න ඵල කරන ලද පාඨයන් සත්‍යවන නසාවෙනි.

ව්‍යවසායකත්වය  මහා අභියෝගාත්මක සහ ඉහළ උසස් තත්ත්වයක් ඇති අයට පමණක් කොටුව පවති යැයි සිතුවද මීට  වසර 100කට එහා ගත්කල සෑම පවුලකම ගොවියකු සන්නාලියකු, කරණවෑමියකු, අරක්කැමියකු, වගා කරන්නකු  යනාදී විවිධ ක්ෂේත්‍රයන්හි හැකියාවන් ඇති   පිරිස් වාසය කරන්නට වූහ.නමුත් ඔවුන් සැවොම ව්‍යවසායකයන් වේ. තමා විසින් දැඩි පරිශ්‍රමයක් දරා සිදු කරනු ලබන කාර්යයට වටිනාකමක් ලබා ගැනීමට එය අලෙවියට යොමු කරනු ලබයි. මිලදී ගන්නා මිල අවම බව පවසමින් ගොවියන් අද කෑ මොර දෙන්නේ ද තම ව්‍යාපාරයට නිසි වටිනාකමක්  නොමැති නිසාවෙනි. මෙය වෙනත් අංශයකින් සිදු වූවානම් සිතනවාටත් වඩා මිලකට ගැනුම්කරුවන් එය මිලදි ගැනීමට පෙළඹේ. එයට සමාජ තරාතිරම එක් අතකින් බලපාන අතර ම නව්‍යයම සංකල්ප, ආකල්ප ද එ් සඳහා බලපානු ලබන බව ද අප හරියාකාරව අවබෝධ කර ගත යුතුය. කුඩා, මධ්‍යම, මහා යන කුමන ආකාරයක ව්‍යාපාරයක් වූවත් එයින් ගත හැකි බොහෝ දෑ පවතී. එය යථාර්ථය ලෙස ගත හැකිය. වටින්නේ සිතන රාමුවවෙන් පිටත සිතීමය. මෙය ජීවිතයටත් පොදු කරුණු ය. ජීවිතයත් සමඟ බද්ධ නොවන කිසිදු කාරණාවක් නොමැත. ජීවිත යථාර්ථයන්ම ඔබ කරන කාර්යයන්ට ද ඈඳාගත් කල එහි කිසිදු වෙනසක් නොමැතිබව ඔබටම අවසානයේ පෙනෙනු ඇත. 

යමෙකු හට බවත්නා ධනය, බලය මත එම පුද්ලගයාගේ සමාජ තත්ත්වය මැනීමට නොහැක. තත්ත්වය යන්න විටින් විට වෙනස්වන සුළු කරුණක් බව සමාජ විද්‍යව තුළ පෙන්වා දෙනු ලැබේ. ඒ අනුව යමෙකු පොහොසත් වන්නේත්,  දුප්පත් වන්නේත්  ඒ ඒ පුද්ගලයා විසින් ගොඩනඟා ගන්නා දේවල් අනුවය . ඔබ අද දකින යථාර්ථය ඔබේ ආකල්ප සිතුවිලි අනුව නිර්ණය කරනු ලැබේ. එ් අනුව ඔබ එය 100%ක් නිවැරදි බව පිළිගනී. නමුත් රාමුවෙන් පිටත රැඳී සිටින්නෙකුට ඔබටත් ප්‍රථමයෙන්   ඔබේ අසාර්ථක ගමන පිළිබඳව හෝ යම් යම් තීරණයන්හි පවත්නා අර්බුදකාරී තත්ත්වයන්  පෙනිය හැකිය. මන්ද ඒ ඔහු ගොඩනඟා ගෙන පවත්නා යථාර්ථයයි නිසාය . 

සමස්තයක් වශයෙන් ගත්කල ජීවිතය තුළ මෙන්ම  තමන්ගේ ව්‍යාපාර දිවිය තුළත් තමන් කටයුතු කළ යුතු ආකාරය තීරණය වන්නේ තමන් විසින් ගොඩනඟා ගනු ලබන යථාර්ථය මත බව  සඳහන් කළ යුතුව ඇත. යමක් පිළිබඳව මනා දැකීමකට අත්දැකීම් විශාල පිටිවහලක් වේ. ඔබ සිද්ධාන්තමය වශයෙන් උගත් දෑට වඩා ඔබ ප්‍රායෝගිකව මුහුණ දෙනු ලබන දෑ හරහා ඔබට සිදුවීම්වල යථාර්ථය අවබෝධ කර ගනිමින් ඉදිරියට යාමට විශාල පන්නරයක් ලබා දෙනු ඇත. ඔබගේ ජයග්‍රහණය හා පරාජය ඇත්තේ ඔබ දරන යථාර්ථයේ සීමාව අනුවය. 

 

නවෝද්‍යා බණ්ඩාරමැණිකේ වික්‍රමසිංහ 

ප්‍රථමවසර 

සමාජ විද්‍යා පීඨය.