මේ දිනවල විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳ සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකාව නම් නවකවදයයි. නවකවදය ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව වැනි රටවල අධ්‍යාපන ආයතනවල උපසංස්කෘතියේ එන අංගයක් ලෙස පවත්වාගෙන යයි. මෙය ලෝකයේ වෙනත් රටවල විවිධ නම්වලින් හඳුන්වාදෙමින් ක්‍රියාත්මක වේ. පෘතුගාලයේ praxe, ප්‍රංශයේ bizutage හා උතුරු ඇමරිකාවේ hazing යන නම්වලින් මෙය හැඳින්වේ. සරලව ගත් කළ නවකවදයේදී සිදු වනුයේ ඉගෙනුම් ආයතනයක ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කණිෂ්ඨ සිසුන්ව කායිකව හා මානසිකව වදහිංසාවට ලක් කිරීමයි. වර්තමානයේ මේ සඳහා දැඩි නිතී රීති නිර්මාණය කර ඇත. නවකවදය සිදු කරන්නන් වෙත පනවා ඇති නිතී රීති දෙස බැලූ විට ශිෂ්‍යභාවය වසර කිහිපයකට අහෝසි කිරීම හෝ විශ්වවිද්‍යාල උපාධිය ලබා ගැනීම අත්හිටුවීම, විශ්වවිද්‍යාලයෙන් නෙරපීම, උසාවිය හරහා වසර 10 ක සිරදඬුවම් ලබා දීම වැනි ක්‍රියා අන්තර්ගත වේ. නිතිරීතී පැන වූ පමණින් නවකවදය නැවැත්විය හැකිද යන්න අප ඇසිය යුතුය. ලෝකයේ අපරාධකරන්නන් සඳහා කෙතරම් නිතිරීති ඇති කර තිබුණද, ඒවාට දඬුවම් ලබා දුන්නද තවමත් ලෝකයේ අපරාධ සිදු වේ. එලෙසම නවකවදය සඳහා
දින මාස ගණන් ගෙවී 2022 වසරට සමු දී 2023 වසරට පා තබන්න මුළු ලොවම ලහි ලහියේ සුදානම් ය. අලුත් බලාපොරොත්තු කරපින්නාගෙන ජිවීතයේ තවත් පියවර රැසක් ඉදිරියට යන්න කැලැන්ඩයෙන් තවත් දින තුන්සිය හැට පහක් අපට ලැබෙන්නට නියමිතය. 2022 වසරේ උගත් පාඩම් වලින් හා අත්දැකීම්වලින් ජිවිතයේ අඩු පාඩු සකසා ගෙන නව ගමනක් යන්නට මෙය හොඳ ආරම්භයකි. ගත වූ 2022 වසර ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථික, දේශපාලන, ආගමික හා සමාජීය වශයෙන් විවිධ හැලහැප්පීම් හා දරුණු කඩාවැටීම් හමුවේ මුහුණ දුන් වසරකි. කොවිඩ් වසංගතය හා ආර්ථිකයේ ඇති වූ කඩා වැටීම ජන ජීවිතයේ නොයෙකුත් වෙනසක්ම සඳහා මුල් පිරීය. මින් අධ්‍යාපනයට සිදු වූ හානිය වචනයෙන් විස්තර කළ නොහැකිය. ජන අරගල හා කොවිඩ් වසංගතය හමුවේ පාසල් වසා තැබීම්, විශ්වවිද්‍යාල වසා තැබීම්, විභාග කල් තැබීම් හා මාර්ගගත අධ්‍යාපනය නිසා ඇති වූ කායික හා මානසික ගැටලු මෙන්ම ආහාර අර්බුදය යනාදී නොයෙක් පැති අධ්‍යාපනයේ බිඳ වැටීමට හේතු විණි.
ආදරයට, ප්‍රේමයට අප කවුරුත් කැමතිය. ආදරය ලබන්නෝත් ආදරය නොලබන්නොත් මෙලොව සිටිති. ආදරය ඇත්තේ විඳින්නට ය. තව කෙනෙකු හා බෙදා ගන්නටය. එය විටක මිහිරිය. සුන්දරය. සතුට උපදවන සුළුය. එය හිංසාවෙන් තොරය.
හිංසාවකින්, පීඩනයකින් තව කෙනෙකු දිනා ගත හැකි ද? ආදරය බෙදනවා යන මුවාවෙන් හෝ රැකගන්නවා යන මුවාවෙන් තව කෙනෙකු පීඩාවට, බලපෑමකට ලක් කර ඉන් ආදරය දිනා ගත හැකිද? යන්න අප සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතුය. අපට ආදරය ඉගෙනගත හැක්කේ ආදරය කිරීමෙන් ම පමණි. ජිවිතය මලක් නම් ආදරය මලෙහි
ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් පළමු වැනිදාට යෙදී ඇත. ඒඩ්ස් ලෝකයෙන් සඳහටම තුරන් විය යුතු නමුත් එය එසේ නොවී තිබීම මුළු මහත් මානව සංහතියේම පැවැත්මට තර්ජනයක් වී තිබේ. වසරින් වසර විවිධ තේමාවන් යොදාගෙන ඒඩ්ස් පිළිබඳ සමාජය දැනුවත් කළද ඒඩ්ස් රෝගීන්ගේ වාර්තා වීම ඉහළ යමින් තිබීම කණගාටුවට කරුණකි. 2022 වසරේ ඒඩ්ස් දිනය සැමරුමේ තේමාව වනුයේ "සමානාත්මතාව සුරකිමු" යන්නයි.මෙම සමානාත්මතාවය සුරකිමු යන තේමාව ඔස්සේ ඒඩ්ස් අසාදිත පුද්ගලයින්ට සමාජයේ වෙනසක් නොකර සැලකීම පිළිබඳ අවධාරණය කරන අතර ඔවුන්ගේ ඉදිරි පැවැත්ම සාර්ථක කරගැනීමට උදව් උපකාර කිරීම අරමුණ වේ. ශ්‍රී ලංකාවේ මේ වසරේ මුල් මාස නවය තුළ එච්.අයි.වී ආසාදිතයින් හාරසියයකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර තමන්ට ඒඩ්ස් අසාදනය වී තිබෙන බව නොදැන සමාජයේ සැරිසරන සංඛ්‍යාව හත්සියයකට වැඩි ප්‍රමාණයක් සිටී. මෙය ඉතාම භායානක තත්වයයකි. මෙරට තරුණ ප්‍රජාව අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම වේගයෙන් ඉහළ යමින් පැවැතීමත් ඒ අතර වයස අවු.15-35ත් අතර තරුණ ප්‍රජාව 35%ක් වීමත් ඉතාම භායානක තත්වයකි. ආර්ථිකය අතින් මහත් කඩාවැටීමකට ලක් වී තිබෙන රටක තරුණ ප්‍රජාව තුළ මෙවැනි බරපතල රෝග තත්වයන් ව්‍යාප්ත වීම සමස්ත සමාජයම මුහුණ දෙන දැඩි අවධානමකි.
රෝස මලට අපි කවුරුත් කැමතිය. ආදරේය. රොස මලක් තලන්නට, පොඩි කරන්නට අකමැතිය. හරවා හරවා ඒ මලේ සුවඳ විඳින්නට, හැඩ රුව විඳගන්නට අප කැමතිය. රෝස මල පරිසරය සුවඳවත් කරනවා මෙන්ම අලංකාරවත් කරයි. මේ රෝස මාසයේ රෝස මල යනුවෙන් කුමක් අදහස් වේ ද? ඒ ලෝක ළමා දිනයයි. ළමයින් වෙනුවෙන් වෙන් වූ ලෝක ළමා දිනය සැමරුවේ ඔක්තෝම්බර් පළමු වැනිදාය. ලෝක ළමා දිනය සැමරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමායි. 1857 දී සමාජයේ පැවැත්ම සඳහා අනාගත මානව ලෝකයට පුරවැසියන් වශයෙන් ඒකරාශී වන දරුවන් රැකගැනීම හා ඔවුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය ප්‍රථම වරට යොමු කළේ ඔහුය. එබැවින් ඔහු එදින රෝස දිනය ලෙස නම් කළේය.
අධ්‍යයන නිවාඩුව ආරම්භ වීමත් සමඟ විද්‍යාර්ථීන් ලහි ලහියේ විභාග කටයුතු සඳහා සූදානම් වන බව පෙනේ. අධ්‍යයන නිවාඩු කාලසීමාව තුළ දින දා හතරක කාලයක් විද්‍යාර්ථීඉන්ට විභාගය සඳහා සූදානම් වීමට ලැබෙන අතර දෙසැම්බර් පළමු සතියේ සිට සිට විභාග කාල සටහන ආරම්භ වේ. විවිධ පැවරුම් හා දේශනා මාලා අතර සිරවී සිටී විද්‍යාර්ථීන්ට මේ ලැබෙන දින දා හතරක කාල සීමාව ගත කළ ඒකාකාරී කාර්යබහුල ජීවිතය තුළ ලැබුණු මඳ විරාමයක් සේ ද ගත හැකිය. නමුත් එක දිගට දේශන සඳහා සම්බන්ධ වී සිටී විද්‍යාර්ථීන්ට ලැබෙන මෙම අධ්‍යයන නිවාඩුව පාසල් නිවාඩු කාලය මෙන් කෙළි දෙලෙන් ගත කිරීමට නොහැකි බව ද සිහි තබා ගත යුතුය.
සෑම වසරකම සැප්තැම්බර් මාසය එළඹෙනුයේ "සාහිත්‍ය" යන නමත් පටබැඳගෙනය. ඒ වසරේ සෑම සැප්තැම්බරයක්ම සාහිත්‍ය වෙනුවෙන් වෙන් කර තිබීම නිසාය. සාහිත්‍යය වෙනුවෙන් වෙනම මාසයක් වෙන් කිරීමට අවශ්‍ය ද යන්න පිළිබඳ විචාරකයින් අතර කුමන මතවාද තිබුණත් වර්තමානයේ එය මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසය ගැන කතා කරන විට අපට සිහි වනුයේ පොත් ප්‍රදර්ශනයයි. පොත් කියවීමට හා ලිවීමට කැමති සියල්ලන්ටම විවෘත මෙම පොත් ප්‍රදර්ශනය මේ වසරේත් උත්කර්ෂයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ දින කිහිපයක් පුරා පැවැත්විණි. එක් අතකට එක තැනකින් අවශ්‍ය පොත් පත් මිලදී ගැනීමට මෙවැනි ප්‍රදර්ශන තිබීමත් පාඨකයින්ට පහසුය.
සාහිත්‍ය මාසය යනු පොත් ප්‍රදර්ශනය පමණක් නොව ඊට එහා ගිය පුළුල් පරාසයක විහිදුණු වැඩකටයුතු රැසක් සිදුවන මාසයකි. හොඳම පොත් ප්‍රකාශකයින්, කර්තෘවරු, වසරේ හොඳම කෙටි කතා සංග්‍රහය, වසරේ හොඳම නවකතාව යනාදී වශයෙන් සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් කැපවෙන විද්වතුන්ට සම්මාන ලබා දීමත් , විවිධ කර්තෘ හා පාඨක සුහද හමු පැවැත්වීම, සහිත්‍යමය සාකච්ඡා මණ්ඩප, සිනමා ප්‍රදර්ශන හා විචාරක වැඩසටහන්, සහිත්‍ය තරඟ පැවැත්වීම යනාදිය මීට නිදසුන් වේ .මේ කාලය වන විට ලංකාවේ විශ්වවිද්‍යාලවල, පාසල්වල සාහිත්‍ය උත්සව, ඔන්ලයින් සාකච්ඡා,වේදිකා නාට්‍ය පෙන්වීම වැනි කලාත්මක මුහුණුවර ගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනු දැකිය හැකිය.
පාසලක වුවද විශ්වවිද්‍යාලයක වුවද ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුල් වී මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ඔවුන්ගේ නායකත්ව කුසලතා, සහයෝගය, එකමුතුකම, ඉදිරිපත් වීමේ කුසලතා යනාදී හැකියාවන් වර්ධනය වෙනවා පමණක් නොව ලිවීමේ, කියවීමේ හා රංගනයේ රුචිය වැඩි වීම ද, සාහිත්‍ය ලෝකයේ විශිෂ්ට පුද්ගලයෙකු වීමේ උනන්දුව ද ඇති වේ. කුමන හෝ මාසයක් තෝරාගෙන මෙවැනි වැඩසහන් කිරීමේ වටිනාකම අනාගත පරපුර සාහිත්‍ය ලෝකයේ උන්නතිය උදෙසා පරිස්සමින් සකස් කිරීමයි. කිසිවක් නොකර සිටිනවාට වඩා කළ හැකි පුංචි යමක් වේද ඒ දේ හරියට කිරීම තුළින් විද්‍යාර්ථීන්ගේ අත්දැකීම, සම්බන්ධතා හා දැනුම වැඩි වීමට හේතු වේ. එබැවින් සහිත්‍ය මාසයම පමණක් නොව වසරේ අනෙක් මාසවලත් ඔබගේත්, සමාජයේත් උන්නතිය වෙනුවෙන් කාලය වෙන් කරගෙන සහිත්‍යයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ යුතුය. ඒ අනුව යහපත් සමාජයක් බිහි වනුයේ යහපත් සාහිත්‍ය ඇසුරකින්ය. ඒ යහපත් ඇසුර නිර්මාණය කිරීම ඔබ අප සැමගේම වගකීමය.
සංස්කාරක