Image
ඉගෙනුම් ක්‍රියාවලිය වඩා ඵලදායීව සාර්ථකව සිදු කිරීමට නම්,ඒ සඳහා අප දවසේ කුමන කාලය යොදා ගන්නේද යන්න ප්‍රබල ව ඊට බලපානු ලබයි.පාඩම් කිරීම යනු අප ඉගෙන ගත් දේවල් මනසට ඇතුල් කිරීම, ඒවා නැවත මතකයට නගා ගැනීම,  ඉගෙනගත් කරුණු විවාද ශීලීව සැසඳීම,එමෙන්ම ඒවායේ නිසි අරුත්
මනාව අවබෝධ කර ගැනීම ,මනා තොරතුරු ගවේෂණය  මෙවැනි සමස්ත කොටස්වල සංකලනයක් පාඩම් කිරීම ලෙස අර්ථ දැක්විය හැකිය.අපට පාඩම් කිරීමට අපට ගැළපෙන සුදුසු ස්ථානයක් ,පාඩම් කිරීමට සුදුසු පරිසරයක්  උවමනා වෙනවා මෙන්ම  ඒ සඳහා අපට නිසි වේලාවක් පාඩම් කිරීමට සුදුසු වෙලාවක්  ද පැවතීම අත්‍යවශ්‍ය වේ.එය ඉගෙනුම් ක්‍රියාවලියෙහි සාර්ථකත්වයට ප්‍රබලව බලපාන බව හදුනාගෙන ඇත.අද වන විට ලෝකයේ සිදු කළ ඇති විද්‍යාත්මක පරීක්ෂණ,සම්පරීක්ෂණ හරහා එය විද්‍යාත්මකව  ඔප්පු වී ඇත.ඒ මන්ද කාලයත් පරිසරයත්  මිනිසාත් අතර එකිනෙකට පවතින අතිශය අන්‍යෝන්‍ය බන්ධනය හෙවත් සබැඳියාව නිසාවෙනි,සොබා දහමත් මිනිසාත් අතර ඇත්තේ, එකිනෙකට වෙන්කළ නොහැකි අතිශය බැඳීමකි.              
මිනිසා යනු ස්වභාවික පරිසරය මත නිමවූ අතිශය සොබාවික නිමැවුමකි.අපගේ ශරීර ක්‍රියාවලිය මනස ඉගෙනුමට කේන්ද්‍රීය බලපානු ලබයි.ඉගෙනුමට අදාල බොහෝ දේවල් අප සිදු කරන්නේ සිදු කරන්නේ මොළය මෙන්ම අප මනසෙහි මෙහෙයුම මගිනි.පරිසරයේ සිදුවන වෙනස්කම්වල බලපෑම මිනිසාගේ මොළයේ ද ඊට සමානුපාතිකව වෙනස්කම් ඇති කරයි.බාහිර පරිසරයේ කාලය මත වන ව්‍යුහමය බලපෑම,අප මොලයේ මොළයේ විවිධ රසායනික ද්‍රව්‍ය,හෝමෝන වර්ග උත්තේජනය කරන අතර,මොලයේ තරංග වල ආයාමයන්  පවා වෙනස් කිරීමට  බලපාන  අතර,මොලේ ක්‍රියාකාරීත්වයෙහි වේගවත් බව ,මොලයේ සක්‍රියතාවය අක්‍රිය තාවය තාවය කෙරෙහි ද කෙරෙහි ද ප්‍රබල කෙරෙහිද ප්‍රබලව බලපායි.කාලය මත සිදුවන සිදුවන පාරිසරික වෙනස්කම් ශරීර ක්‍රියාවලිය හා ඍජුවම බලපාන අතර,එමඟින් ශරීර ක්‍රියාවලියෙහි ස්වභාවිකව පිට අනුගාමී වෙනස්කම් ඇති කරයි.එම වෙනස්කම් ඉගෙනුම් ක්‍රියාවලිය කෙරෙහි ප්‍රබල ව ම බලපානු ලබයි.අධ්‍යනයෙහි නිරත වන ශිෂ්‍යයන්ගෙන්, පාඩම් කිරීමට වඩා ඵලදායී යෝග්‍ය කාලය කුමක්ද  ලෙස විමසූ කල ඔවුනට ඒ පිළිබඳව නිසි දැනුවත් බවක් නොමැති බවත්,තමා හුරුපුරුදු වූ අයුරින් ,පෙර තමා  හෙට හැඩගැසුණු අයුරින් තම පාඩම් කටයුතුවල නිරත වන බවට ඔවුහු පිළිතුරු දෙනු ලැබීය.
Image
මෙතැන් සිට වර්තමානයේ විද්‍යාත්මක පර්යේෂණ හා සංඛ්‍යානමය දත්ත මගින් ඔප්පු කරගෙන ඇති පාඩම් කිරීමට වඩා ඵලදායි කාලය කුමක්ද යන්න පිළිබඳ කෙරුණු පර්යේෂණ වාර්තාමය කරුණු අධ්‍යනය කරමු. ‍පාඩම් කරන වෙලාව ඒ ඒ පුද්ගලයා මත ප්‍රධානවම කේන්ද්‍ර වන බව හඳුනාගෙන ඇත.සමහර පුද්ගලයන් පාඩම් කිරීමට උදෑසන කාලය තෝරා ගන්නා අතර සමහර පුද්ගලයන් දහවල් කාලයත් සමහර පුද්ගලයන් රාත්‍රී කාලයත්,අභිරුචිය මත තෝරා ගෙන ඇත.බොහෝ සිසුන් තම හුරු හුරුපුරුදු බව මත කලක සිට පුරුදු වූ අයුරින්,ඔවුන් පාඩම් කිරීමෙහි නිරත වන බව හඳුනාගත හැකි විය.
නමුත් වර්තමාන පර්යේෂණ මගින් සොයාගෙන ඇත්තේ ඒ නිසා මිනිසාගේ ජානමය පදනම පරිසරය හා කාලය අතර  ප්‍රබල සබඳතාවක් ඇති බවයි.අපගේ ශරීරය තුළ ජීව විද්‍යාත්මක  ඔරලෝසුවේ පදනම සැකසී ඇත්තේ,පරිසරයත්,කාලයත්,මිනිසාත් අතර එකිනෙක අන්‍යෝන්‍ය වශයෙන් සබදතාවය ආරක්ෂා කිරීමට උපකාර වන ලෙසිනි.බාහිර පරිසරයේ වෙනස්වීම් මත සර්කැන්ඩියානු රිද්මය මෙහෙය වීම සිදු වේ.පුද්ගලයකුගේ ශරීර ක්‍රියාකාරීත්වයෙහි ක්‍රියාශීලී බව ,සක්‍රීය බව අක්‍රිය බව ප්‍රධාන වශයෙන් පාලනය කරන්නේ ශරීරය තුළ ක්‍රියාත්මක වන ජීව විද්‍යාත්මක ඔරලෝසුවයි.සමස්ථ ශරීරය පාලනය කිරීමේ හැකියාව මෙම ජීව විද්‍යාත්මක ඔරලෝසුව සතුව පවතී.විද්‍යාඥයන් දක්වන පරිදි මෙම ජීව විද්‍යාත්මක ඔරලෝසුව අප ශරීර ක්‍රියාවලියට ප්‍රභලව ප්‍රබල ව සම්බන්ධ වන නිසාවෙන්,අපගේ අධ්‍යන කටයුතු සඳහා හිතකර වෙලාව හඳුනා ගැනීමට ජීව විද්‍යාත්මක ඔරලෝසුවට අනුව කටයුතු කිරීම වඩා හිතකර බව දක්වයි.ඊට අනුව කටයුතු කිරීම අපේ අධ්‍යන කටයුතු සාර්ථකත්වය කෙරෙහි මනා උපකාර වන බව හඳුනාගෙන ඇත.ඉගෙනීමට වඩා හිතකර කාල පරිච්ඡේදයක් ලෙස උදෑසන කාලය දක්වයි.අතීතය පිළිබඳ අවධානය යොමුකරන කළ බ්‍රහ්ම මූර්තය ලෙස උදෑසන කාලය හඳුන්වා ඇත.බොහෝ වැඩකටයුතු ඔවුහු ආරම්භ කළේ උදෑසන කාලයේය.පැරැන්නන් බ්‍රහ්ම මූර්තය ගැනීමට වඩා සුදුසු කාලය ලෙස අර්ථ දක්වන ලදී.අද විද්‍යාත්මක තර්ක මගින් උදෑසන කාලය වඩා ඉගෙනීමට හිතකර බව සොයා ගත්තද,අතීතය පිරික්සන කළ විද්‍යාත්මක දැනුම සුමට ලෙස නොවූ පැරැණ්නන් පවා උදෑසන කාලයේ අධ්‍යන කටයුතු සඳහා සුදුසු කාලයෙන් ලෙස තෝරාගෙන තිබුණි.
වර්තමානයේ පර්යේෂණ මගින් සොයාගෙන ඇති ආකාරයට මොළයේ කරුණු තැන්පත් කර ගැනීමේ ධාරිතාව උදෑසන කාලයේ ඉතා ඉහළ අගයක පවතින බව හඳුනාගෙන ඇත.ඔවුන් ඒ සඳහා අධ්‍යයනයක් සිදුකර ඇති අතර උදෑසන කාලය දරුවන් පාඩම් මතක් කිරීමේ ශීඝ්‍රතාවය මෙන්ම පිළිතුරු සැපයීමේ ශීඝ්‍රතාවය ද දවසේ අනෙක් කාලයන් සමග සසඳන කල ඉතා ඉහළ අගයක් උදෑසන කාලය පවතින බව හඳුනා ගෙන ඇත.තවත් පර්යේෂණ වාර්තාවක් මගින් හඳුනාගෙන ඇති ආකාරයට රාත්‍රී ප්‍රබෝධවත් නින්දකින් පසු පාඩම් කියවීමේ හා මතකය රඳවා ගැනීමේ ධාරිතාවය  ඉහළ අගයක පවතින අතර,මනසේ සැහැල්ලු භාවය මෙන්ම විචක්ෂණශීලීභාවය උදෑසන කාලයේ උපරිමයක් විට පවතින බව හදුනාගෙන ඇත.උදෑසන කාලයේ මොලේ තරංගවල ත්‍රීවතාවය වැඩි වන අතර,එහි ප්‍රතිඵලයක් ලෙස ඉගෙන ගන්නා දේවල් නැවත මෙනෙහි කිරීමට,මතකය තැන්පත් කර ගැනීමේ වේගය වැඩි බව හඳුනාගෙන ඇත.බාහිර පරිසරයේ පවතින ආලෝකමත් බව ද මීට හේතු විය හැකි බවද හඳුනාගෙන ඇති අතර,එම කාලය අප නැවත නින්දක් සඳහා මෙන්ම ශරීරයේ  ඇති කිරීමට අසමත් කාල පරිච්ඡේදයක් බවට උදෑසන කාලය හඳුනාගෙන ඇත.උදෑසන කාලය යනු මිනිසා සක්‍රීය භූමිකාවක නිරතවන හෝරාවක් වන අතර එම කාලය පාඩම් කිරීමේ නිරත වන දරුවන්ට වඩා යෝග්‍යතම කාලපරිච්ඡේදයක් වන බව හඳුනාගෙන ඇත.වර්තමානයේ ගැඹුරු විෂයයක් ලෙස සැලකෙන ගණිතය විද්‍යාව විෂයයන් ඉගැන්වීමට පවා යොදාගන්නේ උදෑසන කාලයයි.උදෑසන කාලය නව නියායන් ඉගෙනීමට නව දැනුම් දැනුම ගවේෂණය කිරීමට වඩා සුදුසු බව හඳුනාගෙන ඇත.උදෑසන කාලය ඉගෙන ගන්නා දරුවාට හොඳ මතක ශක්තියක් ලබා දෙන අතර ධාරණය කර ගැනීමේ වේගය ඉතා ඉහළ අගයක පවතින අතර ඊට සමගාමීව අප ශරීර                සක්‍රීයත්තවය ද නොමදව ලැබෙන නිසා ගැනීමට වඩා සුදුසු කාල පරිච්ඡේදයක් ලෙස කාලය හඳුනාගෙන ඇත. 
Image
Image
Image
Image

උදෑසන කාලයේ අපේ මොළයට ලැබෙන රුධිර රුධිරය ගලායාමේ ශීඝ්‍රතාවය ඉතා වැඩි අතර එම නිසා පහසුවෙන් යම් යම් දේවල් ඉගෙන ගැනීමේ හැකියාව නව නියායන්  අත්හදා බැලීමේ හැකියාව උපරිම පුද්ගලයෙකුට පවතින බව හඳුනාගෙන ඇත.නව අධ්‍යන වාර්තා වලින් හඳුනාගෙන ඇත්තේ දවසේ එකම වෙලාවක පාඩම් කිරීමට යොදා වීමට හුරු වීම, කාලයත් සමඟ මනස ඊට අනුරූපීව පුරුදු වන බවයි.ශරීර ක්‍රියාකාරිත්වය හා මොලයේ ක්‍රියාකාරිත්වය වඩා ගුණාත්මක තත්වයක පවතින කාල පරිච්ඡේදයක් තෝරා ගැනීම වඩා සාර්ථක ඉගෙනුමකට උපකාර වන බව හඳුනාගෙන ඇත.උදෑසන කාලයේ පාඩම් කිරීමේ නිරත වන දරුවන්,දහවල් කාලයේ හා රාත්‍රි කාලයේ පාඩම් කරන දරුවන්ට සාපේක්ෂව අවධානය වෙනතකට යොමු වීමේ සම්භාවිතාව අඩු බව හඳුනාගෙන ඇත.ඊට හේතුව ලෙස දක්වන්නේ උදෑසන කාලයේ මොළයේ සක්‍රීය ක්‍රියාකාරීත්වයත් පැවතීම නිසා අප පූර්ව මොලයේ ලලාට ඉතා ක්‍රියාකාරී කාල පරිච්ඡේදයක් ලෙස උදෑසන කාලයේ හැඳින්විය හැක.උදෑසන කාලයේ පාඩම් කිරීම මොලයේ මොළයේ ශක්ති මට්ටමේ උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි බව පර්යේෂණ වාර්තා මඟින් හඳුනාගෙන ඇත.තවද උදෑසන කාලය මනසේ නැවුම් බව  කාල පරිච්ඡේදයක් වන බැවින්,මනසේ සැහැල්ලු භාවය හා ක්‍රියාකාරී භාවය පවතින හෙයින් උදෑසන කාලය පාඩම් කිරීමට වඩා යෝග්‍යතම කාල පරිච්ඡේදයක් බව හඳුනා හඳුනාගෙන ඇත.නව අධ්‍යනවලින් හඳුනාගන ඇති හඳුනාගෙන ඇති ආකාරයට,උදෑසන සූර්යාලෝකය සෙරටොනීන් නිෂ්පාදනය වැඩි කිරීමට උපකාරී වන අතර,එය පුද්ගලයාගේ මනෝභාවයන් ස්ථාවර කිරීමට උපකාර වන බව හඳුනාගෙන ඇත.අධ්‍යනය වලින් හඳුනාගෙන ඇත්තේ සෙරටොනින් ගැනීමේ සහ මතකය සඳහා ඉතා වැදගත් භාරයක් ඉටුකරන බවයි.පාඩම් කිරීමේදී අප මනෝභාවයන් ස්ථාවර මට්ටමක පැවතීම අත්‍යවශ්‍ය වේ.  පාඩම් කිරිම සඳහා සුදුසු කාල පරිච්ඡේදයක් ලෙස උදෑසන කාලය දැක්විය හැකිය.

උදෑසන කාලයේ රුධිරයේ උත්තේජන හැකියාව වැඩි බව හඳුනාගෙන ඇති අතර,නව කරුණු ඉගෙනීමට හා මතක ට ඇතුළත් කර කරගැනීමේ ධාරිතාවය වැඩි බව හඳුනාගෙන ඇත.උදෑසන කාලය පුද්ගලයෙක්ම නිදිමත දැනීමේ  සම්භාවිතාවය අඩු මට්ටමක පවතින බව හඳුනාගෙන ඇත. 
අප පාඩම් කරන කරුණු වලින් 80% ක පමාණයක් පමණ මොළයට ධාරණය කර ගැනීමේ හැකියාව උදෑසන කාලයේ පවතින බව හඳුනාගෙන ඇත.නමුත් රාත්‍රිය වන විට එම ග්‍රහණය කර ගැනීමේ කර ගැනීමේ ධාරිතාවක් කෙමෙන් කෙමෙන් අඩු වන බව හඳුනාගෙන ඇත.උදෑසන කාලය මොලයේ ක්‍රියාකාරීත්වය උපරිම මට්ටම පවතින බව හඳුනාගෙන ඇත.රෙඩ්බෝත් විසින් සිදුකරන ලද අධ්‍යනයක් මගින් හඳුනාගන ඇත්තේ උදෑසන 8-11 අතර කාල පරිච්ඡේදය ඉගෙනීමට වඩා ඵලදායි වන බවයි.උදෑසන 11  පසුව පුද්ගලයෙක්ගේ  අවධානය යොමු කිරීමේ මට්ටමේ ඵලදායිතාවය ක්‍රමයෙන් අඩු වන බව හඳුනාගෙන ඇත.උදෑසන කාලයේ නැවුම් බවක් ජවසම්පන්න බවක් පැවතීම ධාරණය කරගැනීමේ හා මතකය ශක්තියට උපකාර වන බව හඳුනාගෙන ඇත.
THE POWER OF WHEN නම් කෘතියෙන්  වෛද්‍ය මයිකල්  දක්වන්නෙ උදෑසන කාලයෙහි පාඩම් කිරීම නිර්මාණාත්මක කාර්යක්ෂමතාවය හා සාර්ථකත්වයට හේතු වන බවයි.උදෑසන කාලයේ පාඩම් කිරීම නිසාවෙන් ,එම කරුණු  රාත්‍රී කාලයේදී මනා තැන්පත්වීමේ ක්‍රියාකාරීත්වයක් සිදුවන බවද බව ද හඳුනාගෙන ඇත.නව නියායන් ඉගෙනීමට සංකීර්ණ සංකල්ප ග්‍රහණය කර ගැනීමට කර ගැනීමට බොහෝවිට හොඳම කාලය උදෑසන කාලයේ බව දක්වා ඇත.උදෑසන  හිරු ගෙන් ලබන ස්වභාවික සූර්ය රශ්මිය මඟින් අපගේ අවදි බව මෙන් ම අවධානය මනාව  පවත්වාගැනීමේ හැකියාව නොමදව ලැබෙන බව හඳුනාගෙන ඇත.උදෑසන කාලය විවේචනාත්මක චින්තනය හා විශේෂ කුසලතා වර්ධනය කිරීමට උපකාර වන කාලපරිච්ඡේදයක් වන අතර මෙම කාලය තුළ ඔබ ලබා ගන්නා ඕනෑම නව තොරතුරක් ඒකාබද්ධ කිරීමට සහ සැකසීමට මොළයට ඉතා කර ක්ෂම සිදුකරන බව හඳුනා හඳුනාගෙන ඇත. 
උදෑසන කාලය කාලයේ අප ඉගෙන ගත් දේ ඉතා ඉක්මනින් රඳවා ගැනීමට එවන් මෙනෙහි කිරීම ඒවා හොදින් විශ්ලේෂණය කර ගැනීමේ හැකියාව නිරන්තර පවතින කාල පරිච්ඡේදයක් බවට හඳුනාගෙන ඇත.උදෑසන කාලය උපරිම දෘශ්‍ය මතකයක් තිබෙන බවට හඳුනාගෙන ඇත.මෙම කාල පරිච්ඡේද සිසුන්ගේ අවධානය යොමු කිරීමේ තීව්‍රතාවය ඉතා ඉහළ මට්ටමක පවතින බව හඳුනාගෙන ඇත.විද්‍යාවට අනුව නව ගවේෂණ කිරීමට සුදුසු කාල පරිච්ඡේදයක් ලෙස උදෑසන කාලය දක්වයි.උදෑසන කාලේ පාඩම් කිරීමට ප්‍රබෝධමත් හා ජවසම්පන්න බවකින් කටයුතු කිරීමේ හැකියාව ලැබේ.පසුදින රාත්‍රියේ හොඳ නින්දක් ලබා ගැනුම නිසා ප්‍රබෝධමත් භාවයට පත්ව ඇති මොළයට තොරතුරු අවශෝෂණය කර ගැනීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතින බව හඳුනාගෙන ඇත.විශ්ව විද්‍යාලයක කරන ලද අත් අධ්‍යන මගින් වාර්තා වී ඇත්තේ උදෑසන 8-10 අතර කාල පරාසය තුළ එහි සිසුන් ඉතා උද්යෝගී ලෙස ගැනීමෙහි නිරත වන බවයි.(Nathalie fry science and technology.april 11,2017) උදෑසන කාලය මොළයට කරුණු ග්‍රහණය කර ගැනීමේ හැකියාව වැඩි බව හඳුනාගෙන ඇත.
උදෑසන කාලයේ මොළයට ඔක්සිජන් සැපයීමේ ධාරිතාවය ධාරිතාවය ඉහළ මට්ටමක පවතින අතර,එමනිසා මොළයෙහි මනක් සක්‍රිය ක්‍රියාකාරීත්වයක් සිදු වන බව හඳුනාගෙන ඇත.නින්දට පෙළඹවීම අඩු කාලයක් වන උදෑසන කාලය පුද්ගලයා සක්‍රිය භූමිකාවක නිරත වන බැවින් උදෑසන කාලය පාඩම් කිරීමට උචිත කාලයක් ලෙස වෛද්‍යවරුන් දක්වයි.නිර්මාණාත්මක චින්තනය සඳහා උදෑසන කාලය වඩා යෝග්‍ය බව හඳුනාගෙන ඇති අතර,උදෑසන ලබන හිරු රශ්මිය අවධානයට උපකාරී වන බව ද හඳුනාගෙන ඇත.උදෑසන කාලයේ පාඩම් කිරීම රාත්‍රියට නිදා ගැනීම සිදුකිරීම ස්වභාවිකව සර්කන්ඩියනු ආරක්ෂා කරගැනීමට හැකි වන නිසාවෙන් පාඩම් කිරිමෙ කිරිමේ කටයුතුවලට සුදුසු නිරෝගී සිරුරක් උරුම කරගත හැකි වනු ඇත.අද වන විට විවිධ පර්යේෂණ හරහා විවිධ නිගමන හරහා පැමිණි තර්කය වන්නේ උදෑසන කාලය පාඩම් කිරීමට වඩා යෝග්‍ය වන බවයි.
පාඩම් කිරීම යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට එකිනෙකට වෙනස් වූ ක්‍රමවේදයක් මත සිදුවන්නකි.උදෑසන කාලය පාඩම් කිරිම සෑම පුද්ගලයෙකුට උචිත නොවිය හැක.මෙය විද්‍යාත්මකව සොයාගත් නිගමනයක් මිස,එය පුද්ගල බද්ධ වූවකි.කෙනෙකුට තවම දීර්ඝ කාලයක තමා දීර්ඝ කාලයක සිට පුරුදු පුහුණු කළ
ක්‍රමවේදය ඔවුන්ට  සුදුසු විය හැකිය.නමුත් අද වන විට වෛද්‍ය විද්‍යාත්මකව ජීව විද්‍යාත්මකව සොයාගෙන ඇති ඉතා සාර්ථක ක්‍රමවේදයක් ලෙස පාඩම් කිරීමට උදෑසන කාලය ඉතා උචිත බව සොයාගෙන ඇත.මෙවැනි සොයාගත් නව ක්‍රමවේද මත අප අධ්‍යාපන කටයුතු මෙහෙයවීම අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයේ උපරිමය දක්වා ගමන් කිරීමේ ඵලදායි ප්‍රවේශය ප්‍රවේශයක් වනු නොවනුමානය.
පී.එස් .නේෂලා
දර්ශන අධ්‍යයන අංශය
විශේෂවේදී දෙවන වසර
සමාජීය විද්‍යා  පීඨය